වෙන් වෙන්ව නිදාගැනීමෙන් ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් වන අයුරු 5 ක්

ජෝඩු 4 කින් 1කට වෙන් වෙන් ඇඳන් වල නිදා ගැනීමට උපදෙස් ලබා දීලා කරපු සමීක්ෂණයකින් වෙන් වෙන්ව නිදා ගැනීමෙන් ලැබෙන වාසි ගැන හොයාගෙන තියනවා. ආදරණීය යුවළකට පවා එයාලගෙ නිදි රටා වෙනස් නම් රාත්‍රිය වෙන්ව ගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්න පුලුවන්. මේක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි වඩා හොඳ නින්දක් ලබා ගන්න ඕන නම් මේ ක්‍රමය අත්හදා බලන්න පුලුවන්.

අද අපි ඔයාට කියන්නෙ වෙන් වෙන්ව නිදා ගැනීමෙන් ජෝඩුවලට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන 5 ක් ගැනයි

01. නින්දට බාධාවක් සිදු නොවීම

නින්ද නොලැබීම නිසා හෘදයාබාධ, මානසික අවපීඩනය සහ දියවැඩියාව පවා ඇති වෙන්න පුලුවන්. ඔයා ඔයාගෙ සහකරු සමඟ එකම ඇඳේ හොඳින් නිදා ගන්නෙ නැත්නම්, මේ තත්වය වෙනස් කරගන්න ඕන. කාන්තාවන් තමන් අවට ඇති ඝෝෂාවන්ට ගොඩක් සංවේදියි. ඒ නිසා එයාලගෙ සහකරු නින්දෙන් ගොරවනවා නම් මධ්‍යම රාත්‍රියේදී කාන්තාවන්ට නින්දෙන් ඇහැරෙනවා.

ඔයාගෙ සහකරු සමඟ නිදා ගැනීමෙන් REM අදියර තුළ වැය කරන ප්‍රමාණය වැඩි කළ හැකි බව අධ්‍යයනයන් වලින් සොයාගෙන තිබෙනවා. මෙය ඔයාගෙ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වී ඇති සහ ඔයාගෙ නින්ද සැහැල්ලු වන අදියරයි. මෙයින් අදහස් කරන්නේ වෙන වෙනම නිදාගැනීම REM හි කාලසීමාව අඩු කරන අතර වෙනත් බාධා කිරීම් වලින් ඔයාව නිදහස් කරන බවයි.

02. සතුටින් සහ ප්‍රබෝධමත්ව අවදි වීම.

කිසිම කරදරයක් නැතුව නින්ද ගියාම සහකරුවන් දෙදෙනාම ජවසම්පන්න ලෙස අවදි වෙනවා. එමගින් වඩාත් අවධානයෙන් සහ පාලනයකින් තම ජීවිතයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා. දෙදෙනාම මානසිකව හා කායිකවත් සෞඛ්‍ය සම්පන්න වෙනවා. මේ ආකාරයෙන් දෙන්නාම ප්‍රබෝධමත්ව සහ කිසිඳු කෝපයකින් තොරව අවදි වන බැවින් දෙදෙනා අතර තිබෙන සම්පූර්ණ සබඳතාව වඩාත් ප්‍රීතිමත් එකක් බවට පත් වෙනවා.

03. සහකරුව වඩාත් අගය කිරීම

වෙන් වෙන්ව නිදාගන්නකොට නින්දේදී තමන්ගෙ සහකරු ලඟට වෙලා තුරුල් වෙලා නිදාගන්න වෙන්නෙ නෑ. එතකොට ඇත්තටම ඔයාට සහකරුගේ ස්පර්ශය මග හැරී ඇති බව දැනෙන නිසා එයත් එක්ක වැඩිපුර කාලයක් ගත කිරීමට වෙලාව හොයාගන්න ඔයා උත්සහ කරනවා. එමගින් දෙන්නගෙම ආදරය අලුත් වෙනවා වගේම සහකරුව වඩාත් අගය කිරීම නිසා ජීවිතයේ වෙනස්ම ප්‍රබෝධමත් බවකුත් දැනෙනවා

04. වාද විවාද අඩු වීම.

පුද්ගලයන් දෙදෙනෙක් දුර්වල ලෙස නිදා සිටින විට, එයාලගෙ ඉවසීම සහ බලාපොරොත්තු සුන් වීම සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. ඒකෙන් වෙන්නෙ එයාලා තමන්ගෙ සහකරුට දොස් කියන එකයි. නින්ද නොමැතිකම නිසා මිනිසුන්ගෙ සංවේදී බව අඩු වෙනවා. සබඳතාවයකට වැදගත්ම වෙන දෙයක් තමයි සංවේදී බව කියන්නෙ. ඒවිතරක් නෙවෙයි, නින්ද නොයාම නිසා කුඩාම දෙයකින් පවා යුවලක් අතර තවත් රණ්ඩු ඇති වෙන්න පුලුවන්. ඒ වගේම සහකරුවන් දෙන්නම හොඳින් නිදා ගන්න විට, කුඩා ගැටලුවලට වඩා හොඳ අවබෝධයකින් කටයුතු කරලා ඒවා ඵලදායී ලෙස විසඳගන්න හැකියාවත් ලැබෙනවා.

05. ඔබට වැඩිපුර “ඔබේ කාලය” භුක්ති විඳීමට ලැබෙනවා.

තමන්ට තමන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කර ගන්න ලැබීමෙන් තමන්ට තමන් සමග තියන සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. නින්දට යාමට පෙර පොතක් කියවීමට, කැමතිම ෆිල්ම් එකක් බැලීමට හෝ භාවනාවක් කිරීමටත් පුලුවන්. මෙමගින් සහකරු සමග කතා කරන්න තියන දේවලුත් වැඩි වෙනවා.

බෝනස්


සහකරු සමග මේ ගැටලුව ගැන කතා කරන්නෙ කොහොමද

සහකරු නිසා ඔයාගෙ නින්දට බාධා ඇති වෙනවා කියලා ඔයාට දැනිලා තියනවා නම් ඒ ගැන ඔයා එයත් එක්ක කතා කරන්න ඕන. හැබැයි ඒක සහකරුගේ හිත රිවෙන්නෙ නැති වෙන්න කියන්න අමතක කරන්නත් එපා.

ඇත්තටම ඔයාට නින්ද නොයාමට හේතුව ඔයාගෙ සහකරුද කියන එක හරියටම තීරණය කරගන්න.

සහකරු සහ ඔයා අතර තියන සම්බන්ධතාවය ගැන ඔයාට හැඟෙන ආකාරය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැති බව සහකරුට අනිවාරෙන්ම කියන්න. මේක ඔයාගෙ නින්දට ප්‍රයෝජනවත් වෙන දෙයක් විතරක් බව සහකරුට කියන්න.

කැමති නම් පොඩි සම්මුතියක් කතා කරගන්න. සමහර විට සති අන්තයේ එකට නිදාගන්නත් සතියේ දවස්වල රෑට වෙනම නිදාගන්නත් උත්සාහ කරන්න.

දෙන්නම අවදිවන සහ නිදාගන්නා වේලාවන් ගැන කතා කරගන්න. එතකොට නින්දට පෙර සහ උදේ ආහාරය ගන්නා අතරතුර කාලය දෙන්නටම එකට ගත කරන්න පුලුවන්.

බෝනස් 2

නින්දට යාමට පෙර හුරතල් වෙමින් කාලය ගත කරන්න.

තවදුරටත් එකට නිදා ගන්නෙ නෑ කියලා තීරණය කලාට ඇඳේ දී වැළඳ ගැනීම සහ හුරතල් වීම නතර කරන්න එපා. නිදාගන්න වෙලාවට විතරක් එකිනෙකාගෙන් වෙන් වුණාට, නින්දට කලින් සහකරුත් එක්ක ආදරණීය වෙලාවක් ගත කරන්න පුරුදු වෙන්න.

Leave a Reply

Your email address will not be published.