සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු ආචාර ධර්ම 24 ක්

ආචාරධර්ම කියන්නෙ රටක් ජාතියක් අදාළ නැතුව ඕනම කෙනෙක් ලඟ තියෙන්නම ඕන වැදගත් පුරුදු වලටයි. ඇත්තටම ඒවා උත්සාහ කරලා බැලුවොත් ඔයාට තේරේවි මේ ආචාර ධර්ම පිළිපදින එක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා. අපි හැම කෙනෙක්ම මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක නම් ගොඩක් වටිනවා.

සමාජයේ ගරු බුහුමන්වලට ලක් වීමට සහ ඔයාගෙ ජීවිතය වඩාත් සුවපහසු කරගැනීමට ඔයා දැනගෙන සිටිය යුතුම නවීන ආචාර විධි 24 ක් ගැනයි අපි අද ඔයාට කියන්නෙ.

ඔයාව හමුවෙන්න අමුත්තන් ආවම
  • ඔයාගෙ ගෙදරට මුල්ම වරට එන අමුත්තන්ට නම්, නාන කාමරය කොතැනද කියලා එයාලට පෙන්වන්න. ඊට පස්සෙ අනෙක් අය එක්ක එකතු වෙන්න එයාලට ආරාධනා කරන්න.
  • ඔයාගෙ අමුත්තන් තෑග්ගක් විදිහට කෑම හෝ බීම ගෙනාවා නම්, හැම කෙනෙක්ටම ඒවා කන්න පුලුවන් විදිහට මේසය මත තබන්න.
ඔයා අමුත්තෙකු වුණාම
  • ඔයාට සාදයකින් වේලාසනින් පිටවීමට අවශ්‍ය නම්, ඒක එයාලට කියන්න. ඊට කලින් අනෙක් අමුත්තන්ට සමු දෙන්න එපා.
අවන්හලකදී
  • අවන්හල ඇතුළ ගොඩක් රස්නෙයි නම්, ඔයා තනියම ඔයාට හුලං ගහගන්න යන්න එපා. ඔයාට ප්‍රමාණවත් තරම් නැවුම් වාතය නොලැබෙන බව වේටර්වරයෙකුට පවසා, වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කරන ලෙස ඔහුගෙන් ඉල්ලන්න.
  • ඔයාගෙ පර්ස් එක ඇතුළෙ තියන දේවල් මේසෙ උඩ තියන්න එපා.
  • ඔයාට කොණ්ඩෙ පීරන්න ඕන නම්, ඒකට කාන්තා කාමරය භාවිතා කරන්න.
  • මේසයේ ඉන්න ගමන්ම ලිප්ස්ටික් ගෑවට කමක් නෑ. හැබැයි මස්කාරා හෝ පවුඩර් ආලේප කරන්න ඕන නම් නාන කාමරය වෙත යන්න.

සන්නිවේදන නීති
  • ගෙදර ඉන්නකොට වුණත් ආචාර විධි නීති ගැන අමතක කරන්න එපා. උදාහරණයක් විදිහට, වෙනත් කාමරයක සිට කෑගැසීම හරිම නරක පුරුද්දක්.
මේසයේ දී හැසිරීම
  • ඔයාගෙ වීදුරුව විතරක් නැවත පිරවීම අකාරුණිකයි. මුලින්ම, ඔයාගෙ ලඟ වාඩි වෙලා ඉන්න කෙනාගෙ වීදුරුව ආයෙත් පුරවන්න කැමතිද කියලා අහලා ඉන්න.
  • පිඟානක් මත තියන දේවලින් හොඳම කෑම කෑල්ලක් තෝරා ගන්න දිගු කාලයක් ගත කරන්න එපා. ළඟම තියන කෑල්ල ගන්න.
  • රාත්‍රී ආහාරය අතරතුර හෝ ඊට පසු සුප් හැන්දක් මේසය මත තබන්න එපා. මේස රෙද්ද අපිරිසිදු නොවන පරිදි හැන්ද බඳුනේ තබන්න.
  • තේ කෝප්පයක් අතේ තියාගෙන ඉන්නකොට, ඔයාගෙ ඇඟිලි කෝප්පයේ කොක්කේ ඉදිරිපස සහ පිටුපස තබන්න. කෝපි පානය කරන විට කොක්ක වටා ඇඟිලි තබන්න පුලුවන්.

පොදු නීති

මතක තබා ගන්න: වැඩ කරනකොට, මේකප් කිරීම හෝ ඔයාගෙ පර්ස් එක හෝ තොප්පිය මේසය මත තැබීම සුදුසු නෑ. ඒ සඳහා වෙනත් ස්ථානයක් හොයාගන්න.
ඔයා පහත් පුටුවක වාඩි වෙලා ඉන්නවා නම්, ඔයාගෙ කකුල් හරස් කරන්න එපා. දණහිස් එකට තබාගෙන ඒවා පැත්තට හේත්තු කරන්න. ඔයාට ඔයාගෙ කකුල් හරස් කළ හැක්කේ එක් පාදයක් අනෙක් පාදය පිටුපස තැබුවොත් විතරයි.

පොදු ඇඳුම් කාමර
  • ඔයා සංචාරය කරන ස්ථානයේ සළුවක් නැත්නම්, ඇතුළත එල්ලා ඇති විශේෂ ඇඳුම් කොකු මත ඔයාගෙ ඇඳුම් දමන්න.
  • ඔයාගෙ හිසකෙස් සළුව තුළ ගැටගැසුවාට කමක් නෑ. හැබැයි ඔයා මේකප් කිරීම, හිසකෙස් මැදීම හෝ ටයි පටිය ගැටගැසීම නොකළ යුතුයි. ඔයාට ඒ වගේ දෙයක් කරන්න ඕන නම් නාන කාමරයට යන්න.
  • සමහර විට කාන්තාවන්ට (නමුත් පිරිමින්ට නොවේ) ඇතුළත කබායක් ඇඳීම සුදුසුයි.
  • සියලුම විශාල අයිතම සළුවක තැබිය යුතුයි. කුඩ, ලොකු බෑග්, බෑග් (ඇතුළත වටිනා කිසිවක් නැත්නම්).
ආචාර විධි
  • කාන්තාවක් කාර් එකකට ගොඩවෙන්නෙ මෙහෙමයි. මුලින්ම සීට් එකේ අයිනෙන් වාඩි වෙලා ඊට පස්සෙ කකුල් දෙක කාර් එක ඇතුළට ගන්න. කාර් එකෙන් බහිනකොට, ඉස්සෙල්ලම කකුල් දෙක පාරට තියලා තමයි සීට් එකෙන් නැගිටින්න ඕන.
  • අද වෙනකොට වෙනකොට පිරිමියෙකුට කාන්තාවක් වාහනයේ එක්කගෙන යන්න ඕන නෑ. දැන් ගොඩක් කාන්තාවන්ට තමන්ටම කියලා වාහනයක් තියනවා.
  • ඉතින් ඔයාගෙ පෙම්වතා ඉන්නෙත් ඔයාගෙ ගෙවල් පැත්තෙම නම් ඔයාට පුලුවන් එයාවත් ඇරලවන්න.
  • පිරිමින්ට සහ කාන්තාවන්ට පිටුපස සීට් එකේ එකට වාඩි වෙන්න පුලුවන් වෙන්නෙ එයාලා එකිනෙකා හොඳින් හඳුනනවා නම් විතරයි.

Leave a Reply

Your email address will not be published.