සෑම කාන්තාවකටම වැදගත් ඔසප් කාලයේදී ආහරයට සුදුසු සහ නුසුදුසු කෑම 10 ක්

ඔසප් චක්‍රය කියන්නෙ කාන්තාවකගේ සිරුරේ විශාල ක්‍රියාවලි රැසක් පාලනය කරන විශේෂ ක්‍රියාවලියක්. මාසය පුරාවටම පවතින මානසික තත්වයට මේ ක්‍රියාවලිය සෘජුවම බලපානවා. මේ කාලය ඇතුලත කාන්තාවන් කරන්න ඕන දේවල් වගේම නොකර ඉන්න ඕන දේවලුත් තියන බවට සමාජයේ එක එක මත තියනවා. ඒත් මේ හැම එකක්ම විද්‍යාත්මක පදනමක් ඇතුව හරි කියලා කියන්න බැහැ. ස්නානය කරන්න එපා, කිරි හොදි සමඟ විතරජ් බත් කන්න වගේ පැරණි මත වැරදි බව නූතන විද්‍යාව මගින් පෙන්වා දෙනවා.

ඔසප් සමය තුළ කාන්තාවන්ගේ සිරුරෙන් සැළකිය යුතු තරම් රුධිර ප්‍රමාණයක් ඉවත් වෙලා යනවා. එහෙම වැය වෙන ශක්තිය ආයෙත් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන. ඒ වගෙර්ම සමහර ආහාර වර්ගවල තියන සංඝටක නිසා ඔසප් වේදනාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. අපි අද ඔයාට කියන්න යන්නෙ ඔසප් කාලයේදි ආහරයට ගන්න හොඳ හා හොඳ නැති බවට විද්‍යාත්මකව තහවුරු කරපු ආහාර වර්ග කිහිපයක් ගැනයි.

ආහාරයට ගැනීමට සුදුසු කෑම වර්ග

‌01. බ්‍රෝකලි

ඔසප් සමය තුල ශරීරයෙන් ‍වැඩිපුර රුධිරය සමඟ යකඩ පිට වෙනවා. බ්‍රොකලි යකඩ හොඳින් අඩංගු වෙනවා. ඒ වගේම තන්තු, මැග්නීසියම්, පොටෑසියම් වගේ පෝෂකත් තියනවා. එමගින් උදරයේ පිරෙන වාතය සමනය කිරීමත් මාංශපේශිවල ආතතිය අඩු කරන්න වගේම ආහාර ජීර්ණය පහසු කරන්නත් උදව් කරනවා.

02. කෙසෙල්

ඔසප් කාලෙට කෙසෙල් ආහාරයට ගන්න සමහරු කැමති නෑ. ඒත් කෙසෙල් කියන්නෙ පොටෑසියම් බහුලව තියන පළතුරක්. ඒ වගේම මැග්නීසියම් හා තන්තු අඩංගු වෙනවා. එමඟින් මේ කාලය තුල ඇතිවන අසාමාන්‍ය මළපහ රටාවන් හා බඩේ අජීර්ණ සුව කරන්න උදව් වෙනවා. ඒ වගේම හොඳම දේ තමයි එක එක ස්නැක්ස් වර්ග වලට සිත ඇදීයාම අවම කිරීම.

03. ඩාර්ක් චොකලට්

චොකලට් කන්න ගොඩක් ආස අයට නම් මේක සතුටු හිතෙන ආරංචියක්. ඩාක් චොක්ලට් වල පොටෑසියම්, මැග්නීසියම්, යකඩ, ප්‍රතිඔක්සිකාරක හා ෆ්ලැවනොල් වැඩි ප්‍රතිශතයක් අඩංගුයි. ඒ වගේම ලේ ගලායාම පහසු කරන්න රුධිර නාළ ඉහිල් කරවීමටත් උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි චොකලට් වලින් ඔයාගේ මූඩ් එක ෆික්ස් කරගන්නත් පුලුවන්.

04. සැමන්

පෝෂ්‍යදායි ඕනෑම ආහාර වේලක සැමන් තියෙන්නම ඕන කියලා කියන්නෙ සැමන් වල විශාල වශයෙන් ඔමේගා-3 මේද අම්ලය හා ප්‍රෝටීන් තියන නිසයි. ඒ නිසා ඔසප් සමය තුල මේවා ආහාරයට ගැනීමෙන් ඔසප් වේදනාව හා අපහසුතා අඩු වෙනවා වගේම ඔසප් චක්‍රයේ සිදුවන අක්‍රමිකතා නැති වෙනවා.

05. ඉඟුරු

ඉඟුරු කියන්නෙ සිරුරේ ඇතිවන දැවිල්ල අඩු කරන්න සුදුසු දෙයක්. ඒ වගේම ඔසප් වේදනාව අවම කරගන්නත් භාවිතා කරන්න පුලුවන්. ඉඟුරු එකතු කරපු තේ කෝප්පයක් බීමෙන් උදරයේ ඇතිවන අපහසුතා අවම කරගන්න උදව් වෙනවා.

06. ලෙමන් හා දොඩම්

ඔසප් කාලය තුළ පැණි රස දේවල් වලට ඇති වෙන ආසාව අඩු කරගැනීමට විටමින් සී තියන පලතුරු ආහාරයට ගන්න. මේවාගේ විටමින් වලට අමතරව තන්තු හා ජලය විශාල ප්‍රමාණයක් අඩංගු නිසා එමඟින් ඔයාගේ සිරුරේ වතුර මට්ටම නිසි පරිදි පවත්වාගෙන යන්න සහය වෙනවා. ඒ වගේම ආහාර ජීර්ණය ලෙහෙසි කරවනවා. ඒ විතරක් නෙවෙයි මේ කාලය තුල අතිවෙන වමනය හා ක්ලාන්ත ගතිය අඩු කරගන්නත් මේවා උදව් වෙනවා.

ඔසප් කාලය අතරතුර ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර

01. කිරි ආහාර

ඔසප් වේදනාව ගොඩක් වැඩිපුර දැනෙන කෙනෙක් නම් කිරි ආහාර නොගෙන සිටීම ගොඩක් හොඳයි. කිරි වල තියන ලැක්ටෝස් කියන සීනි වර්ගය ජීර්ණය කිරීම ටිකක් අපහසුයි. ඒ වගේම එමඟින් උදරයේ වාතය පිරීම, වමනය ගතිය හා බඩේ වේදනාව ඇති කරන්නත් පුලුවන්.

02. පැණිරස ආහාර හා ස්නැක්ස් වර්ග

මේ වගේ වෙලාවට ඔයා කන්න කැමතිම ස්නැක්ස් එහෙම නැත්නම් පැණි රස කෑම වලින් ඔයාට සහනයක් ලබා දෙයි කියලා හිතුවත් එමඟින් තත්වය තවත් නරක තට හැරෙන්නට පුලුවන්. මේ නිසා බඩේ වාතය පිරීම, ගෑස්ට්‍රික් තත්ව වගේම ක්ලාන්ත ගතියක්ද ඇති වෙන්න ඉඩ තියනවා. මේකට ප්‍රධානම හේතුව තමයි පැණි රස කෑම වල තියන පිරිපහදු කල සීනි. ඔයා දැන් ඉන්න තත්වය අනුව ඔයාගේ සිරුරෙන් ඛණිජ ලවණ හා රුධිරය වැඩි ප්‍රමාණයක් අයින් වෙන නිසා මේ අවස්ථාවේදී පලතුරු වල තියන ස්වාභාවික සීනි විශේෂ ලබා ගන්නවා මිසක් වෙනත් කෘතිම සීනි ශරීරයට ලබා ගන්නෙ නැතුව ඉන්න එක ගොඩක් හොඳයි.

03. කැෆේන්

පර්යේෂකයන් කියන විදියට කැෆේන් වලට ඔසප් කාලය ගොඩක් දිගු කරන්න වගේම එය නවත්තන්නත් හැකියාව තියෙනවා. පූර්ව-ඔසප් සින්ඩ්‍රෝමයෙන් පීඩා විඳින කෙනෙක් තමන්ගෙ ඔසප් කාලය තුළ හෝ ඔසප් වීම පටන් ගන්න කලින් වගේම අවසන් වුණාට පස්සෙ ළඟ දවස් වලදී කැෆේන් අඩංගු පාන වර්ග ලබා නොගෙන ඉන්නවා නම් වඩාත් හොඳයි.

04. සැර වැඩි ආහාර

කුළුබඩු වැඩිපුර එකතු කරලා හදපු ආහාර වගේම ගොඩක් සැර ආහාර නිසාත් බඩේ දැවිල්ල ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒත් අලුත් අමු මිරිස් හා සැෆ්‍රොන් වගේ සමහර කුළුබඩු ඔසප් වේදනාව අඩු කරන්න උදව් වෙනවා.

ඔයාගෙ ඔසප් කාලය තුල දැනුවත්ව ආහාර වර්ග ලබා ගැනීම මඟින් ඔයාට ඇති වෙන අධික වේදනා හා පීඩාවන් සමනය කර ගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.