වේගයෙන් බර අඩු කර ගන්න ක්‍රම 12ක්

‌ඔබ මදකට සිතා බලන්න අපි කන්නේ ඇත්තටම බඩගිනි හින්දමද ? නෑ නේද අපි ගොඩාක් වෙලාවට කන්නේ අපේ අසාවට , අපේ බඩ පිරෙන්න නෙමේ ඇත්තටම අපි කන්නේ අපේ හිත පිරෙන්න. අපි ගන්න ආහාර ප්‍රමාණය විවිධ සාදක නිසා වෙනස් වෙන්න පුළුවන්. අපේ ආතතිය, දේශගුණය වගේ දේවල් තමා මීට බලපාන්නේ. මේ විවිධ සාධක නිසා අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීම සිදු කරනවා.

මනෝ විද්‍යාඥයෙකු, අලෙවිකරුවෙකු සහ ආහාර තෘෂ්ණාව පිළිබඳ පර්යේෂකයෙක් වන බ්‍රයන් වැන්සින්ක් පවසන්නේ අපේ මනස හා වටපිටාව සකසා ගත් පසු අපට අනවශ්‍ය රාත්තල්ද අඩු කර ගනීමට හැකි බවයි. අද අපි ඔබට අරගෙන ආවේ ඔහුගේ අලුත්ම පොතකින් කරුණු කිහිපයක් ‍ය. බර අඩු කර ගැනීමට උත්සහ කරන ඔබට නම් මෙය බොහෝ වැදගත් වේවි.

12. හිතකර ආහාර ලබා ගන්න

මෙම සිද්ධිය බොහෝ දෙනාට සිදු වෙනවාට සැකයක් නැත. ඔබ යම් කිසි ආහාර පාලන රටාවක සිටියහොත් සතියක් පමණ ඔබට ඊළග දිනයේ සිතෙන්න පුළුවන් රසවත් ආහාරයක් ගැනීමට. ඔබ චොකල්ට් බාර් එකක් දෙකක් ඩ්‍රම්ස්ටික් එකක් වැනි දෙයක් ආහාරයට ගන්න මෙහිදී ඉඩ තිබෙනවා. ඔබ සතියක් පමණ කල දෑ වල ප්‍රතිඵලය මෙවැනි එක් දිනයකින් නැති වීමට ඉඩ තිබෙනවා. මේ නිසා ඔබ මින් වැළකී සිටින්න. මෙවැනි අහිතකර දෑ වෙනුවට ගෝවා වැනි හිතකර යමක් ආහාරයට ගන්න.

11. දෙකක නියමය නිරීක්ෂණය කරන්න

ඔබ සැමවිටම ඔබේ ආහාර බදුනෙහි ආහාර වර්ග දෙකක් පමණ තබා ගන්න. මස් සහ අතුරු කෑම, අතුරු කෑම සහ සලාද, මාළු සහ එළවළු ආදී වශයෙන්. මෙම සරල ක්‍රමය අනුගමනය කර බලන්න. එය ආහාර ගැනීමේ වඩාත් සංවේදී ක්‍රමයකට ඔබව හුරු කරාවී.

10. දෙවන උපකාරය ලබා ගැනීම

මෙහිදී පවසන්නේ ඔබේ ආහාර ලබා ගන්නා ස්ථානාය වෙනස් කිරීම පිළිබදවයි. ඔබ නිරන්තරයෙන් එකම ස්ථානයේ ආහාර ලබා ගන්නාවා නම් ඔබට හැකී ඔබේ ආහාර බදුන සහ වතුර වීදූරුව පමණක්ම ගෙන වෙනත් ස්ථානයකට යාමට. ඔබේ බැල්කනියට ඔබේ ගෙවත්තට ආදී ඕනෑම ස්ථානාකට ගොස් ආහාර ලබාගැනීම සිදු කරන්න.

09. ඔබගේ “අපරාධ” පිළිබඳ සාක්ෂි තබන්න

වැඩියෙන් ආහාර ගැනීමට කැමති පුද්ගලයින් ඒ පිළිබද සැගවීමට බොහෝ උත්සහ දරණ නමුත් මෙම පුදගලයින් අනෙක් පුද්ගලයින්ට වඩා වැඩියෙන් ආහාර ගනී. නමුත් ඔවුන් එම සාක්ෂි සැගවීමට උත්සහ දරනවා. නමුත් තම පිගානේ තිබෙන ආහාර සියල්ල ගන්නා පුද්ගලයින් එසේ තම ආහාරය පිළිබද සැගවීමට උත්සහ කරන් නැති අතර ඔවුන් සැම විටම තමාගේ කුස්ගින්නේ තරමට ආහාර ලබා ගනී.

08. පතුලක් නැති පිගානේ සන්සිද්ධිය.

මිනිසුන් ආහාරයට ගන්නේ ඔවුන්ගේ පිගාන හිස් වෙන තුරු පමණක් වන අතර ඔවුන්ගේ කුස පිරෙන තුරු නොවන බව අධ්‍යන වලින් හෙළි වෙලා තිබෙනවා. මෙයින් මිදීමට එකම ක්‍රමය වන්නේ ඔබ කුඩා පිගානක් තෝරා ගෙන සිහියෙන් ආහාර ගැනීමයි.

07. සමාගම

‌ඔබ දන්නවා ද ? ඔබ තනියෙන් ආහාර ගන්නා විට ඔබ ආහාරයට ගන්නේ පිරිසක් සමග ආහාරයට ගන්නවාට වඩා 30%ක් පමණ අඩුවෙන් බව. ඔබ භෝජන සන්ග්‍රහයකට ආදියට සහභාගි වන විට ඔබ සාමාන්‍ය ලෙස ආහාරයට ගන්නවාට වඩා දෙගුණයක් පමණ වැඩියෙන් ආහාරයට ගනී. මේ නිසා ඔබ සැමවිටම ප්‍රධාන ආහාර වේල තනිවම ආහාරයට ගැනීමට උත්සාහ කරන්න.

06. සාප්පු ලැයිස්තුවක් තබා ගන්න.

ඉදිරි සතිය සඳහා ඔබට අවශ්‍ය නිෂ්පාදන මොනවාදැයි සොයා බැලීමේදී ඔබ මෙය සිදු කල යුත්තේ පළපුරුදු සූපවේදියෙකු ලෙසයි.අවශ්‍ය ආහාර ද්‍රව්‍ය (මස්, ධාන්ය වර්ග, එළවළු සහ යනාදිය) පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් සාදන්න. සුපිරි වෙළඳසැලකට යාමට පෙර, ලැයිස්තුව පරීක්ෂා කර ඔබට හිඟ නිෂ්පාදන පමණක් මිලදී ගැනීම සැම විටම සිදු කරන්න.

05. yummies ආහාරයට ගන්න එපා.

ඔබේ සියලු රසවත් කෑම වලින් ඔබ ඈත් වී සිටිය යුතුයි. මේ නිසා ඔබ ඔබේ නිවසේ තිබෙන රසවත් කෑම සියල්ල ශීතකරණයේ දුරස්ථ කෙළවරට ගෙන යාම සිදු කරන්න. දැන් ඔබට සිතෙන්න පුළුවන් ඇයි අපි මේ දේවල් මිලදී ගන්නේ කියල. මිලදී නොගෙන සිටීම මීට වඩා පහසුයි කියල ඔබට සිතෙන්න පුළුවන්. ඒත් ගැටලුව වන්නේ මෙයයි. වැන්සික් පෙන්වා දෙන පරිදි ඔබේ නිවස මෙවැනි රසවත් ආහාර වලට තහනම් කාලාපයක් වූ විට සිදු වන්නේ ඔබ ඔබේ මිතුරන් සමග ඔබ වැඩ කරන ස්ථානයේදී හෝ ආපනශාලේවේදී මෙවැනි ආහාර බොහෝ ආහාරයට ගැනීමයි. මේ නිසා ඔබ සිදු කල් යුත්තේ මෙවැනි ආහාර ලබා නොගැනීම නොවේ මේවා සුළු ප්‍රමාණ වළින් ආහාරයට ගැනීමයි.

04. සියල්ල හොඳින් හපන්න

සෑම ආහාරයක්ම අවම වශයෙන් 32 වතාවක් හපමින් සිටීම අපගේ රස ප්‍රතිග්‍රාහක වඩා හොඳින් සංතෘප්ත කිරීමට උපකාරී වන බව අධ්‍යන වලින් සොයාගෙන ඇත. එමඟින් ආහාර රුචිය සැලකිය යුතු ලෙස අඩු කරන අතර පූර්ණ බවක් ලබා දීමත් සිදු කරයි.

03. උදෑසන කැලරි ඉතිරි නොකරන්න

‌වැන්සික් පවසන පරිදි අපගේ ශරීරයේ හැඩය 96%ක්ම තීරණය කරන්නේ අපගේ උදෑසන ආහාරයයි. සමීක්ෂනයකට අනුව කෙට්ටු ශරීරයක් හිමි කර ගත් කාන්තාවන් 100කින් 4 දෙනෙක් පමණයි උදෑසන ආහාර ලබා නොගත් පුද්ගලයින් සිටින්නේ. සිහින් සිරුරක් නොමැති බොහෝ දෙනා පැවසුවේ ඔවුන් උදේ ආහාර ලබා නොගන්නා බවයි.

02. ඔබේ ආහාර කොටස් වලින් අනුභව කරන්න

පේස්ට්‍රි සහ පැණි රස කෑම වලින් වැළකී සිටින පුදගලයින් ඉක්මනින් සිහින් වීමට ප්‍රවණතාවයක් ඇත. සමහර පුද්ගලයින් මෙම කෑම රාක්ක දෙස බලන්නේ වත් නැත. මෙය ඔබට නිවසේදීද සිදු කල හැකිය ඔබ කල යුත්තේ කොටස් කොටක් ආහාරයට ගැනීමයි. මේ තුළින් ඔබ දකින ආහාර ප්‍රමාණය අවම වන අතර ඔබට බොහෝ අහාර ආහාරයට ගැනීමට පිරියක් නොමැති වෙයි. ඔබ අඩුවෙන් ආහාර දකින තරමට අඩුවෙන් ආහාර ලබා ගනී.

01. සන්සුන්ව හා ස්ථාවරව සිටින්න

මේ සියල්ල එක වර කිරීමට උත්සහ කරන් නැතිව ඔබ කල යුත්තේ එක සතියකට එකක් පමණක් උත්සහා කිරීමයි. ක්‍රමයෙන් පියවරෙන් පියවර ඔබේ හීනයට ලගා වන්න. එය ඔබට වඩා ස්ථීර ප්‍රතිඵල ලබා දේවි.

Leave a Reply

Your email address will not be published.