සැබෑ ආදරය අන්තර්ජාලයෙන් සොයාගත් අයගෙන් වටිනා උපදෙස් 8 ක්

තමන්ට ගැලපෙනම සහකරුව තාමත් හමුවෙලා නැත්නම්, දැන් අන්තර්ජාලය භාවිතයෙන් ඒකත් කරගන්න පුලුවන්. අන්තර්ජාලය හරහා අලුත් පුද්ගලයින් හමුවීමට තියන අවස්ථාව තනිකඩ පුද්ගලයන්ගේ ජීවිත විශාල වශයෙන් පහසු කරලා තියනවා. හැබැයි, මේ අවස්ථාව බුද්ධිමත්ව භාවිතා කරන්න ඔයා දැනගෙන ඉන්න ඕන.

ඩේටින් ඇප් සහ වෙබ් අඩවි භාවිතා කරන අය ඒවා මගින් සහකරුවෙක් හොයාගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන වැදගත්ම කරුණු 8 ක් ගැන තමයි අපි අද ඔයාට කියන්නෙ.

01. දේවල් ඉක්මන් කරන්න එපා.

ඉක්මනින්ම ඔයාට ආදරය කරන කෙනෙක් හොයාගන්නත්, පවුලක් ආරම්භ කරන්නත් හදිස්සි වෙලා තීරණ ගන්න එපා. මුල්ම මැසේජ් එකෙන් ආදරයක් දැනෙන්නෙ නෑ. එකිනෙකාව දැන හඳුනගන්න දවසක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙනවා.

හැබැයි, මේ වගේ සහකරුවන් හොයන ඇප් සහ වෙබ් සයිට් වලින් හරියටම කෙනෙක් හොයාගන්නෙ කොහොමද?
අයිතිකරු ගැන හොඳ විස්තරයක් අඩංගු ප්‍රොෆයිල් වලට ලයික් කරන්න. එයාලගෙ පෙනුම සහ විනෝදාංශ ගැන ඔයාගෙ අවධානය යොමු කරන්න.

02. හොඳම ෆොටෝ එක තෝරගන්න.

Tinder සමාජ විද්‍යාඥ Jessica Carbino, හවුල්කරුවන් වැඩිපුර ආකර්ෂණය වෙන ඡායාරූප වර්ග මොනවද කියලා කියනවා.
ඔයා තනියම ඉන්න, වෙනස්, ලස්සන පාට තියන ෆොටෝ විතරක් අප්ලෝඩ් කරන්න.
ඔයා ගැහැණු ළමයෙක් නම් මේකප් කලාට කමක් නෑ. හැබැයි ඕනෑවට වඩා මේකප් කරපු ෆොටෝ දාන්න එපා. ලස්සනට හිනාවෙලා ඉන්න ෆොටෝ එකා තෝරගන්න. හැම කෙනෙක්ම විවෘතභාවය සහ කරුණාවන්ත බව තියන අයට කැමතියි.

03. රසවත් තොරතුරු ප්‍රොෆයිල් එකට දාන්න.

දෙවන වැදගත්ම පියවර තමයි ඔයාගෙ ප්‍රොෆයිල් එක පිරවීම. මේක හරිම වැදගත් දෙයක්. ඔයා සහ ඔයාගෙ විනෝදාංශ ගැන වැඩිපුර තොරතුරු හෙළි කරන තරමට, ඒ දේවල් ගැනම උනන්දුවක් දක්වන කෙනෙක් ඔයාව සම්බන්ධ කරගන්න තියන අවස්ථාව ගොඩක් වැඩියි.
ටින්ඩර් සමාජ විද්‍යාඥයාගෙන් පොඩි උපදෙසක්: ඔයා ගැන විස්තර ඇතුළත් කරනකොට ඇත්තම දේවල් සඳහන් කරන්න. බොරු දාන්න එපා.

04. මුලපිරීම පෙන්වන්න.

ආදරෙයි කියලා ඔයාට මුලින්ම මැසේජ් එකක් එනකම් බලන් ඉන්න එපා. ඔයාට ඉලක්කයක් තියනවා ඔයා කැමති කෙනාව හොයාගන්න. ඉතින් ඇයි කාලය නාස්ති කරන්නෙ? සමහර විට ඒ කෙනා ගොඩක් ලැජ්ජාශීලී හෝ එය ඔවුන්ගේ ආදරය ගැන පළවෙනි අත්දැකීම වෙන්න පුලුවන්. එයා ඔයාගෙ මැසේජ් එකට රිප්ලයි කරන්නෙ නැත්නම්, ඔයාට වෙනත් කෙනෙක් හොයන්න පටන් ගන්නත් පුලුවන්. බලා සිටීමෙන් කාලය නාස්ති කරන්න එපා.
කලින් ඔයාට හිටපු පෙම්වතුන් හෝ පෙම්වතියන්, ඩේටින් ඇප් එකෙන් හම්බෙන අය එක්ක සසඳන්න එපා. අපි අවංක වෙන්න ඕන. ඔයාට කලුන් හිටපු කෙනා ඔයාට ගැලපෙන්නෙ නැති නිසානෙ ඔයා ඒ සම්බන්ධෙ නවත්තලා ඩේටින් ඇප් එක හොයාගෙන ආවෙ.

  • සමහර අය සැබෑ ජීවිතයේ මුණගැහෙන්න කලින් එක පාරටම එයාලගෙ පෞද්ගලික තොරතුරු ලබා දෙන්න කැමති වෙන්නෙත් නෑ.
  • සමහරු ඒක සම්බන්ධතාවයේ අර්ථවත් පියවරක් විදිහට සලකන නිසා අනෙක් පුද්ගලයා පණිවිඩකරුවෙකු වෙත යාමට හෝ දුරකථන අංක හුවමාරු කර ගැනීමට යෝජනා කරනකම් බලාගෙන ඉන්නවා.
05. හැකි ඉක්මනින් සැබෑ ජීවිතයේදී මුණ ගැහෙන්න අවස්ථාවක් දාගන්න.
  • ඔයා එයාව හමුවෙන දවස පරක්කු කරන තරමට ඔයාට එයාව අහිමි වෙන්න තියන ඉඩ වැඩියි.
  • ඒ වගේම, ගොඩ කලක් තිස්සෙ මැසේජ් වලින් කතා කරලා අන්තිමට හම්බෙන දවසට දෙන්නටම කතා කරන්න දෙයක් නැති වෙන්න පුලුවන්.

මේ වගේ හේතු නිසා ඩේටින් ඇප් එකකින් හමුවෙන කෙනෙක්ව ඇත්තටම මුණගැහෙන්න ගොඩක් කල් ගන්න එපා.

06. අවදානම් තක්සේරු කරන්න.

ඔයා තෝරාගත් තැනැත්තා ඇත්තටම විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්ද කියලා හරියටම තහවුරු කරගන්නකම් ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. එයා ඔයාට එයා ඉන්න රටට එන්න කියපු ගමන් එහේ යන්න හදිස්සි වෙන්න එපා.

  • එයා ඔයාට තෑග්ගක් විදිහට ගුවන් ටිකට්පත් එව්වා කියලා හිතමු. එතකොට ඔයා කෙළින්ම එයා හම්බෙන්නම යනවා කියලා හිතන්නෙ නැතුව, සාමාන්‍ය නිවාඩුවකට යනවා වගේ හිත හදාගෙන එහාට යන්න.
  • මුණගැහෙන්න කලින් දවසේ එයාගෙ සමාජ ජාලා අකවුන්ට් ගැන ටිකක් හොයලා බලන්න. ඔයා දකින්න යන්නේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න ඔයාට අයිතිය තියනවා. ඒ වගේම ඔයාට එයා බොරුවක් කරනවද කියලා හොයාගන්නත් ලේසියි.
07. ප්‍රශ්න අහන්න බය වෙන්න එපා.
  • ඔයා මේ හොයන්නෙ ඔයාගෙ ජීවන සහකරුවාව කියලා අමතක කරන්න එපා. ඒ වගේ කෙනෙක්ව ජීවිතේට ළං කරගන්න කලින් ඒ කෙනා ගැන හැම විස්තරයක්ම හොඳින් හොයලා බලන්න. පවුල් පසුබිම, අධ්‍යාපන පසුබිම, රැකියාව වගේ ඔයාට දැනගන්න ඕන හැමදෙයක්ම එයාගෙන් පැහැදිලිව අහලා දැනගන්න.
  • වඩාත්ම වැදගත් ප්‍රශ්නවල ලැයිස්තුවක් හදාගෙන, ඒවා ඔක්කොම පළමුවෙනි දවසෙම අහන්න උත්සාහ කරන්න.

අහන්න හොඳ නැති එකම ප්‍රශ්නය තමයි, ඔයා ඩේටින් ඇප් වලින් තව කී දෙනෙක්ව හමුවෙන්න ගිහින් තියනවද කියන එක. මේ ප්‍රශ්නයට එයාගෙ උත්තරය මොන වගේ වෙයිද කියලා ඔයාට හිතාගන්න බැරි නිසා පළවෙනි දවසේ ඒ වගේ දෙයක් අහන්න යන්න එපා.

08. සැහැල්ලුවෙන් ඉන්න.

ඕනෑවට වඩා තීරණාත්මක දේවල් ගැන හිතන්න එපා. ඔයාලා දෙන්නා තාමත් ඉන්නෙ එකිනෙකාව අඳුරගන්න ගමන්. ඒ නිසා හැමදේම බරපතල විදිහට හිතන්න එපා. පළමු අසාර්ථක වීමෙන් ම බලාපොරොත්තු සුන් කරගන්න එපා. මිනිසුන් එකිනෙකාට වෙනස් බවත් ඒ අතරින් විශාල පිරිසක් අන්තර්ජාලයේ සිටින බවත් මතක තබා ගන්න. හැබැයි, ඒ හැම කෙනෙක්ම ඔයා වගේම ඉලක්කයක් හඹා යන බවත් මතක තබා ගන්න. ඒ තමයි ආදරයක් සහ සහකරුවෙක් සොයාගැනීම.

Leave a Reply

Your email address will not be published.