විශේෂඥයන්ට අනුව සම ලස්සන කරන රහස් ඩයට් වර්ග 8 ක්

අපගේ සමට සුන්දර සහ නිරෝගී පෙනුමක් ලබා දීමට මේකප් කිට් සිය ගණනක් මිලට ගන්නවා. මේ සඳහා අපි වැය කරන මුදල සිතාගත නොහැකියි. මිලෙන් වැඩි රූපලාවන්‍ය ආලේපන භාවිතා නොකර සම මත ඇති හයිපර්පිග්මන්ටේෂන් තත්ත්ව,  කුරුලෑ, රැළි මෙන්ම වියළි සමද ඉවත් කිරීමට හැකියාව පවතින බව 2005 දී ඇමරිකානු චර්ම රෝග විශේෂඥයින් සොයා ගෙන තිබෙනවා. ඔයා කරන්න ඕනි එකම දේ සාමාන්‍ය ආහාර වේලට ආහාර විශේෂ කීපයක් එක්කර ගැනීම පමණයි.

රූපලාවණ්‍ය චර්ම රෝග විද්‍යාවට අනුව සමබර ආහාර වේලක් සඳහා ලබා දී ඇති නිර්දේශ එනම් පුහුණුව සහ මූලධර්ම මෙහි දක්වා තිබෙනවා. ඔයාට අයෙමත් කන්සීලර් එක අවශ්‍ය වෙන්නේ නැහැ.

01. වර්ණක ලප

බලපාන හේතු:

හයිපර්පිග්මන්ටේෂන්, ශරීරයේ විටමින් ඌනතාවයක් (විශේෂයෙන් බී 12) හඟවන දර්ශකයක් වීමට ඉඩ තිබෙනවා. සත්ව සම්භවයක් පවතින කෑම වර්ග වල මෙම විටමින් බහුලව පවතිනවා. මාංශ වර්ග නොමැතිව මෙම වර්ණක ලප ඉවත් කර ගැනීමට නිසි ආහාර වේලක් අනුගමනය කල යුතුයි.

කළ යුත්තේ කුමක්ද:

සම මතුපිට දක්නට ලැබෙන වර්ණක ලප ඉවත් කර ගැනීම සඳහා විටමින් ඊ සහ සී, මිදි ඇට සාරය සහ එලාජික් අම්ලය වගේ  ප්‍රතිඔක්සිකාරක භාවිතා කල හැකියි. මෙම සංයෝග දෙළුම්, ස්ට්‍රෝබෙරි, පැඟිරි, කිවි සහ  තක්කාලි වලින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.

හිරු එළිය සමෙහි පතිත වන ආකාරයට දීර්ඝ කාලයක් ගත කළවිට වර්ණක ලප පෙනෙන්න ගන්නවා. ඔයාගේ සම පාරජම්බුල කිරණවලින් රැකගන්න නම් ප්‍රතිඔක්සිකාරක සුලභව අඩංගු වන ජම්බල, අන්නාසි, බෙරි, මිරිස් කරල්, බ්‍රසල්ස් දළු, ගෝවා, නිවිති සහ බක්වීට් තිරිඟු ආහාරයට එකතු කරගන්න.

02. තෙල් සහිත සම

බලපාන හේතු:

ග්ලයිසමික් ​​දර්ශකය වැඩි අගයක් ගන්නා ආහාර හේතුවෙන් මේද්‍යෝවාහී ග්‍රන්ථිවල එලදායිතාව වර්ධනය වෙනවා. මෙහි ප්‍රතිඵලය මොයිස්චරයිසින් කළ යුතු සම මත තෙල් නිෂ්පාදනය වීමයි. සම මත තෙල් සහිත දිලිසීමක් ඇති විය වන්නේ මේ නිසයි.

කළ යුත්තේ කුමක්ද:

තෙල් සහිත දිලිසීම නැති කර තාවකාලික විසඳුමක් ලබා දීමට රූපලාවන්‍ය ආලේපනවලට පුළුවන්. නමුත් විටමින් A සුලභව අඩංගු වන ආහාර වේලක් මඟින් නිපදවෙන තෙල් මට්ටම සැලකිය යුතු තරම් අවම කරවනවා. ඒ විතරක් නෙවෙයි, මෙම  ආහාර ඇත්තටම ප්‍රණීතයි වගේම ඉතා සරලයි – කැරට්, වියළි ඇප්රිකොට්, අඹ, බිත්තර කහ මදය, නිවිති සහ බතල ටිකක් එක්කරගන්න.

ග්ලයිසමික් ​​දර්ශකය ඉහළ යාමත් එක්කම ආහාර ගැනීමත් අවම කිරීමට අවශ්‍යයි. සාමාන්‍ය පාන්, අර්තාපල් සහ මෘදු තිරිඟු වලින් නිෂ්පාදිත මැකරෝනි අඩුවෙන් ආහාරයට ගන්න. මේ ආකාරයට සිදු කිරීමෙන් ඔයාට තිබුණ සම ආශ්‍රිත ගැටළු ඉක්මනින්ම අමතක වී යාවි.

03. ඇක්නි

බලපාන හේතු:

මේ සඳහාද වැරදිකරු වන්නේ ග්ලයිසමික් ​​දර්ශකය ඉහළ අගයක පවතින ආහාරයි. තෙල් සහිත සමක් තියෙන අය එම ප්‍රශ්නයෙන් වැඩිපුර පීඩා විඳින්නේ මේ නිසයි. 

මේද්‍යෝවාහී ග්‍රන්ථි වඩා ක්‍රියාකාරී වී, සම මත ඇති කුඩා සිදුරු අවහිර වීමට හේතු වන අතර ඉක්මනින්ම බැක්ටීරියා ප්‍රජනනය වී දැවිල්ල හටගන්නවා.

කළ යුත්තේ කුමක්ද:

මෙම ගැටලුව විසඳා ගැනීමට විශේෂ ආහාර වේලකට සහය ලබාදිය හැකියි. ඔයා කරන්න ඕනි වැදගත්ම දේ තමයි දැවිල්ල සමනය කරන බහු අසංතෘප්ත මේද අම්ල අඩංගු ආහාර වැඩිපුර ආහාරයට එකතු කරගැනීමයි. සරලවම කිව්වොත්, එළවළු, පළතුරු, මුහුදු පැලෑටි, මුහුදු ආහාර, ඇට වර්ග, වොල්නට්, හණ ඇට සහ හණ තෙල් ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න.

04. වියළි සම

බලපාන හේතු:

මෙමඟින් පෙන්නුම් කරන්නේ ශරීරයේ පවතින විටමින් ඊ අතිරික්තය සහ කොලෙස්ටරෝල් හිඟයයි. මෙය බොහොමයක් නිර්මාංශිකයින්ට ඇති වන තත්වයක්. මොකද ශරීරයට කොලෙස්ටරෝල් ලැබෙන ලොකුම ප්‍රභවය මාළු මාංශ වීමයි.

කළ යුත්තේ කුමක්ද:

ඔයා ගන්න ආහාර වේලෙහි ඒක අසංතෘප්ත මේද අම්ල වල සාන්ද්‍රණය ඉහල නංවන්න. මේවා නිසියාකාරව ජීර්ණය වන්නේ  තෙල් සහ වෙනත් පෝෂණ අතිරේක පරිභෝජනය කරන විට නෙවෙයි, අලිගැට පේර, මුහුදු පැලෑටි, බිත්තර, බෝංචි, සෝයා, රටකජු ඇතුළු වෙනත් බීජ වර්ග වගේ සම්පූර්ණ නිෂ්පාදන ආහාරයට ගන්නා විටයි.

ඔයා නිර්මාංශික කෙනෙක් නොවෙයි නම්, නිතර මස් මාංශ ආහාරයට ගන්න උත්සහ කරන්න. මේ සඳහා හොඳම විකල්ප ලෙස සැමන්, මැකරල්, ඇල්බෙකෝර් සහ ලේක් ට්‍රවුට් හඳුන්වන්න පුළුවන්.

05. රැළි

බලපාන හේතු:

විජලනය සඳහා ඇල්කොහොල් බලපාන නිසා එය රැළි වැටීමටත් හේතු පාදක වෙනවා. වයසට යාමට පෙර වයස්ගත සමක් ලැබීමට සීනි තවත් හේතුවක් වෙන්න පුළුවන්. සීනි වල අන්තර්ගත වන ග්ලූකෝස් මඟින් සමෙහි නම්‍යශීලි බව අවම කරනවා.

කළ යුත්තේ කුමක්ද:

දැනට අවුරුදු 10කට කලින්, ඇමරිකානු පර්යේෂකයන් ප්‍රතිඔක්සිකාරක වලින් තරුණ සමක් ලබාගත හැකි බව සොයාගෙන තිබෙනවා. උදාහරණයක් විදියට, හැමදාම සෝයා අන්තර්ගත වන ආහාර ගැනීම මඟින්, සම වයස්ගත වීමේ ලකුණු පවා පෙනෙන්නට නැති වෙනවා. ඒ වගේම මෙයින් ඇස් වටේට හටගෙන ඇති රැළි අයින් කරන්නත් පුළුවන්.

නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට ස්වීඩන ජනතාවගේ සමෙහි රැළි ඇතිවීම අවම බව පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා. ඔවුන් නිවිති, ඇස්පරගස්, පත්‍රීය එළවළු, සැල්දිරි, වම්බටු, ළූණු සහ සුදුළූණු වැඩි වශයෙන් ආහාරයට ගන්නා අතර සීනි, රතු මස්, කිරි, මාගරින්, බටර් සහ වෙනත් කිරි නිෂ්පාදන ආහාරයට ගන්නේ නැහැ.

06. දෑස් යට අඳුරු ස්වභාවය  

බලපාන හේතු:

ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දෑස් යට අඳුරු වීමට හේතුවයි කියන විශ්වාසය වැරදියි. මෙය බරපතල රෝගයක ලක්ෂණයක් වීමට ඉඩ තිබෙනවා: ආසාත්මිකතාවයක් එහෙම නැත්නම් ආහාර නිසා ඇතිවන ආසාත්මිකතාවයක් මේ ආකාරයට දැවිල්ල ඇතිවීමට සහ අඳුරු වීමට හේතු වෙන්න පුළුවන්.

කළ යුත්තේ කුමක්ද:

ආහාර අසාත්මිකතා පරීක්ෂාවක් කරගන්න. පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වන තෙක්, ඔයාගේ ආහාර රටාවේ අන්තර්ගත වන භයානක වීමට ඉඩ තිබෙන ආහාර නිෂ්පාදන සියල්ලම ඉවත් කරන්න- නිදසුනක් වශයෙන් ලැක්ටෝස් අන්තර්ගත වන ආහාර වර්ග. මේ සඳහා කිරි නිෂ්පාදන, චිප්ස්, පාන්, ක්ෂණික සුප්, ක්ෂණික කෝපි සහ කෘතිම රසකාරක අන්තර්ගත වෙනවා.

ඔයාට මේ ආකාරයේ කිසිම ආසාත්මිකතාවයක් නැත්නම්, ඇස් වටා ඇති අඳුරු කව වලට හේතුව විජලනය වෙන්න පුළුවන්. මේ නිසා ප්‍රමාණවත් පරිදි වතුර බොන්න, අධිකව කෝපි පානය කරන්න එපා.හීම් යකඩ අන්තර්ගත වන ආහාර ලබාගත යුතුයි. එමඟින් හිමොග්ලොබින් මට්ටම වර්ධනය වෙනවා. එබැවින් ටූනා, රතු මස්, බිත්තර කහ මදය සහ බක්වීට් තිරිඟු වැඩිපුර ආහාරයට එකතු කරගන්න.

Leave a Reply

Your email address will not be published.