සමේ ඇති අදුරු පැල්ලම් ඉවත් කිරීමට පහසු ක්‍රම 11 ක්

මිනිස් සිරුරේ විශාලතම අවයවය ලෙස සම හදුන්වන්න පුළුවන්.සමේ ගැටලු පිළිබද අප බොහෝ සැලකිලිමත් විය යුතුයි.  කුරුලෑ වැනි වඩාත් සුලභ සමේ තත්වයන් ලෝක ජනගහනයෙන් සියයට 80 කටම පමණ තිබෙන බව සංඛ්‍යාලේඛනවලට අනුව ඔප්පු වෙලා තිබෙනවා. සම මත අඳුරු පැල්ලම් කියල කියන්නේ ඕනෑම වයසකදී දිස්විය හැකි තවත් පොදු සමේ තත්වයක්. ඔබත් මෙසේ සමේ ගැටලු තිබෙන කෙනෙක්ද ? බය වෙන්න එපා. මෙවැනි පොදු ගැටලු සදහා වැදගත් වෙන බොහෝ පිළියම් තිබෙනවා. 

සම මත අඳුරු පැල්ලම් ඇතිවීමට ප්‍රධාන හේතු කිහිපයක්ම තිබෙනවා. මෙම අදුරු පැල්ලම් ඉවත් කර ඔබේ සමත් නැවත පැහැදිලි කර ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා. අපි අද ඔබට අරගෙන එන්න හිතුවේ මෙන්න මේ දේවල් පිළිබද කරුණු කිහිපයක් ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ. 

ඔබේ සමේ අඳුරු ලප හටගන්නේ කෙසේද ? 

අදුරු ලප අපේ සමේ දිස්වෙන්නේ එක වරමයි.මේවා එකවරම අපේ සමේ ඇති වුනාට මීට හේතු පවතිනවා. විද්‍යාඥයින් පවසන පරිදි සමේ තත්ත්වය අවුලුවන විවිධ සාධක පවතිනවා. හිරු එළියට නිරාවරණය වීම, දැවිල්ල, හෝමෝන වෙනස්කම්, රසායනික බෙහෙත් ගැනීම, අක්මා රෝග වැනි සමහරව සෞඛ්‍ය ගැටලු සහ වයස්ගත වීම වැනි දෑ මේ සාධක අතරින් කිහිපයක්. මෙම අඳුරු පැල්ලම් ඇති වුවහොත් එය ඇති වෙන්නේ මෑතකදී ඇති වූ සමේ දැවිල්ල නිසා හෝ ඔබේ ඡායාරූප සංවේදීතාවය නිසාද විය හැකී. 

ස්වාභාවික පිළියම් භාවිතා කරන්න.

සමේ අඳුරු පැල්ලම් සහ කැළැල් නැති කිරීමට උපකාරී වන ස්වාභාවික ද්‍රවයයක් ලෙස අර්තාපල් හදුන්වන්න පුළුවන්. ඔබට අර්තාපල් යුෂ එහෙමත් නැතිනම් නැවුම් අර්තාපල් තුනී පෙති ලෙස කපාගෙන ඔබේ සමේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ආලේප කරන්න පුළුවන්.මෙය මිනිත්තු කිහිපයක් මෙසේ තිබෙන්නට ඉඩ දෙන්න. පසුව ඔබේ සම පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙය භාවිතා කල පුද්ගලයින් දින දවස් 7 කින් 8කින් හොදම ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා. 

වයස්ගත වීම අවම කරන සහ සම පෝෂණය කරන ගුණාංග වලින් අනූන ද්‍රවයයක් තමා කෝමාරිකා කියල කියන්නේ. කෝමාරිකා කොළයක් අඩක් වන්නට කපා ඔබේ සම මත ආලේප කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා.පසුව මෙය වියළීමට ඉඩ දී වතු‍රෙන් සෝදා ඉවත් කරන්න. අඳුරු පැල්ලම් ඉවත් වන තුරුම මෙය දිනපතා සිදු කරන්න. 

 විටමින් සී විශාල ප්‍රමාණයක් මේ තැඹිලි වල අන්තර්ගත වනවා. මේ නිසා මෙය සියලුම ආකාරයේ සමේ රෝග සඳහා හොද විසදුමක් ලෙස ගත හැකී. තැඹිලි පීල් කුඩු තේ හැදි 1 ක්, කිරි මේස හැදි 3ක්, සමඟ මිශ්‍ර කර මෙයින් මුහුණු ආවරණයක් සාදා ඔබේ මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 10-15 අතර කාලයක් මෙය ඔබේ සමේ තබා ගෙන සිටින්න. අවසානයේ ජලයෙන් සෝදා මෙය ඉවත් කරන්න. 

ශක්තිමත් සුදු කිරීමේ ගුණ ඇති තවත් ස්වාභාවික නිෂ්පාදනයක් ලෙස ලෙමන් හදුන්වන්න පුළුවන්. ඔබ කල යුත්තේ නැවුම් ලෙමන් යුෂ ස්වල්පයක් කපු පෑඩ් එකකට දමා හානියට පත් ප්‍රදේශයට යෙදීමයි. යුෂ වියළුණු පසු වතු‍රෙන් සෝදා හරින්න. මෙය සති දෙකක් පුරාවට දිනපතාම කිරීමට අමතක කරන්න එපා. 

ඔබට මී පැණි සමඟ ලෙමන් යුෂ මිශ්‍ර කර ඔබේ සමේ පැහැය දීප්තිමත් කිරීමට, පෝෂණය කිරීමට සහ තානයට උපකාරී වන  මුහුණේ ආවරණයක් සාදා ගැනීමට හැකියාවක් තිබෙනවා.  

සමට පුදුම සහගත ලෙස ක්‍රියා කරන තවත් ද්‍රවයයක් තමා පොල් තෙල් කියල කියන්නේ. ඔබේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පොල්තෙල් ආලේප කර ඔබේ සමට එය අවශෝෂණය කර ගැනීමට ඉඩ දෙන්න. ඔබට වැඩි විටමින් ප්‍රමාණයක් ඔබේ සමට ලබා දීමට අවශය‍ය නම් සීතල සම්පින්ඩිත පොල් තෙල් භාවිතා කරන්න. 

සමාන කොටස්වලින් ජලය සහ ඇපල් සයිඩර් විනාකිරි මිශ්‍ර කර ඔබට ඔබේ සමට යෙදීම සදහා ටෝනර් සාදා ගැනීමට හැකියාවක් තිබෙනවා.පසුව ඔබ කල යුත්තේ මෙම මිශ්‍රණය හානියට පත් ප්‍රදේශයට යෙදීමයි.පසුව වියළුණු පසු ජලයෙන් සෝදා ඉවත් කරන්න. 

සම සුදු කිරීම සදහා ඵලදායී වන අන්නාසි, අම්ල වලින් පොහොසත් ද්‍රවයයක්. ඔබ කල යුත්තේ අදුරු පැල්ලම් ඇති ප්‍රදේශවලට අන්නාසි යුෂ කපු පෑඩ් එකකින් ආලේප කර විනාඩි 5 කට පසු මේ සදහා පිළියමක් යෙදීමයි. අන්නාසීව තුනීව පෙති කපා ඔබේ සමේ ඇතිල්ලීමත් ඔබට කරන්න පුළුවන්.

ඕට් සහ යෝගට් මුහුණු ආවරණයක් ඔබට උත්සහ කරන්න පුළුවන් ඔබේ සම සුදු කර ගැනීම සදහා. ඕට්ස් තේ හැදි 1ක් ස්වභාවික යෝගට් තේ හැදි 2ක් සමඟ මිශ්‍ර කර මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කිරීම සිදු කරන්න. මිනිත්තු 20ක් පමණ මෙසේ සිට ජලයෙන් සෝදා හරින්න. 

ඔබේ පුරුදු වෙනස් කරන්න

ඔබේ සමේ අඳුරු පැල්ලම් ඇති කරන එක් සාධකයක් තමා ඔබ හිරු එළියට නිරාවරණය වීම . හානිකර සූර්ය විකිරණවලින් අපගේ සම ස්වාභාවික ආරක්ෂා වන මෙලනින් නිපදවීමට සිදු වෙනවා ඔබ බොහෝ කාලයක් සූර්‍යයාට නිරාවරණය වී සිටියදී. ඔබ හිරු ආවරණ භාවිතා කරන්න අමතක කරන්න එපා ඒ වගේම හිරුට නිරාවරණය වී බොහෝ වෙලා සිටීමද කරන්න එපා. 

සූර්යයාට නිරාවරණය නොවූ විට පවා අඳුරු පැල්ලම් ඇති කිරීමට ඇතැම් රසායනික ද්‍රවයය වලට හැකියාවක් තිබෙනවා. ඔබේ සමේ අදුරු පැල්ලම් බොහෝ තිබෙනවා නම් රසායනික ද්‍රවයය භාවිතා කිරීම සිදු කරන්න එපා. 

අවදානම් ගැන සැලකිලිමත් වන්න

ඔබට මේ කිසිදු විසදුමක් වැඩ කලේ නැත්නම් ඔබ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවීම සිදු කරන්න. ඔබ ඔබේ අදුරු පැල්ලම් හටගන්නේ කුමක් නිසාද යන්න පිළිබද බොහෝ සැලකිලිමත් විය යුතුයි. මෙය සොයාගත් පසු ඔබට ඔබේ අදුරු පැල්ලම් වලට විසදුම් සෙවීම පහසු වෙනවා. 

ඔබ භාවිතා කරන තවත් ක්‍රම තිබෙනවාද ? එසේනම් අපට කියාගෙනම යන්න අමතක කරන් නැතුව. 

Leave a Reply

Your email address will not be published.