සෑම කෙනෙක්ම ජීවිතයෙන් ඉවත් කල යුතු ශරීර භාෂා පුරුදු 10 ක්

පිරිසක් එක්ක ඉන්නකොට අපේ අත්, කකුල්, මුහුණේ ඉරියව් වගේ දේවල්වලින් ඇත්තටම පෙන්නුම් කරන්නෙ මොන වගේ ඉරියව් ද කියලා අපි හැමවිටම දකින්නෙ නෑ. ඒ දේවල් වැදගත් කියලවත් සමහර විට අපේ මනසට මතක් වෙන්නෙ නෑ. හැබැයි ශරීර භාෂාව මගින් ඔයාගෙ පෞරුෂය සහ හැඟීම් ගැන ගොඩාක් දේවල් කියන්න පුලුවන්. ඒ නිසා කාත් එක්ක හරි කතා කරනකොට ඔයාගෙ ශරීර අවයවවලින් පෙන්නුම් කරන ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න ඕන.

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ ඔයාගෙ ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කරගැනීමට ඔයා අත්හැරිය යුතු ශරීර භාෂා පුරුදු 10 ක් ගැනයි.

01. ඇලවීම

අපෙ ඉරියව්වලින් අපට තියන ආත්ම විශ්වාසයේ තරම ගැන ගොඩක් දේවල් කියවෙනවා. ඔයා කෙඳිරිගානවා නම්, ඒකෙන් පෙන්වන්නෙ ඔයාට අනාරක්ෂිත බවක් දැනෙන බවයි. ඔයා ඔයාගෙ ඉරියව්ව හරිගස්සගත්තෙ නැත්නම්, ඒක ඔයාට පුරුද්දක් බවට පත් වෙනවා. නිතරම ඇලවෙලා ඉන්න එක පහත් ආත්ම අභිමානයේ සලකුණක් විදිහටයි අනිත් අය දකින්නෙ.

02. කකුල් හෝ දෑත් හරස් කිරීම

ගොඩක් අය වාඩිවෙලා ඉන්නකොට එයාලගෙ අත් සහ පාද හරස් කරගෙන ඉන්න එක සාමාන්‍යයි. කොහොම වුණත්, ඔයා කාත් එක්ක හරි කතා කරමින් ඉන්නවා නම්, ඒකෙන් ඔයාට ආරක්ෂාකාරී පෙනුමක් ලැබෙනවා. එය ඔබට වෙනත් පුද්ගලයෙකු සමඟ අන්තර් ක්‍රියා කිරීමට හෝ ඔවුන් පවසන දේ ඇසීමට විවෘත නොවන බවට පණිවිඩයක් එවිය හැකිය, නැතහොත් ඔවුන් ඉදිරියේ ඔබට අපහසුතාවයක් දැනේ. ඔබ ඔබේ අත් සහ පාද හරස් නොකොට ඔබේ දෑත් දෘශ්‍යමානව තබා ගන්නේ නම්, ඔබ වඩාත් විශ්වාසවන්ත ලෙස පෙනෙනු ඇත.

03. චංචල වීම

මේක ඔයාට හැම විටම තියන පුරුද්දක් හෝ ඔයා ආතති සහගත තත්වයන් තුළ සැනසීමක් ලබා ගැනීමට කරන දෙයක් වෙන්න පුලුවන්. ඔයා ඔයාගෙ කොණ්ඩය කරකවනවා නම්, අතේ තියන මුදු ස්පර්ශ කරනවා නම් හෝ ඔයාගෙ ඇඟිලි සහ පාදවලට තට්ටු කරනවා නම් ඒකෙන් පේන්නෙ ඔයා බයෙන් හෝ විශ්වාසයක් නැතුව ඉන්නවා කියලයි.

04. බෙල්ල අතුල්ලමින් සිටීම

නිතර ගෙල පිරිමදීම ඔයා ආතතියෙන් මිදීමට කරන දෙයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම්, ඔයා කනස්සල්ලට පත් කරන දෙයක් නැතත්, ඔයාගෙ බෙල්ලේ ආතතිය සමනය කරගන්න ඔයා එහෙම කරනවා වෙන්නත් පුලුවන්. ඒත් මේ පුරුද්ද එතරම් හොඳ නෑ. එමගින් ඔයාගෙ කනස්සල්ල සහ අපහසුවෙන් ඉන්න බව අනික් අයට හඟවන නිසා මේ පුරුද්දෙන් මිදෙන්න උත්සාහ කරන්න.

05. නියපොතු සපා කෑම

ඔයා නොසන්සුන් බව අනිත් අයට පෙන්වන තවත් පුරුද්දක් තායි, නියපොතු සපා කෑම. ඒක ඔයාට ආතතියෙන් මිදෙන්න උදවු වෙනවා ඇති. ඒත් එමගින් ඔයත් එක්ක කතා කරන පුද්ගලයාගේ අවධානය වෙනතකට යොමු කරනවා. එයාලා ඒක පිළිකුළ් සහගත දෙයක් කියලා හිතනවා. ඒ විතරක් නෙවෙයි, නියපොතු හැපීම ඔයාගෙ නියපොතු වල තත්වයට හානිකරයි. ඔයාගෙ පෙනුම අනුව මිනිසුන් ඔයාව විනිශ්චය කරන නිසා, ඒක ඔයාගෙ පෞරුෂයට හානියක් වෙන්න ඉඩ තියනවා.

06. ප්‍රමාණවත් ලෙස අක්ෂි සම්බන්ධතා නොපැවැත්වීම හෝ ඕනෑවට වඩා අක්ෂි සම්බන්ධතා පැවැත්වීම

අක්ෂි සම්බන්ධතා ඇති කරගන්නෙ නැතුව කෙනෙක් එක්ක කතා කරන එකෙන් පෙන්නුම් කරන්නෙ ඔයා ඒ කෙනාට අකමැති බව හෝ එයා කියන දේවල් අහන් ඉන්න කමති නෑ කියලයි. ඒ වගේම ඒ පුද්ගලයාගේ ඇස් දෙක දිහා ඕනෑවටත් වඩා එකදිගට බලාගෙන ඉන්න එකෙන් ආක්‍රමණශීලී බවක් පෙනෙන අතර එයාට අපහසුතාවයක් දැනෙන්න පුලුවන්. ඒ වෙනුවට, සැරින් සැරේට ඒ ක්‍ර්නාගෙ ඇස් දෙක දිහා දිගු බැල්මවල් වලින් බලන්න.

07. අවධානය වෙනතකට යොමු කිරීම

කෙනෙක් කතා කරනකොට වෙන දේකට අවධානය යොමු කිරීම හොඳ දෙයක් නෙවෙයි. සමහර විට ඔයා එහෙම කරනවා කියලා ඔයාට තේරෙන්නෙත් නෑ. ඔයා අනිත් කෙනා කියන කතාවට අවධානය දීගෙනම වෙන පැත්තක් දිහා බලාගෙන හිටියත් ඒ කෙනා හිතන්නෙ ඔයා එයාට ඇහුම්කන් දෙන්නෙ නෑ කියලයි. ඒනිසා ඔයත් එක්ක කතා කරමින් ඉන්න පුද්ගලයා දිහා බැලීමෙන් ඔයා ක්‍රියාශීලීව සවන් දෙන බව පෙන්වීමට උත්සාහ කරන්න. නැත්නම් ඔයා එයාට ගරු කරන බවත්, එයාගෙ කතාවට ඇහුම්කන් දෙමින් ඉන්න බවත් එයාට පේන විදිහට යමක් කරන්න.

08. ඇස් පෙරළීම

ඇස් කැරකැවීම අගෞරවයේ පැහැදිලි ලකුණක්. ඔයා කම්මැලි හෝ කෝපයට පත් වූ බව පෙන්වීමට එමගින් හැකියාව තියනවා. කවුරුහරි එක්ක කතා කරනකොට ඇස් කරකැවීමෙන් ඔයාගෙ මුහුණේ ඉරියව්ව ඔවුන්ට අප්‍රසන්න ලෙස පේනවා.

09. හිනාවෙන්න අමතක වීම

සිනහව කියන්නෙ අපිට ගොඩක් වෙලාවට කරන්න අමතක වෙන දෙයක්. ඒත් ඇත්තටම එය විශ්වාසය සහ විවෘත බව පෙන්වීමට විශිෂ්ට ක්‍රමයක්. ඒ වගේම එය අනෙකුත් පුද්ගලයන්ට නැවත සිනහවක් ඇති කිරීමටත් සමත් වෙනවා. හැබැයි, බොරුවට හිනාවෙන්න එපා. ඒකෙන් ඔයාව විශ්වාස කරන්න බැරි කෙනෙක් කියලා හිතෙනවා.

10. ඕනෑවට වඩා නිශ්චලව සිටීම

ඕනෑවට වඩා සන්සුන්ව සහ නිශ්චලව සිටීමෙන් ඔයා තද කෙනෙක් කියලා ඔයත් එක්ක කතා කරන කෙනාට හිතෙනවා. ඔයාගෙ මුහුණේ ඉරියව් මගින් අව්‍යාජ උද්‍යෝගයක් පෙන්වීමට උත්සාහ කරන්න. මෙය ඔයාට වඩාත් ධනාත්මක හැඟීමක් ඇති කර ගැනීමට උදවු වේවි.

Leave a Reply

Your email address will not be published.