ශරීරයේ ගද නැසීමට නිවසේදිම කල හැකි පිළියම් 7 ක්

ඔබ දන්නවාද මේ ලෝකයේ සියලුම දෙනාට තමන්ටම ආවේණික වූ ශරීර ගන්ධයක් පවතිනව බව. අපගේ සිරුර විවිධ සුවඳවල් නිපදවීම සිදු කරනවා. මෙය ඇත්තෙන්ම බොහෝම ස්වාභාවික දෙයක්. සමහර පුද්ගලයින්ගෙන් හරිම සැර වගේම අප්‍රසන්න සුවදවල් පැමිණෙනවා. මෙය ඇත්තෙන්ම බොහෝ සැලකිලිමත් විය යුතු කාරණයක්. නමුත් ඔබ බය වෙන්න එපා. ඔබට මේ වෙනුවට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ඔබට මේ සදහා භාවිතා කිරීමට හැකී ඔබ ගෙදර දොරේ භාවිතා කරන හරිම සාමාන්‍ය අමුද්‍රවයය. 

ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ ඔබේ මේ අප්‍රසන්න සුවද නැති කර ගැනීම සදහා ඔබට කල හැකි දේවල් කිහිපයක් පිළිබදව. මෙය ඔබට බොහෝ වැදගත් වෙනවා නම් නොඅනුමානයි. 

01. විනාකිරි වල පාදය පොඟවන්න. 

 ඇසිටික් අම්ලය අඩංගු විවිධ බැක්ටීරියා, දිලීර සහ ක්ෂුද්‍ර ජීවීන් සමඟ සටන් කරන ප්‍රබල ප්‍රතිබැක්ටීරීය සහිත ද්‍රවයයක් තමා විනාකිරි කියල කියන්නේ. 

  • විනාකිරි වල පාදය පොගවා ගැනීම සදහා පහත දෑ එකට එක් කරන්න. 
  • විනාකිරි එක් කොටසක්.
  • ජලය කොටස් 2ක්.
  • ඔබ කැමති නම් essential oil ටිකක්.

මේවා සියල්ල බේසමකට දමා බීට් කර ගැනීම සිදු කරන්න. පසුව මෙහි ඔබේ පාද විනාඩි 10 සිට 20 දක්වා කාලයක් පොගවා තබන්න. දිනකට එක් වරක් මෙය කරන්න. ඔබේ පාදයේ දුර්ගන්ධය ඉවත් වී යාවි. 

02. කෝපි බොඩි ස්ක්‍රබ්

ගන්ධය උරා ගන්නා ගුණාංග සඳහා ප්‍රසිද්ධ ද්‍රවයයක් තමා මේ කෝපි කුඩු කියල කියන්නේ.  මාළු, සුදුළූණු සහ ළූණු වැනි  මුළුතැන්ගෙයි ගන්ධයන් ඉවත් කිරීම සඳහා වුවත් ඔබට මෙම කෝපි කුඩු භාවිතා කරන්න පුළුවන්. ඔබ කල යුත්තේ මේවා යොදා ගෙන ඔබේ දෑත සේදීමයි.  කෝපි කුඩු  ශරීරයේ දුර්ගන්ධය අවම කර ගැනීම සදහාද භාවිතා කරන්න පුළුවන්. මිය ගිය සමේ සෛල ඉවත් කර නව හා පිරිසිදු සම මතු කර ගැනීම සදහා ඔබට කෝපු කුඩු ස්ක්‍රබ් එක භාවිතා කරන්න පුළුවන්.

  • කෝපි බොඩි ස්ක්‍රබ් එකක් සෑදීමට, මේවා එකට එක් කරන්න:
  • කෝපි කුඩු එක් කොටසක්.
  • පොල් තෙල් හෝ ඔලිව් තෙල් එක් කොටසක්.
  • එසේන්ෂල් ඔයිල් බින්දු කිහිපයක්. 
  • සියලුම අමුද්රව්ය කුඩා භාජනයකට දමා මිශ්‍ර කිරීම සිදු කරන්න. 

භාවිතා කිරීමේදී ඔබේ සම තෙත් කර ඔබේ සිරුර මත මෙය මෘදු ලෙස ආලේප කරන්න. ඔබේ සම පැහැපත් කර ගැනීමට අවශයය නම් මෘදු ලෙස සම්බාහනය කරන්න. පසුව සබන් භාවිතා කර සෝදන්න. සතියකට වරක් මෙම ස්ක්‍රබ් එක නොවරදවාම භාවිතා කරන්න. 

03. ලෙමන් ජල පවිත්‍රකාරකය

 විටමින් සී සහ සිට්‍රික් අම්ලය ලෙමන් වල බහුලව අන්තර්ගත වනවා. මේ තුළින් ඔබේ ශරීරය ගන්ධය ඇති කරන බැක්ටීරියා වලින් ආරක්ෂා කිරීම සිදු කරනවා.ඔබේ ශරීරයේ pH අගය වෙනස් කිරීමට ලෙමන් වතුර පානය කිරීමෙන් සහ ඔබේ යටි පතුල් වලට ලෙමන් යුෂ යෙදීමෙන් ඔබට හැකියාවක් තිබෙනවා. මෙය රාත්‍රියේදී යෙදීම බොහෝ සුදුසුයි. මීට හේතුව ලෙමන් වල ඇති අම්ල සූර්යයාට නිරාවරණය වන විට දැඩි ලෙස ප්‍රතික්‍රියා කිරීමයි. මෙය වෛද්‍ය විශේෂඥ‍‍යින් විසින් සොයාගෙන ඇති දෙයක්.

  • ලෙමන් ජල පවිත්‍රකාරකයක් සෑදීම සදහා මෙසේ කරන්න:
  • ලෙමන් භාගයක යුෂ
  • වතුර කෝප්ප එකක්

ඔබට මෙම මිශ්‍රණය පානය කළ හැකිය, නැතහොත් කපු බෝලයක් ගිල්වා ඔබේ සම  ක්ලෙන්සර් කිරීමට මෙය යොදා ගත හැකී. 

04. ඇල්කොහොල් ගන්ධ නියුට්‍රලයිසර්

බැක්ටීරීයා නිසා තමා සාමාන්යයෙන් නරක ගන්ධයන් ඇති වීම සිදු වෙන්නේ, ඇල්කොහොල් වල බැක්ටීරියා විනාශ කිරීමේ ගුණ පවතිනවා. මේ නිසා සිරුරෙන් පිටවන නරක ගන්ධය නැති කර ගැනීමට මේ තුලින් හැකියාවක් තිබෙනවා. ඔබට ඩියොඩ්‍රන්ට් එකක් ලෙස මත්පැන් භාවිතා කරන්න පුළුවන්,  ඔබේ දහඩිය සහිත කිහිලි වලට මෙය ආලේප කිරීමට ඔබට හැකී. ඔබ රැවුල කැපූ වහාම හෝ වැක්ස් කල වහාම නම් මෙය භාවිතා කිරීම සිදු කරන්න එපා. 

05. පොල්තෙල් මවුත් වොශ්.

පොල්තෙල් ප්‍රතිබැක්ටීරීය ගුණ වලින් පොහොසත්.මුඛ සෞඛ්‍යාරක්ෂාවට උපකාරී වන ප්‍රතිබැක්ටීරියා තමා මෙහි අන්තර්ගත වෙන්නේ. මෙම බහුකාර්ය තෙල් මගින් නරක හුස්ම අවම කිරීම සිදු කරනවා.

  • පොල්තෙල් මුඛ සේදීමක් භාවිතා කිරීම සදහා පහත් සදහන් ලෙස කරන්න. 
  •  පොල්තෙල් මේස හැදි 1ක් හෝ 2ක්. 

ඔබේ මුඛය වටා මෙය අවම වශයෙන් මිනිත්තු 5 ක් වත් කරකවමින් තබා ගෙන ඔබේ උගුරේ ගාගල් කිරීම සිදු කරන්න. පසුව තෙල් ඔබේ කටින් ඉවත් කර පිරිසිදු ජලයෙන් ඔබේ මුඛය සෝදා ගන්න. 

06. බේකින් සෝඩා ඩියෝඩ්‍රන්ට්

බොහෝ කර්මාන්තවල ගන්ධ උදාසීනකාරකයක් ලෙස මෙය  භාවිතා කරනවා මීට හේතුව තමා මෙම බේකින් සෝඩා වල ප්‍රබල ගන්ධ අවශෝෂණ ගුණාංග පැවතීම.බොහෝ  ඩියෝඩ්‍රන්ට් වල ශරීර දුර්ගන්ධයට එරෙහිව සටන් කිරීමට බේකින් සෝඩා ‍යොදා ගන්නවා. නමුත් බේකින් සෝඩා එහි පිරිසිදු ස්වරූපයෙන් කෙලින්ම ඔබේ සම මත ආලේප කිරීම සුදුසු නෑ. මීට හේතුව එය සංවේදීතා ප්‍රතික්‍රියා ඇති කල හැකී. මේ නිසා ඔබ එය භාවිතා කිරීමට පෙර එය වෙනත් දෙයක් සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමට අමතක කරන්න එපා. 

බේකින් සෝඩා වලින් වියළි ඩියෝඩ්‍රන්ට් සෑදීමට,මෙසේ සිදු කරන්න:

  • බේකින් සෝඩා එක කොටසක්.
  • කෝන් ස්ටාච් කොටස් 6ක්.
  • ගැල්වීමට පෙර ෂේකර් හෝ කුඩු බෝතලයක තබා මෘදු ලෙස සොලවන්න.

බේකින් සෝඩා තෙත් ඩියෝඩ්‍රන්ට් සෑදීමට, මෙසේ සිදු කරන්න:

  • බේකින් සෝඩා එක් කොටසයි.
  • පොල්තෙල් කොටස් 2යි.

කුඩා භාජනයකට මෙම අමුද්රවයය දමා මිශ්ර කර සම මත මෘදු ලෙස සම්බාහනය කරන්න. 

07. සුදුළූණු  වලින් ගන්ධය ඉවත් කිරීම. 

ඔබත් සුදුළූණු ගන්ධය අප්‍රිය කරන කෙනෙක්ද, නමුත් ඔබ දන්නවා ද ? සුදුළූණු එහි අඩංගු ප්‍රතිබැක්ටීරීය ගුණාංග නිසා ශරීර ගන්ධයන්ට එරෙහිව සටන් කරන බව සොයාගෙන තිබෙනවා. ඔබේ ආහාර වේලෙහි සුදුළූණු වැඩිපුර අන්තර්ගත කිරීමෙන් ශරීරයේ ශක්තිමත් ගන්ධයන් වැඩි දියුණු කිරීමට පුළුවන්. 

මෙය සාදා ගැනීම සදහා පහත දෑ සිදු කරන්න. 

  • සුදුළූණු බිග් 3ක්
  • වතුර කෝප්ප 2ක්.

මිනිත්තු 10 සිට 15 දක්වා සුදුළූණු සහ ජලය එකට උණු කර ගන්න. මිශ්රණය සිසිල් කරන්න. ඔබේ සිරුරේ මෙය ආලේප කර මෙය විනාඩි 30ක් පමණ තබන්න. මෙය දිනපතාම සිදු කිරීමට අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published.