සාර්ථක වීමට ප්‍රකෝටිපතියන් අනුගමනය කරන ලද මූලධර්ම 10 ක්

ඔප්රා වින්ෆ්‍රි වරක් පැවසුවේ, “මුදල් කිසිදා මගේ ප්‍රධාන ඉලක්කය නොවූ නිසා එවැනි මූල්‍ය සාර්ථකත්වයක් අත්කර ගැනීමට මට පුලුවන් වුණා.” ගොඩක් ප්‍රකෝටිපතියන් කියන්නෙත් මේකමයි. අද, ධනවත්ම මිනිසුන්ගේ මූලිකම සැලකිල්ල මුදල් ඉපයීම නෙවෙයි. උදාහරණයක් විදිහට, මාර්ක් සකර්බර්ග්ට ඕන වෙලා තියෙන්නෙ ලෝකය වෙනස් කිරීමටයි. ඒ වගේම ඊලොන් මාස්ක්ට අඟහරු ලෝකය ජනාවාසයක් කරන්න අවශ්‍යයි.

සාර්ථකත්වයට ළඟා වන මිනිසුන් උගත්, නිහතමානී අය වන අතර, එයාලගෙ තත්ත්වය ඔප්පු වෙන්නෙ සුඛෝපභෝගී භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමෙන් නොව, එයාලා කරන හොඳ දේවල්වල ප්‍රමාණයෙන්.

තමන්ගේ උත්සාහයෙන් ජිවිතය ජයගත්ත අයගෙන් අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා. ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාගෙ ජීවිතය යහපත් අතට හැරවීම සඳහා අනුගමනය කළ හැකි ධනවතුන්ගේ ප්‍රතිපත්ති කිහිපයක් ගැනයි.

10. ඔයාගෙ ඉලක්කය හොයාගෙන ඒක හරියට හදාගන්න

නිතර වෙනස් වෙන ඉලක්කයක් තියන කෙනෙක් නොවී ස්ථිර ඉලක්කයකට වැඩ කරන කෙනෙක් වෙන්න. ඒ නිසා මුලදිම ඔයාට අනාගතේදි කරන්න ඕන දේවල් ගැන පැහදිලි ඉලක්කයක් හදාගන්න. ඉදිරි කාලෙදි ඔයාගෙ ඉලක්කයට යන්න නිවැරදි තීරණ අරගන්න ඒක ඔයාට ගොඩක් වැවගත් වෙනවා.

  • ස්ටීව් ජොබ්ස් දුරකථනයක් නිකුත් කිරීමට කැමති වුණේ නෑ. ඔහුගේ ඉලක්කය වුණේ පරිගණකයක් ලෙසත් ක්‍රියා කළ හැකි, භාවිතයට පහසු දුරකථනයක් නිර්මාණය කිරීමටයි.

ඔයාගෙ ඉලක්කය නිශ්චිත වෙන්න ඕන. උදාහරණයක් විදිහට, ඔයා කේක් හදන්න කැමති කෙනෙක් නම්, ඔයා ඒක නිතර නිතර කරන්න කැමතියි. එතකොට සල්ලි උපයන්න කේක් හදන එකත් ඔයාට සතුටක් තමයි. හැබැයි ඔයා හිතන්න ඕන සල්ලි හම්බකරන්න කේක් හදනවා කියලා නෙවෙයි, කවදහරි මගේ කේක් විකුණන බේකරියක් දාගන්න මම උත්සාහ කරනවා කියලයි.

09. සැලැස්මක් හදලා ඒක අනුගමනය කරන්න.

ඔයා ලොව වටා සංචාරය කරන්න යන්නේ කොහොමද? ඔයා භාවිතා කරන්නෙ මොන ප්‍රවාහන ආකාරයද? ඔයා යන ගමන් මාර්ගය මොකක්ද? ගමන පටන් ගන්නෙ කවදාද?

  • ඊලොන් මාස්ක්ට අඟහරු ග්‍රහයා යටත් විජිතයක් කරන්න අවශ්‍යයි. මේ සැලැස්ම සකස් කිරීමෙන් පසු ඔහු නිගමනය කළේ එයට තිබෙන ප්‍රධාන බාධකය අඟහරු ග්‍රහලෝකයට පියාසර කිරීමේ අධික පිරිවැයක් වියදම් වීම බවයි. දැන් ඔහු ඒ සඳහා ආර්ථිකමය වශයෙන් වඩාත් ලාභදායී අභ්‍යවකාශ ප්‍රවාහනය දියුණු කිරීමට උත්සාහ කරනවා.

කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක සැලසුම් කිරීමේ පුරුද්ද දුර්වලතා සහ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාර්යයන් හඳුනා ගැනීමට උපකාරී වෙනවා. සමහර විට, සැලැස්ම සකස් කිරීමෙන් පසු, ඔයාගෙ ඉලක්කය ලයිනර් මත සංචාරයක් සඳහා ඩොලර් 20,000 ක් උපයා ගැනීම නොව ලොව පුරා හිච්හයික් කිරීම සඳහා සමාන අදහස් ඇති පුද්ගලයින් සොයා ගැනීම බව ඔයාටම වැටහෙන්න ඉඩ තියනවා.

08. පසුබට වෙන්න එපා.

චිත්තවේගීය බුද්ධිය කියලා දෙයක් ගැන ඔයා සමහර විට අහලා ඇති. ඒ කියන්නෙ හැඟීම් යටපත් කිරීමට නොව කළමනාකරණය කිරීමට ඇති හැකියාවයි. වෙනත් වචන වලින් කිව්වොත්, හැඟීම් සුදුසු තැන්වල පෙන්වීමට ඇති හැකියාව සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාරී වෙනවා. ඊට අමතරව, යටපත් කර ඇති හැඟීම් නිසා ශාරීරික යහපැවැත්ම නරක අතට හැරෙනවා. ඒ නිසා, ඔයාගෙ ඇත්තම හැඟීම් පෙන්වීමට පසුබට වෙන්න එපා.

07. ඔයා කරන දේට ආදරය කරන්න.

ඔයාට ඔයාගෙම ව්‍යාපාරයක් හෝ ඔයා ඉලක්ක කරන ඉලක්කය ගැන ලොකු පිස්සුවක් නැත්නම් සාර්ථකත්වයට පැමිණෙන්න අපහසුයි.

ආශාව අපිට හිතලා ඇති කරගන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක ඉබේම ඇතිවෙන්න ඕන. ඔයා ඔයාගෙ රැකියාවට ආදරේ නැත්නම්, එක්කෝ ඔයා කැමති විදිහේ රැකියාවක් හොයාගන්න. අකමැත්තෙන් හෝ ආසාවක් නැතුව කරන දේවල් වලින් සාර්ථක වෙන්න බෑ.

06. දැනුවත්ව මුදල් වියදම් කරන්න.

ඔයාට ඇඳුමක් මිලදී ගන්න ඕන නම් ඒක මිලදී ගන්න. හැබැයි ඊට කලින්, ඒ ඇඳුම ඔයාගෙ ඉලක්කයට කොයිතරම් වැදගත් වෙයිද කියලා හිතන්න.

  • “ඩොලරයක් ඥානවන්තව වියදම් කිරීම එය උපයා ගැනීමට වඩා දුෂ්කරයි.” – ස්ටීව් ජොබ්ස්

තමන්ගෙ ඉලක්කය ගැන ඇත්තටම පිස්සුවෙන් ඉන්න අය, අනවශ්‍ය දේවල්වලට මුදල් නාස්ති කරන්නෙ නෑ.

05. කාලය ඥානවන්තව භාවිතා කරන්න.

කාලය කියන්නෙ වටිනා සම්පතක්. මුදල් වියදම් කරනවා වගේම කාලය වියදම් කරන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි මේ කතා කරන්නේ හැම විනාඩියකටම කාර්යබහුල වෙන එක ගැන නෙවෙයි. කාලය ඥානාන්විතව භාවිතා කිරීම කියන්නෙ හැම විටම විනෝදාස්වාදය සඳහා අවස්ථාවක් සොයා ගැනීම සහ පහසුවෙන් අවධානය වෙනතකට යොමු නොකිරීමයි.

  • “මට කිසිම තේරුමක් නැති දේවල් වලින් මගේ ජීවිතය පිරිසිදු කරගන්න ඕන. මගේ ශක්තියෙන් කොටසක් මගේ ජීවිතයේ මෝඩ හා වැඩකට නැති දේවල් (ඇඳුම් තෝරා ගැනීම වැනි) වලට වැය කළොත් මට මගේ රැකියාව කරගන්න බෑ කියලා මට තේරෙනවා.” – මාර්ක් සකර්බර්ග්

සමාජ මාධ්‍ය තුළ අනවශ්‍ය විදිහට කාලය නාස්ති කිරීම, අනිත් අයගෙ ඕපදේප කතා කිරීමට සහ සෙවීමට වෙලාව වැය කිරීම වගේ දේවල් නැවැත්තුවොත් ඔයාට ඔයාගෙ කාලය නිකරුණේ නාස්ති වීමෙන් වළක්වගන්න පුලුවන්.

04. ප්‍රමුඛතා සකසන්න.

සමහර විට අපි හැන දේකදිම සාර්ථක වෙන්නෙ නෑ. ඔයා පේස්ට්‍රි සාප්පුවක ජින්ජර් බ්‍රෙඩ් කුකීස් විකුණන්න හිතාගෙන හිටියට, ඒවා පුළුස්සන්නෙ කොහොමද කියලා ඔයා දන්නෙ නැත්නම්, ඒ ගැන ඔයාට ඉගෙනගන්න වෙනවා. සමහර විට, ඉඟුරු බේකිං ගැන හොඳටම දන්න කෙනෙක්ව හොයාගැනීම හෝ ඒ වගේ කෙනෙක් එක්ක එකට වැඩ කිරීමට පටන් ගැනීම වගේ දෙයක් කරන්න වෙනවා.

  • ඊලොන් මාස්ක් සෞරග්‍රහ මණ්ඩලය විශ්වාස කරන නමුත් ඔහුට හැම දෙයකටම ප්‍රමාණවත් ශක්තියක් නොමැති බව ඔහු තේරුම් අරගෙනයි ඉන්නෙ. SolarCity ව්‍යාපෘතිය වෙනත් විශේෂඥයින් විසින් කළමනාකරණය කරන අතරතුර ඔහු Tesla සහ SpaceX සඳහා කැප වුණේ ඒ නිසයි. සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල මස්ක් SpaceX හි කාර්යාලයට යන අතර අඟහරුවාදා සහ බදාදා දිනවල ඔහු ටෙස්ලා කාර්යාලයට පැමිණෙනවා.

ප්‍රමුඛත්වය දීමේ පුරුද්ද රැකියාවේදී වගේම ජීවිතයේ වෙනත් අංශවලදිත් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට කරන්න ගොඩක් දේවල් තියනවා නම්, ඔක්කොම එකවර කරන්න උත්සාහ කරන්න එපා. එක දෙයක් ගැන විතරක් අවධානය යොමු කරන්න. ඔයා ඔයාගෙ පවුලේ අය එක්ක හැන්දෑවක් ගත කරන්න තීරණය කළා නම්, රැකියාවෙන් සහ මිතුරන්ගෙන් අවධානය වෙනතකට යොමු කරන්න එපා. හැම දේකම සාර්ථක වීමට ඇති ආශාව අසාර්ථක වීමට හේතු වෙනවා වගේම ඔයාගෙ ශක්තියත් අපතේ යනවා.

03. ජීවිතය අවුල් කරගන්න එපා.

තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙනකොට අපේ වැඩ ගොඩක් ලේසි වෙලා තියනවා. ඔන්ලයින් ශොපිං, ස්වයංක්‍රීය ගෘහ උපකරණ, නවීන සන්නිවේදන ක්‍රම කියන මේ හැම දෙයක් මගින්ම අපේ කාලය හා ශ්‍රමය ඉතිරි කරනවා. කොහොම වුණත්, ජීවිතයේ දුෂ්කරතා අවුස්සන්නේ බාහිර තත්වයන් නිසා නෙවෙයි, අපි විසින්මයි.

  • “දේවල් සංකීර්ණ කිරීමට තියන ආශාව ඔයාගෙ සතුරා යි. හැම කෙනෙකුටම සංකීර්ණ දෙයක් නිර්මාණය කරන්න පුලුවන්. සරල දෙයක් කරන්න අපහසුයි.” – රිචඩ් බ්‍රැන්සන්

සමහරු වරදකාරි හැඟීමෙන් එයාලගෙ ජීවිතය සංකීර්ණ කර ගන්නවා. සන්නිවේදනය නොකළ යුතු අප්‍රසන්න පුද්ගලයින් එක්ක සන්නිවේදනය කරන එක, හැමෝවම සතුටු කරන්න තියන ආසාව්ව වගේ දෙවල් නිසා ජීවිතය අපි හිතනවට වඩා සංකීර්ණ වෙනවා. පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය නම් මිය නොයෑමට හුස්ම ගැනීම, ජලය පානය කිරීම සහ ආහාර ගැනීම අවශ්‍යයි. ඒ හැරෙන්න වෙනත් කිසිම දෙයක් අනිවාරෙන්ම කරන්න ඕන කියලා දෙයක් නෑ.

02. විකාර අදහස්වලට සහ අනෙකුත් පුද්ගලයින්ගේ ප්‍රමුඛතා වලට “නැහැ” කියන්න.

ගැහැනියකගේ තැන තියෙන්නෙ කුස්සියේ, හරි පිරිමියෙක් නම් අඬන්නෙ නෑ, අපි වයසට ගියාම අපිව බලාගන්න ළමයි ඉන්න ඕන… මෙන්න මේ වගේ විකාර අදහස් මගින් අපි යහපත් ජීවිතයක් ගත කිරීම, අපේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ සතුටින් සිටීමෙන් වළක්වනවා.

  • “ඔයාට තියන කාලය සීමිතයි. ඒ නිසා අනුන්ට ඕන විදිහට ජීවිතය ගත කරමින් ඔයාගෙ සතුට නැති කරගන්න එපා. අන් අයගේ අදහස්වල ඝෝෂාවෙන් ඔයාගෙ අභ්‍යන්තර හඬ පරාජය කිරීමට ඉඩ දෙන්න එපා.” – ස්ටීව් ජොබ්ස්

ගොඩක් ප්‍රකෝටිපතියන් අද ඉන්න තත්වයට පත්වෙන්න එයාලට උදව් වුණේ, අන් අයට වඩා වෙනස් වීමට තිබුණු ආශාවයි. වෙනත් කෙනෙකුගේ මතයන් සහ සමාජයේ තියන විකාර මත ගැන හිතලා ඒ විදිහට වැඩ කරන්න ගියොත්, සාර්ථකත්වය කරා වෙන්න අමාරුයි.

01. ඔයා වෙනුවෙන් විතරක්ම ජීවත් වෙන්න එපා.

නූතන ප්‍රකෝටිපතියන් ගොඩදෙනෙක් පරිත්‍යාගශීලීත්වයට පුරුදු වෙලා ඉන්නවා. එයාලගෙන් බොහෝ දෙනෙක් දුප්පත් අයට උපකාර කිරීමට, කලාව, අධ්‍යාපනය සහ වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමට මුදල් වියදම් කරනවා.

  • Bill Gates සහ Warren Buffett එයාලගෙ “The Giving Pledge” ව්‍යාපාරය ආරම්භ කළ අතර, එහි අදහස වූයේ ඔවුන්ගේ ආදායමෙන් 50%ක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමයි. Mark Zuckerberg, George Lucas, Victor Pinchuk, Vladimir Potanin ඇතුළු 150කට වැඩි පිරිසක් මේ ව්‍යාපාරයට සහභාගී වෙනවා.

කෙනෙක්‍ට ඔයාගෙ කාලය, අවධානය සහ ශක්තිය ලබා දීම කියන්නෙ එයාලා වෙනුවෙන් ආයෝජනය කිරීමයි. අන් අයට උපකාර කිරීමෙන්, පුද්ගලයෙකුට අවශ්‍ය යැයි හැඟෙන අතර කිසිම ඇඳුමකට දිය නොහැකි සතුටක් ඔහුගේ හදවතට ලැබෙනවා.

ඇත්තටම, අපි මේ විස්තර කරපු මූලධර්ම මගින් ඔයාව එකවරම පොහොසත් කරන්නෙ නෑ. ඒත් සාර්ථකත්වය කියන්නෙ සල්ලිම නෙවෙයි. සතුට කියන්නෙ ඔයා කැමති දේ කිරීමට සහ ඔයාට හරි කියලා හැඟෙන තීරණ ගැනීමට අවස්ථාව ලැබීමයි.

Leave a Reply

Your email address will not be published.