සාප්පු තුළ වැඩිපුර ගෙවීමට අපව පොළඹවන සැඟවුණු උගුල් 10ක්

වෙළඳසැලක හෝ සුපිරි වෙළඳසැලකට ගියාම අපි එනකොට හිතාගෙන ආවට වඩා ගොඩාක් දේවල් මිල්දී ගන්නවා. සමහර විට අපිට ඒවා ඇත්තටම අත්‍යවශ්‍යත් නෑ. ඒත් වෙළඳසැලේ ඒවා තියන විදිහ දැක්කම අපිට ගන්න හිතෙනවා. ඔයා විතරක් නෙවෙයි, අපි හැමෝම මේ වගේ අනවශ්‍ය මිලදී ගැනීම් සිදුකරනවා. මෙහෙම වෙන්නෙ වෙළෙඳුන් විකුණුම් වැඩි කරගන්න යොදන උපක්‍රම නිසා කියලා ඔයා දන්නවද?

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ විකුණුම් ඉහළ නැංවීම සඳහා අලෙවිකරණ විශේෂඥයින් භාවිතා කරන පොදු උගුල් 10ක ක් ගැනයි.

01. පිටවීම අපහසු කිරීම

මිනිසුන්ගෙන් 60% කට වඩා වැඩි පිරිසක් එයාලගෙ කාට් එකට දාගත්ත බඩුවලින් අනවශ්‍ය දේවල් ඉවත් කරන්නෙ සල්ලි ගෙවන්න පෝලිමේ ඉන්න වෙලාවෙදියි. ඒ නිසා කවුන්ටර් එකට ඉන්න පෝලිම දෙපැත්තෙන් එයාලා කිසිම රාක්කයක් තියන්නෙ නෑ.

02. විවේකයක් නැතුව විවේක ගන්න

ශොපින් යන අතරෙදි ටිකක් විවේක ගැනීමට සහ කෙටි ආහාරයක් ගැනීමට තමයි ශොපින් මෝල් වල ෆුඩ් කෝට් එකක් හදලා තියෙන්නෙ. ඒත් මෙතන කෑම කන්න ගොඩක් වෙලා ගත කරන්න බෑ. මොකද ෆුඩ් කෝට් එක එයාලා නිර්මාණය කරලා තියෙන්නෙම හරිම අඩු ඉඩකයි. අපහසු ආසන, මේස අතර කුඩා ඉඩ, ශබ්ද සහ දෝංකාර වගේ දේවල් නිසා පාරිභෝගිකයන්ට මෙතන වැඩි වෙලාවක් විවේක ගන්න බෑ. මෙහෙම කරන්නෙ සාප්පු සංකීර්ණවලට නිරන්තරයෙන් වෙනස් වන ගනුදෙනුකරුවන් පිරිසක් ඇති කිරීමටයි.

03. ජනෙල් සහ ඔරලෝසු නෑ

කැසිනෝවලට ජනේල හෝ ඔරලෝසු නොමැති බව සාමාන්‍යයෙන් අපි දන්න දෙයක්. එතකොට මිනිස්සුන්ට එතන ගත කරන වෙලාව ගැන හරිහැටි අවබෝධයක් නැති නිසා එයාලා ඇති තරම් විනෝද වෙනවා. සාප්පු සංකීර්ණ ත් මේ උපක්‍රමය ප්‍රයෝජනයට අරගෙන තියෙන්නෙ පාරිභෝගිකයන්ව වැඩි වෙලාවක් ඒ තුළ රඳවාගැනීමට සහ ඔවුන්ගේ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නොදැනුවත්වම වියදම් කරවිමටයි.

04. සුවපහසු වෙළඳසැල්

වෙළඳ සංකීර්ණවල හැම පාරක්ම දීප්තිමත් ලෙස ආලෝකමත් කරලා තියනවා. ඒ වගේම බිමට ලස්සන ටයිල් අතුරා ඇති අතර නිතරම දෝංකාර දෙන ඝෝෂාකාරී සංගීතයකුත් දාලා තියනවා. හැබැයි ඔයා ඕනම වෙළඳසැලකට ඇතුළු වුණු ගමන්, ඒ ආලෝකය සහ ඝෝෂාකාරී සංගීතය හදිසියේම සන්සුන් හා ප්‍රසන්න බවට පත් වෙනවා. ඒ කියන්නෙ හරිම නිදහස් හැඟීමක් දැනෙන විදිහට ඒ පරිසරය හදලා තියනවා. මේකත් ඔයාව දිගු කාලයක් වෙලඳසැල ඇතුළේ රඳවා තබාගන්න කරන උපක්‍රමයක්.

05. ලස්සන වැඩි කරලා පෙන්වන කණ්ණාඩි

අපිව සිහින්, වඩා පැහැපත් සහ උස පෙනුමක් ලබා දීම වෙළදසැල්වල ෆිටෝන් රූම්වල විශේෂ කණ්ණාඩි වර්ගයක් සවි කරලා තියනවා. සමහර යට ඇඳුම් වෙළඳසැල්, සම පැහැපත් කර පෙන්වීම සඳහා ඔවුන්ගේ කණ්ණාඩි වලට රෝස වර්ණක එකතු කරනවා. ඉතින් අපි රූම් එක ඇතුළට ගිහින් ඇඳුම ඇඳලා බැලුවම, ඒක අපිට හරිම ලස්සනයි කියලා හිතෙනවා. ලස්සනයි කියලා හිතෙන තරමට අපි ඒවා මිලදී ගන්න තියන ඉඩ වැඩි බව වෙළඳසැල් හිමියන් දන්නවා

06. භාණ්ඩ අසුරා තිබෙන ආකාරය වෙනස් කිරීම

ඔයා කාලයක් තිස්සේ එකම වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගන්න කෙනෙක් නම්, එතන භාණ්ඩ තියලා තියන තැන් ගැන ඔයා හොඳටම දන්නවා. ඉතින් වටපිට බලන්නෙත් නැතුව ගන්න ඕන දේ ඉක්මනින්ම ඔයාට හොයාගන්න පුලුවන්. හැබැයි ඒ වෙනුවට එයාලා කාලෙන් කාලෙට භාණ්ඩ තියන තැන් වෙනස් කරනවා. එතකොට ඔයාට ගන්න ඕන දේ හොයන්න යම් කාලයක් ගත වෙනවා. මේ කාලය අතරතුර ඔයා දකින වෙනත් දේවලුත් ඔයා මිලදී ගන්නවා. මේ නිසා තමයි එයාලා වරින් වර රාක්ක තියන තැන් වෙනස් කරන්නෙ.

07. ආලෝකය යොදන ආකාරය

හොඳම කෙසෙල් කියන්නෙ තරමක කහ පැහැයක් තියන කෙසෙල් බව අපි කවුරුත් දන්නවා. මේක අනෙකුත් පලතුරු සහ එළවළු සඳහාත් අදා‍ළයි. සාප්පු හිමියන් මේක හොඳින් දන්න නිසා එයාලා එළවළු පලතුරු වල පාටවත් දීප්තිමත් කරලා පේන විදිහට රාක්ක ඇතුළෙන් ලයිට් සෙට් කරනවා.

08. බොරු ඉල්ලුමක් ඇති කිරීම

උදාහරණයක් විදිහට ජූස් වර්ග තියන රාක්ක ගැන හිතමු. ජූස් පෙට්ටි අතර හිස් ඉඩක් තියන බව ඔයා දැකලා තියනවද? එඑතකොට අපි හිතන්නෙ ඒ බීම වර්ගය හොඳ නිසා ඒක ගොඩදෙනෙක් ගන්නවා ඇති කියලයි. ඒත් මේ විදිහට වැඩි ඉල්ලුමක් තියනවා වගේ පේන්න රාක්කවල හිස්තැන් හදන්නෙත් ගබඩා සේවකයන් විසින් මයි.

09. සාප්පුව ඇතුළේ බිත්තිවල සවිකරන කණ්ණාඩි

ඇඳුම් මාරුකරන කාමරවලින් පිටත කණ්ණාඩි මගින් විකුණුම්වල වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පුද්ගලයෙකුට ඕනෑවට වඩා විශ්වාසයක් නොමැති නම් හෝ පෙනෙන්නේ නැති තරම් නම්, එයාගේ නිරන්තරයෙන් පෙනෙන ප්‍රතිබිම්බය එයාට ඒක මතක් කරලා දෙනවා. මේ උපක්‍රමය යොදන්නෙ, තමන්ගෙ තත්වය වැඩිදියුණු කිරීම සඳහා පාරිභෝගිකයා අලුත් දෙයක් මිලදී ගන්න සැලැස්වීමටයි.

10. එකම භාණ්ඩය මිල දෙකකින් සඳහන් කිරීම

එකම රාක්කයේ සමාන ලක්ෂණ සහිත කේතල දෙකක් තියනවා. හැබැයි, ඒවායින් එකක් ඩොලර් 79.99 ක් වන අතර අනෙක ඩොලර් 99.99 ක් බව මිල සඳහන් කරලා තියනවා. එහි ප්‍රතිඵලයක් විදිහට “ලාභ” එක හොඳින් විකිණෙන අතර වඩා මිල අධික එක විකිණෙන්නෙ නෑ. ඇයි ඒ? මොකද අපි හිතන්නෙ දේවල් වල සැබෑ වටිනාකම ගැන නෙවෙයි. අපිට ලොකු ලාභයක් ලැබෙන දේ ගන්න ඕන කියලයි.

Leave a Reply

Your email address will not be published.