වේලාසනින් අවදි වීම ඔබට කෙතරම් හොද බවට ඔප්පු කරන හේතු 9 ක්

උදෑසනම නැගිටින හොඳ පුරුද්ද අපිට කොච්චර වාසි ලබා දෙනවද කියලා ඔයා දැනගෙන හිටියද? ගොඩක් සාර්ථක පුද්ගලයින් මෙම පුරුද්දට පුරුදු වෙලා ඉන්නවා. වේලාසනින් අවදි වෙන එකෙන් ඔයාගෙ ඵලදායිතාවයට විතරක් නෙවෙයි මුළු සිරුරටම හා චිත්තවේගීය තත්වයටත් ධනාත්මක බලපෑමක් ඇතිකරන්න පුලුවන් කියලා විද්‍යාඥයන් කියනවා.

ඒ නිසා තමයි උදෙන්ම නැගිටින එකෙන් ලබා ගන්න පුලුවන් ප්‍රයෝජන ගැන ඔයාට කියලා දෙන්න අපි තීරණය කලේ.

01. සම්පූර්ණයෙන්ම අවදි වීමට ප්‍රමාණවත් කාලයක් තිබීම

උදේට අවදි වුණු ගමන්ම සීතල වතුරෙන් නෑවත්, කෝපි කෝප්පයක් බිව්වත් ඔයාට සම්පූර්ණයෙන් ම ප්‍රබෝධමත් බවක් ලබාගන්න බෑ. ඒකට හේතු වෙන්නෙ අවදි වීමෙන් පසු පැය 2-4 දක්වා කාලයක් නින්දේ අවස්ථිතිත්වය කියන තත්වය තියන නිසයි. මේ කාලය තුළ, අවධානය, මතකය හා ක්‍රියාශීලී බව අඩුයි. ඒවා හරිගස්සන්න ටික වෙලාවක් අවශ්‍ය වෙනවා.

02. වඩා හොඳ නින්දක් ලැබීම

වේලාසනින් අවදි වන අයට වඩා හොඳ නින්දක් ලැබෙන්නෙ නෑ කියලයි විද්‍යාඥයන් කියන්නෙ. පරක්කු වෙලා නිදා ගන්න කැමති අයට නින්දේ ආබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම, වේලාසනින් අවදි වෙන අයට, වැඩි වෙලාවල් ඇඳේ හිටියත් එයාලගෙ ශරීරය හොඳින් නිදා ගන්නෙ නෑ.

03. අවදි වීම පහසු වීම

විනාඩි පහෙන් පහට එලාම් තියලා අමාරුවෙන් නැගිටින්නෙ නැතුව එලාම් එක, එක පාරක් වදිනකොට නැගිටින්න පුරුදු වෙන්න. තව විනාඩි පහකින්ම නැගිටිනවා කියලා හිත හිත තව නිදාගන්න එපා. ඒකෙන් ඔයාගෙ නින්ද චක්‍රයට බාධා ඇති කරනවා. එතකොට, ඔයා අවදි වුණාට පස්සෙත් කිසිම ප්‍රබෝධමත් ගතියක් දැනෙන්නෙ නෑ. දවසම කම්මැලිකමෙන් ගත කරන්න වෙනවා.

04. හොඳ ශාරීරික හැඩයක් ලැබීම

එලාම් එක විනාඩි පහෙන් පහට තියන පුරුද්ද ඔයාගෙ නින්දේ චක්‍රයට බාධා කරනවා විතරක් නෙවෙයි ඔයාගෙ පරිවෘත්තීය ක්‍රියාවලියටත් බලපාන අතර එය ශරීරයේ තරබාරුකමටත් හේතු වෙනවා. ඒ නිසා ඇඳේ වැතිරෙනවා වෙනුවට, හැඩය ලබා ගැනීමට මේ කාලය යොදා ගන්න.

05. කල් දැමීම අඩු කිරීම

උදේට කරන්න තියන වැඩ කල් දාපු අය ඒවා කරන්නෙ හවස් කාලයෙදි කියලයි විද්‍යාඥයන් කියන්නෙ. කලින් වේලාවට අවදි වෙන අය රාත්‍රී කාලය ගත කරන්නේ නිදාගන්න විතරයි. වැදගත් දේවල්වලට උදේ කාලය වෙන් කරනවා. වේලාසනින් අවදි වෙන්න පුරුදු වුණොත් දවල් වෙන්න කලිම් ඔයාගෙ වැඩ ඔක්කොම ඉවර කරලා හිතට නිදහසක් ලබා ගන්නත් පුලුවන්.

06. වැඩ කිරීමට වැඩි පෙළඹවීමක් ඇති වීම

වේලාසනින් අවදි වෙන අයට වඩා වෙනස් දේවල් කරන්න කාටවත් බෑ. මේ බව විද්‍යාත්මක අධ්‍යයන වලිනුත් තහවුරු වෙනවා. වේලාසනින් අවදි වෙන එකෙන් ඔයාට වැඩ කරන්න ලෑස්ති වෙන්නත්, ඔයාගෙ දිගු කාලීන හා කෙටිකාලීන අරමුණු වලට වෙහෙස වෙන්නත් ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.

07. ඉගෙනීම පහසු වීම

වේලාසනින් අවදි වන අය ඉගෙන ගන්න වැඩවලට ගොඩක් දක්ෂ්ග බව විද්‍යාඥයන් කියනවා. ඔයා වේලාසනින් අවදි වෙන නිසා පාසලට යන්න හෝ නියමිත වේලාවට වැඩට යන්න පහසුයි. ඒ විතරක් නෙවෙයි. වෙනත් දේවල් ගැන දුක් වෙන එක අඩු වෙන බවත් හොයාගෙන තියනවා.

08. හොඳ පුරුදු වලට මග පෑදීම

අධ්‍යයනවලින් කියන්නෙ ප්‍රමාද වී අවදි වෙන එකට සාමාන්‍යයෙන් විවිධ නරක පුරුදු බලපාන බවයි. වේලාසනින් අවදි වෙන එකෙන් ඔයාට රාත්‍රී ක්‍රියාකාරකම් වලට වෙලාවක් ඉතුරු වෙනවා. ඒත් ඒ වෙනුවට වඩාත් සෞඛ්‍ය සම්පන්න පුරුදු තෝරා ගන්න ඔයාට ඉඩ ලැබෙනවා.

09. සතුටින් සිටිය හැකි වීම

කෙනෙක්ගෙ මානසික තත්වය හා සතුට රඳා පවතින්නේ එයාලගේ දවස පටන් ගන්න විදියට අනුවයි. වේලාසනින් අවදි වෙන අයට වඩා ස්ථාවර චිත්තවේගීය තත්වයක්තියන බව අධ්‍යයන වලින් හෙළි වෙනවා. පරක්කු වෙලා නිදාගෙන දහවල්ට අවදි වෙන අයට මානසික අවපීඩනය ඇති වෙන බවත් පැවසෙනවා.

Leave a Reply

Your email address will not be published.