ශක්තිමත්, දිදුලන හිසකෙස් ලබා ගැනීමට ඉතා හොද පුරුදු 20 ක්

අපි කවුද කැමති නැත්තේ ලස්සන හිසකෙස් වලට. අපේ හිස්කෙස් ලස්සන කර ගන්න අපි බොහෝ දේ කරනවා. විශේෂයෙන්ම කාත්තා පාර්ශවය. නමුත් ඔබ දන්නේ නැතුව ඇති අපි මේ මොන දේ සිදුකලත් අපේ ඇතැම් පුරුදු නිසා අපේ හිසකෙස් වලට බොහෝ හානි සිදු වෙන්න පුළුවන්. සමහරක් මේ පුරුදු අපි හිතන්නෙවත් නැති දේවල්. ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ ඔබේ හිසකෙස් ලස්සනට තබා ගන්න පුළුවන් පුරුදු 20 ක් අරගෙන . ලස්සන කෙස් කළඹකට ආසා කරන ඔබට නම් මේක බොහෝ වැදගත් ලිපියක් වෙනවා නොඅනුමානයි.

01. ඔබේ හිසකෙස් දීප්තිමත් කර ගැනීමට, ෂැම්පූ භාවිතා කිරීමෙන් පසු සුදු විනාකිරි ස්වල්පයක් ගෙන ඔබේ හිසකෙස් තෙත් කර, සේදීමට පෙර මිනිත්තු කිහිපයක් තබන්න. ඔබට මෙහි වෙනස තේරේවි ඔබ මෙය භාවිතා කර එක් දවසක් ගත වූ විටම.

02. ඔබේ හිසකෙස් වලට මසකට වරක් අලිගැට පේර වලින් සාදන ලද මාස්ක් එකක් භාවිතා කරන්න.

03. ඔබේ හිසකෙස් වලට ෂැම්පූ යොදනවා වෙනුවට අමු බිත්තර වල කහ මදය යොදන්න. ඔබේ හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කීරීමටත් ඔබේ හිසකෙස් දුර්වල නොවී තබා ගැනීමටත් මෙය උපකාරී වේවි.

04. ඔබේ හිසකෙස් පෝෂණය හා වර්ධනය සඳහා අවශ්‍ය වන තෙල් ඉවත් කිරීම සිදු කරනවා ඔබ ඕනාවට වඩා ඔබේ හිසකෙස් සේදීම සිදු කරන විට. මේ නිසා ඔබේ හිසකෙස් ඕනාවට වඩා සේදීම සිදු කරන්න එපා.

05. ඔබේ හිසකෙස් ස්වාභාවික තෙතමනය ඉවත් කරන වඩාත් හානිකර දෙයක් තමා සෙල්ෆේට් කියල කියන්නේ. මේ නිසා ඔබ සැමවිටම භාවිතා කල යුත්තේ සල්ෆේට් රහිත ෂැම්පූ වේ. වෙළඳපොලේ සෙල්ෆේට් නොමැති ෂැම්පූ බොහෝ දක්නට තියෙනවා.

06. ඔබට උදේ වරුවේ සුන්දර කෙස් කලඹක් ලබා ගැනීමට නම් ඔබ නින්දට යාමට පෙර ඔබේ හිසකෙස් ලිහිල් කිරීම සිදු කරන්න. ඔබේ හිසකෙස් ගැටීම හා කැඩීම වළක්වා හිසකෙස් වේගයෙන් වර්ධනය කර ගැනීමට මේ තුළින් ඔබට හැකි වේවි.

07. සෑම දිනකම ඔබේ හිස්කබල ලී බුරුසුවකින් සම්බාහනය කිරීම සිදු කරන්න මේ තුළින් ඔබට රුධිර සංසරණය සක්‍රීය කිරීමට සහ හිසකෙස් වර්ධනයට දිරිගැන්වීමට හැකිය.

08. හිරු එලියෙන් ඔබ සැමවිටම ඔබේ කෙස් කළඹ ආරක්ෂා කර ගත යුතුය. මේ සදහා ඔබ ඔබේ හිසකෙස් හිරු එළියෙන් ආරක්ෂා කරන නිෂ්පාදන හාවිතා කරන්න.

09. ඔබේ හිසකෙස් තාපයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හිසකෙස් නිතර වියළීම සිදු කරන්න එපා. සැම විටම ස්වභාවිකව ඔබේ කොණ්ඩය වියළීමට ඉඩ දෙන්න.

10. තෙත් හිසකෙස් වඩාත් සියුම් හා කැඩීමට නැඹුරු වන නිසා ඔබ නින්දට යාමට පෙර ඔබේ හිසකෙස් හොඳින් වියළා ගන්න අමතක කරන්න එපා.

11. spray-in heat protectant එකක් නොමැතිව straighteners or curling ironස් කිසි විටකත් භාවිතා කිරීම සිදු කරන්න එපා. ඔබේ කොණ්ඩයේ තන්තු දුර්වල කිරීමට පුළුවන් මෙහි උපකරණවල අධික උෂ්ණත්වය.

12. ඔබේ හිසකෙස් වලට හිතකර බලපෑම් රාශියක් ඇති කරන දෙයක් ලෙස ආගන් තෙල් හදුන්වන්න පුළුවන්. මේවා සැමවිටම භාවිතා කිරීම සිදු කරන්න.

13. ඔබේ හිසකෙස් දුර්වල වී කැඩීම සිදු වෙනවා ඔබේ තෙත් හිසකෙස් මැදීම සිදු කල විට. ඔබ ඔබේ හිසකෙස් වලට සැමවිටම පුළුල් දත් පනාවක් භාවිතා කිරීම පුරුද්දක් කර ගන්න.

14. සායම් ( ඩයි ) වල ඇමෝනියා වැනි රළු රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර එමඟින් හිසකෙස් වලට සැලකිය යුතු හානියක් සිදු වන අතර හිස්කබලේ පිළිස්සුම් ඇති කරන නිසා ඔබේ හිසකෙස් සායම් කිරීම හෝ බ්ලීච් කිරීම සිදු කරන්න එපා.

15. සැටින් හෝ සිල්ක් කොට්ට සැමවිටම භාවිතා කරන්න. මෙම රෙදි ඔබේ හිසකෙස් වලට සිදු කරන හානිය අවම කරයි.

16. ඔබේ හිසකෙස් නිරෝගීව තබා ගැනීමට සති අටකට වරක් ඔබේ කොණ්ඩය කැපිම සිදු කරන්න. ඔබේ හිසකෙස් වලට හානි සිදු වී ඇත්නම් මෙය එයට පිළියමක් වේවි.

17. ඔබේ නියපොතු සහ හිසකෙස් වර්ධනයට අනුබල දෙන එමෙන්ම සමේ පුනර්ජනනය සඳහා පහසුකම් සපයන දෙයක් ලෙස බයෝටීන හැදින්විය හැකී. මේ නිසා බයෝටින් පරිභෝජනය කරන්න.

18. මේ සියල්ල සිදු කරත් ඔබ සිටින්නේ ආතතියෙන් නම් මෙය ඔබේ හිසකෙස් වලට එතරම් හොද නෑ. මේ නිසා සෑම අවස්ථාවේම සැහැල්ලුවෙන් සිටීමට උත්සහ කරන්න.

19. ඔබ කන සෑම දෙයකින්ම ඔබේ හිසකෙස් පෝෂණය වන නිසා පෝෂදායි ආහාර ආහාරයට ගන්න. ප්‍රෝටීන්, ස්වාභාවික මේද හා විටමින් බහුල ආහාර වේලක් ලබා ගන්න.

20. ඔබ හැකි සැම විටම ඔබේ හිසකෙස් විටමින් සහ තෙල් වලින් පොහොසත් ස්වාභාවික හෝ වෙළදපොලේ පවතින මාස්ක් වලින් ආවරණය කරන්න. මෙය ඔබේ හිසකෙස් පෝෂණය කරාවි.

Leave a Reply

Your email address will not be published.