සබන් භාවිතා නොකර නෑමෙන් ඔබේ ශරීරයට සිදු වන දේ

තත්වයෙන් ඉහල සම ආරක්ෂණයක් ලෙස අපි හිතන්න පුරුදු වෙලා ඉන්නේ පිරිසිදු සමක් තිබීමයි. කොහොම වුණත්, ඔළුවේ ඉඳන් කකුල් දෙක දක්වාම සබන් පෙණ නැංවීමෙන් ඔයාගේ සෞඛ්‍යට වෙන්නේ අහිතක් මිස හොඳක් නෙවෙයි. සබන්වලින් හොඳ සුවඳක් වහනය වුණත් සැමට නම් ඒ තරම් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ.

වතුර විතරක් පාවිච්චි කර ස්නානය කිරීමෙන් ශරීරයේ රැඳී තිබෙන කුණු දුහුවිලි ඉවත් වනවාද? සබන් පාවිච්චි නොකර ස්නානය කිරීමෙන් කුමක් සිදු වේද? ඔයාට මේ දේවල් දැනගැනීමට හැකි වේවි මෙය කියවීමෙන් අනතුරුව.

01. සමට නිරෝගී බවක් දැනෙනවා.

වතුර පමණක් භාවිතා කර ස්නානය කිරීම මඟින් සමෙහි ආරක්ෂිත ස්තරය සමතුලිත තත්වයට පත් වෙනවා. සබන් මඟින් ශරීරයේ රැඳී තිබෙන කුණු දුහුවිලි ඵලදායී ආකාරයට ඉවත් කළත් ඒ සමඟම සම මඟින් ස්‍රාවය වන ස්වභාවික තෙල් ද ඉවත් කරනවා. නිතරම සබන් පාවිච්චි කිරීමෙන් සමෙහි pH සමතුලිතට බාධා ඇති වී සම වියලීමට සහ සම ආශ්‍රිත ගැටළු ඇති වනවා.

02. සිරුරේ ගන්ධය නැති වී යයි.

සබන් භාවිතා කර ස්නානය කිරීම මඟින් තාවකාලික නැවුම් සුවඳක් ලැබුණත්, සම බැක්ටීරියා වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉහළයි. සබන් වල අන්තර්ගත වන රළු අමුද්‍රව්‍ය හේතුවෙන් සම මත ජීවත්වන ස්වභාවික තෙල් හා බැක්ටීරියා වර්ගවල සමබරතාවයට බාධා වෙනවා. මේ නිසා සමට වැඩිපුර තෙල් සහ බැක්ටීරියා නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ප්‍රතිබැක්ටීරීය සබන් සමට නුසුදුසු වීමට හේතුව එමඟින් නරක ක්ෂුද්‍ර ජීවීන් සමඟ අපට ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන්ද මරා දමන නිසයි.

03. ශරීරයේ පෞද්ගලික කොටස් නිරෝගීව තියාගන්නවා

නිතරම සබන් යොදා ස්නානය කිරීම මඟින් ලිංගික ප්‍රදේශ වියළීමට ලක් වෙන්න පුළුවන් නිසා සෞඛ්‍ය ගැටළු උද්ගත වීමට ඉඩ තියෙනවා. ශරීරයේ පුද්ගලික කොටස් පිරිසුදු කිරීමට මද උණුසුම් වතුර, හෝ ගන්ධය ඉවත් කරගැනීමට අවැසි වූ විට උණුසුම් ජලය පාවිච්චි කිරීම වඩා උචිතයි.

04. සම රැළි නොවැටී දීර්ඝ කාලයක් පවතීවි.

සබන් වල අන්තර්ගත වන ගොඩක් අමුද්‍රව්‍ය මඟින් සමෙහි පිරිසිදු බව සහ නැවුම් බව තහවුරු කළත් ඇත්තටම එයින් වෙන්නේ හානියක් මිස යහපතක් නොවෙයි. එමඟින් සමේ පවතින අම්ල ආවරණ වලට හානි වෙන්න පුළුවන්. මේ නිසා  කුරුලෑ ඇතුළු සම ආශ්‍රිත රෝගී තත්ත්ව නරක අතට හැරෙන්න ඉඩ තියෙනවා. සබන් භාවිතා කර ස්නානය කල විට සම වියළීමට ලක් වන නිසා රැළි වැටීමට මුල් වෙනවා.

05. විටමින් ඩී ඌණතාවය වැඩි දියුණු වීමේ සම්භාවිතාවය අඩුයි.

සබන් භාවිතය විටමින් ඩී අවශෝෂණය සඳහාද බාධා වෙනවා. අපගේ සම මඟින් හිරු එළිය විටමින් ඩී බවට හරවනවා. ඇතැම් සෞඛ්‍ය විශේෂඥයින් නිර්දේශ කරන්නේ අවම වාර ප්‍රමාණයක් ස්නානය කිරීමටයි, මෙය සමෙහි අසමතුලිතතාවයට හේතු වනවා මෙන්ම විටමින් ඩී වලින් කිසියම් ප්‍රමාණයක් ද ඉවත් වී යනවා. මේ කොහොම වුණත් වෛද්‍ය ප්‍රජාවේ වැඩි දෙනෙකුගේ අදහස වෙන්නේ ස්නානය කිරීමෙන් අනතුරුව පවා ශරීරයේ විටමින් ඩී ඉතිරිව පවතින බවයි.

බෝනස්: සබන් වෙනුවට යොදා ගත හැකි ආදේශක 

පිරිසිදු කිරීමේ තෙල්:

සබන් වෙනුවට භාවිතා කල හැකි සෞඛ්‍යාරක්ෂිත ආදේශකයක් ලෙස තෙල් මත පදනම්ව නිෂ්පාදනය කරන ලද ක්ලෙන්සර් හැඳින්විය හැකියි. ඒවා තෙල් බාධකයට බාධා නොකර කුණු දුහුවිලි සහ සමෙහි මැරුණු සෛල අයින් කරනවා.

වියළි මැදීම:

වියළි බුරුසුවක් පාවිච්චි කිරීම මඟින් මැරුණු සෛල ඉවත් වී සම නව්‍යකරණය වීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවනවා.

ස්වාභාවික ස්ක්‍රබ් සියල්ලම:

පැන්ට්‍රි කබඩ් එකේ තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන ඔයාගෙම කියල මිශ්‍රණයක් සකස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට, ඕට්ස්, මී පැණි සහ සීනි සංයෝජනයෙන් සැමට හානියක් නොවන විදියට මැරුණු සම ඉවත් කර සම පිරිසිදු කරගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published.