සිදුරු විදීම පිළිබදව සමාජයේ පවතින මිත්‍යා විශ්වාස 12 ක්

සිදුරු කිරීම හෙවත් පියර්සිං කියන්නෙ පැරණිතම ශරීර වෙනස් කිරීම් වලින් එකක්. මේ විලාසිතාව අවුරුදු දහස් ගණනකට කලින් විවිධ ජාතීන් විසින් භාවිතා කරලත් තියනවා. මේතරම් දිගු ඉතිහාසයක් තියෙද්දිත්, සිදුරු විදීම ගැන වැරදි වැටහීම් බොහොමයක් අදටත් තියනවා. ඒ වගේම මේ දේවල් ගැන හරිහැටි නොදන්නාකම නිසා විවිධ ගැටළුවලට මුහුණදෙන්නත් සිදුවෙනවා.

අද අපි හිතුවා පියර්සිං ගැන ඔයා තුළ තිබුණු මිථ්‍යා මත 12 කට ඔයාට පිළිතුරු ලබාදෙන්න ඕන කියලා.

01. හිල් විදින තුවක්කු ඉඳිකටු වලට වඩා හොඳයි.

පියර්සිං ගන් එක හෙවත් හිල් විදින තුවක්කුවකින් කන් පෙත්ත සිදුරු කිරීම සමහර විට වඩාත් ජනප්‍රිය සහ භයානකම සිදුරු විදීමේ ක්‍රමවලින් එකක්. ඊට හේතු කිහිපයක් තියනවා.

  • සිදුරු කිරීමේදී, රුධිරය උපාංගයට ඇතුළු විය හැකි අතර ප්ලාස්ටික් ගන් එක විසන්ධි කිරීම හෝ විෂබීජහරණය සඳහා උතුරන වතුරේ තියන්න බෑ. ඒ නිසා හෙපටයිටිස් වගේ බරපතළ ආසාදන ඇතිවීමේ අවදානමක් තියනවා.
  • ගන් එකකින් සිදුරක් සෑදීම සඳහා, තියුණු කරාබු භාවිතා කරනවා. විශේෂ හිස් ඉඳිකටුවක් වගේ නෙවෙයි, කරාබු මගින් කන් පෙත්තෙහි පටක ඉරා දමනවා. ඒ වගේ තුවාල සුව වෙන්න බොහෝ කාලයක් ගත වෙනවා.
  • ගන් එකක් භාවිතා කරනකොට, කනට තුවාල වීමේ අවදානම වැඩියි. ඒ වගේම නිවැරදි සිදුර ලබා ගැනීමත් අපහසුයි.
02. සිදුරක් විද්ද පසු, ඒ තුළ රන්, රිදී හෝ ශල්‍ය වානේ වලින් සාදන ලද කරාබුවක් දැමිය යුතු බව

මේක අසාත්මික සමේ රෝගවලට හේතු විය හැකි තවත් ජනප්‍රිය මිථ්‍යාවක්.

  • හොඳ තත්ත්වයේ රත්‍රන් සොයා ගැනීම අපහසුයි. ඒ නිසා ගිඩක් අය නිකල් අඩංගු ආභරණ අඩු මිලට මිල දී ගන්නවා. එමගින් අසාත්මික ප්‍රතික්‍රියා ඇති කරන බවත් විශ්වාස කෙරෙනවා.
  • මල නොබැඳෙන වානේ අසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති කරන්නෙ නෑ. විදින ඉඳිකටු මල නොබැඳෙන වානේවලින් හදලා තියෙන්නෙ ඒ නිසයි. හැබැයි මල නොබැඳෙන වානේ, සිදුරේ තුවාලය සුව කිරීමේ කාලය තුළ පැළඳීමට සුදුසු නෑ.
  • මුල්ම සිදුරු කිරීම සඳහා, සම සමඟ සක්‍රීයව සම්බන්ධ නොවන ද්‍රව්‍ය තෝරා ගැනීම වඩා හොඳයි. උදාහරණයක් ලෙස, සැහැල්ලු සහ ආරක්ෂිත ටයිටේනියම් (ප්‍රොස්තෙටික් සහ දත් තැන්පත් කිරීම් වල භාවිතා කරන) වගේ දෙයක් භාවිත කරන්න.
03. අලුත් සිදුරකට ඕනෑම ආකාරයක කරාබුවක් දාන්න පුලුවන් බව

ඇත්තටම, ස්වර්ණාභරණ වෙළඳසැල්වල තියන නිෂ්පාදන බොහොමයක් අලුතින් සිදුරු කරන ලද සමට හොඳ නෑ.

  • ඒවාට බොහෝ විට කුණු ගොඩක් එකතු කරන පිටත නූල් තියනවා. මෙය ආසාදනයකට හේතු වෙන්න පුලුවන්.
  • සිදුරු කිරීම සඳහා විශේෂිත ආභරණ වඩා හොඳින් ඔප දමා ඇති අතර නූල් ඇතුළත තිබෙනවා. ඒ වගේ කරාබු පැළඳීමට අපහසු වුණත් සිදුර වඩා ඉක්මනින් සුව වෙනවා.
04. කරාබු නිතර නිතර ගෙන යා යුතු බව.

සිදුරු විදින්න තීරණය කරපු කෙනෙක්ට දෙන්න පුලුවන් නරකම උපදෙස්වලින් එකක් තමයි මේ.

  • නිතිපතා කරාබු හැරීම නිසා තුවාලය වඩාත් නරක අතට හැරෙනවා. එතකොට තුවාලය සුව වෙන්න වැඩි කාලයක් ගතවෙනවා.
  • අලුත් සිදුරක් හොඳින් රැකබලා ගන්නවා නම්, ඒක සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ඔයා මොකුත් කරන්න ඕන නෑ.
05. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔබේ හොඳම මිතුරා වේ.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැම විටම හොඳම විසඳුමක් වෙන්නෙ නෑ.

  • එය තුවාලය මතට දැම්මම ගොඩාක් පෙණ දමනවා. මේ බලපෑම තුවාලයෙන් පිටත අපිරිසිදුකම් ඇති කරනවා. ඒත්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සුව කිරීම සඳහා සම්බන්ධක පටක වල සෛල විනාශ කරනවද කියලා තේරුම් ගන්න විද්‍යාඥයින් තවමත් පර්යේෂණ කරනවා.
  • හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල විෂබීජ නාශක ලක්ෂණ ගැන විද්‍යාඥයින්ටත් එතරම් විශ්වාසයක් නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ විෂබීජ නාශක 3ක් විතරයි. ක්ලෝරෙක්සයිඩින්, එතනෝල් සහ පොවිඩෝන් අයඩින්. මේ ලැයිස්තුවට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු වෙන්නෙ නෑ.
  • අලුත් සිදුරක් සඳහා භාවිතා කළ හැක්කේ ක්ලෝරෙක්සයිඩින් විතරයි. එය දන්ත වෛද්‍යවරුන් විසින් භාවිතා කරන නිසා ඔයාටත් භාවිත කරන්න පුලුවන්. හැබැයි ඒක කටට භාවිත කළොත් ඔයාගෙ දත් ටිකක් කහ පාටට හැරෙන්න ඉඩ තියනවා. ඒත් ඒක කාලයත් එක්ක කලින් තිබුණු තත්වයටම පත් වෙන බව ඔයා දැනගෙන ඔන්න ඕන.
06. විදීම වේදනාකාරී නොවන බව පැවසීම

“වේදනාකාරී” සහ “වේදනාකාරී නොවේ” කියන දෙකම මිථ්‍යා මත දෙකක්. වේදනාව කියන්නෙ සාපේක්ෂ සංකල්පයක්. කොහොම වුණත්, විවිධ සිදුරු කිරීම් සඳහා වේදනා මට්ටමේ පොදු සටහනකුත් තියනවා.

  • සිදුරු විදිනකොට අවම වේදනාකාරී ස්ථාන වෙන්නෙ කන් පෙති සහ බුරියයි.
  • ඒ වගේම සිදුරු කිරීමේදී වඩාත් වේදනාකාරී ස්ථාන තමයි ඇහි බැම, තොල්, දිව සහ නාස්පුඩු කියන්නෙ.
  • මීළඟ වඩාත් වේදනාකාරී ප්‍රදේශය, ඝන කාටිලේජ සිදුරු කිරීමයි.
  • සිදුරු කිරීමට වඩාත්ම වේදනාකාරී ස්ථානය වෙන්නෙ පුද්ගලයෙකුගේ පෞද්ගලික අවයව.
07. ඔයා කරාබුව ඉවත් කළොත්, ඉක්මනින්ම සිදුර වැහෙන බව

මේක තවත් ජනප්‍රිය මිථ්‍යාවක්. විවිධ පුද්ගලයන්ට සුව කිරීමේ හැකියාවන් විවිධයි.

  • ශරීරයේ සුව කිරීමේ හැකියාව අනුව, මේ සිදුරු වැහෙන්න ගත වන කාලය එකිනෙකාට වෙනස් වෙනවා. කෙනෙක්ට මාස තුනකින් වැහෙන සිදුරක්, තවත් කෙනෙක්ට වැහෙන්න අවුරුදු තුනක් ගත වෙන්නත් පුලුවන්.
  • ඔයාට සිදුර වහගන්න ඕන නම්, ඒ සඳහා සිදුරු වැහෙන්න භාවිත කරන ආලේපන භාවිතා කරන්න. ඒත් ඒවා හැමවිටම ක්‍රියා කරන්නෙත් නෑ. සමහර විට, ශල්‍යවෛද්‍යවරයෙක් හමු වෙලා මැහුම් දමාගන්නත් සිදුවෙනවා.
08. සිදුරු කිරීම තියෙන්නෙ තරුණ අයට විතරයි.
  • ගොඩක් අය හිතන් ඉන්නෙ සිදුරු කිරීම් කරගන්න පුලුවන් නව යොවුන් වයසෙ ඉන්න ගැහැණු හා පිරිමි ළමයින්ට විතරක් බවයි.
  • සිදුරු විදපු අයට රැකියාවක් සොයා ගැනීමට අපහසු වන සමහර වෘත්තීය ක්ෂේත්‍ර තියනවා. මේ සමාගම්වල කළමනාකාරීත්වය ගතානුගතික නිසා සිදුරු විදපු අයට මේ තත්වයට මුහුණ දෙන්නත් සිදුවෙන්න පුලුවන්.
09. දිව සිදුරු කරපු ආයට කතා කිරීමේ අපහසුතා ඇතිවෙන බව
  • ඇත්තටම, සිදුරු කිරීමේ ක්‍රියා පටිපාටියකින් පසු, යම් අපහසුතාවයක් ඇති වීම වළක්වගන්න බෑ. ඔයාගෙ කට ඇතුළේ පිටස්තර වස්තුවකට පුරුදු වෙන්න ටික කාලයක් ගත වෙනවා. හැබැයි ඒක කාලයත් එක්ක හරියනවා. අධ්‍යයනයන් වලින් කියන විදිහට සිදුරු විදපු සහ නොවිදපු අය අතට වචන උච්ඡාරණයේ වෙනසක් නැති බවයි.
  • මේ වගේ විදීමක තියන ලොකුම අනතුර තමයි, දත් වලට හානි වීම. ඒ වගේම දිවේ ඇතිවෙන තුවාලයට ආසාදන ඇතිවෙන්නත් පුලුවන්. ඔයාගෙ දත් ශක්තිමත් වුණත්, ආභරණ සමඟ ඒවා ස්පර්ශ කිරීමේදී එක එක අපහසුතා ඇති වෙන්නත් ඉඩ තියනවා. ඒ වගේම, දන්ත වෛද්‍යවරු රාත්‍රී කාලයේදී දිවෙන් ආභරණ ඉවත් කිරීමට නිර්දේශ කරනවා.
  • සමහර ප්‍රවීණයන් “සර්ප ඇස්” ලෙස හඳුන්වන දිවේ තුඩෙහි තිරස් විදීම සිදු කරන්නෙ නෑ. එයාලා කියන විදිහට මෙහි මාංශපේශී ගොඩක් හීලෑ වී ඇති නිසා එමගින උච්චාරණ ගැටලු ඇති වීමට සහ දත්වලට හානි කිරීමට පවා හේතු විය හැකි බවයි.
10. ගැබිණි සමයේදී බුරිය සිදුරු කරලා දාපු ආභරණ දාගෙන හිටියට කමක් නැති බව

ඒ සියල්ල රඳා පවතින්නේ සිදුරු කිරීම බුරියට දැනෙන ආකාරය සහ පෙනුම මතයි.

  • ඔයාට කිසිම අපහසුතාවයක් නැත්නම් ස්වර්ණාභරණ එහෙමම තියාගන්න පුලුවන්. ලෝහ ආභරණ භාවිතා නොකිරීම වඩා හොඳයි. පොලිමර් වලින් හදපු එකක් නම් කමක් නෑ.
  • සමේ ආතතිය වැඩි නම්, කුඩාම ආභරණ පවා ඉවත් කිරීම වඩා හොඳයි.
11. තන පුඩු සිදුරු කිරීම මව්කිරි දීම සඳහා ගැටලුවක් නොවන බව.

පියයුරු වල සිදුරු තියන කාන්තාවන් තමන්ගේ දරුවන්ට හොඳින් පෝෂණය කරනවා. හැබැයි මෙහි අවදානමකුත් නැතුවම නෙවෙයි.

  • තන පුඩු සිදුරු කිරීමෙන් ස්නායු වලට හානි සිදු විය හැකියි. එමගින් කිරි පිටකිරීමේ ගැටළු ඇතිවෙන්න පුලුවන්.
  • විශේෂඥයන් ගර්භණී සමයේදී සහ මව්කිරි දීමේදී කාන්තාවන්ට සිදුරු විදීම තහනම් කරනවා. මේ කාල පරිච්ඡේදය තුළ ශරීරයේ සිදු වන හෝමෝන වෙනස්කම් සිදුරු කිරීම සඳහා අහිතකරයි. තන පුඩු වල සංවේදීතාව ඉහළ මට්ටමක පවතින අතර, එමගින් ඇතිවන ආසාදන නිසා නොමේරූ දරු ප්‍රසූතියට හේතු වෙන්න පුලුවන්. ඒ වගේම සිදුරු නිසා ඇතිවන සංකූලතාවකදී බෙහෙත් අවශ්‍ය වුණොත්, ගර්භනී කාලයේදී ගත හැකි ඖෂධ පරාසය ගොඩක් කුඩායි.
  • ඔයා ඉක්මනින් ගැබ් ගැනීමට සැලසුම් කරනවා නම්, විදීමක් සිදු කරන්න එපා. මොකද සිදුරක් සුව වෙන්න මාස 6 සිට 12 දක්වා කාලයක් ගත වෙනවා. සිදුරු කිරීමේ මොහොත සහ දරුවාගේ උපත අතර වැඩි කාලයක් පවතින තරමට අවදානම අඩුයි.
  • ඒ වගේම, දරුවා මව් කිරි බීම නැවැත්වූ වහාම සිදුරු නොකිරීමට වගබලා ගන්න
  • ඔයා ගැබ් ගන්න බොහෝ කලකට කලින් සිදිරු විදීමක් කලා නම් සහ දැන් වෙනකොට තුවාලය සුව වෙලා නම්, විශේෂඥයින් කියන්නෙ මව්කිරි දෙන කාලය තුළ සියලු ආභරණ ඉවත් කරන්න කියලයි.
  • විශේෂඥයන් කියන්නෙ තන පුඩු වල තියන සිදුරු බොහෝ විට කිරි පිටකිරීම වැඩි කිරීමට හේතු වන බවයි. ඒක නරකද හොඳද කියලා නම් කියන්න අමාරුයි. ඒ නිසා ඒ ගැන දැනගන්න විශේෂඥයෙක් හමුවෙන එක හොඳයි.
12. ඉක්මනින් සිදුරු කරන තරමට වඩා හොඳ බව.

දරුවන්ගේ කන් සිදුරු කරනවාද නැද්ද කියන එක දෙමව්පියන්ට පමණක් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක්. සමහර අය හිතන්නේ දරුවාට ඒ වේදනාව මතක තබා ගැනීම වැළැක්වීම සඳහා දරුවා ගොඩක්ම පොඩි කාලෙදි කන් විදීම හොඳයි කියලයි. සමහර අය හිතන්නේ ඒක වැඩිහිටි දරුවෙකුට පමණක් තීරණය කළ හැකි දෙයක් කියලයි.

ඔයාගෙ විශ්වාසය මොකක් වුණත් ඔයා මේ දේවල් මතක තියාගන්නම ඕන.

  • මුලින්ම, කරාබු ඇදීම, හැරීම සහ ස්පර්ශ කිරීම හොඳ දෙයක් නොවන බව දරුවෙකුට පැහැදිලි කිරීම තරමක් අපහසු බව ඔයා තේරුම් ගන්න ඕන. විශේෂයෙන් ලොකු කරාබු නිසා එයාලාටම හානි වෙන්න පුලුවන්. ඒවා ඇද්දොත් කන් පෙත්ත ඉරී යන්නත් උඩ තියනවා. ඒක සුව වෙන්න ඉතා දිගු කාලයක් ගතවෙනවා.
  • ඒ වගේම මේ කුඩා වස්තු පහසුවෙන් ළමයකුගේ කට හෝ නාසයට ඇතුළු කරගන්න පුලුවන් නිසා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නත් සිදුවෙනවා.
  • විදින ක්‍රියා පටිපාටියක් අතරතුර හෙලවෙන්නෙ නැතුව ඉන්න එක වැඩිහිටියන්ට වගේම කුඩා දරුවන්ටය්හ් කරන්න වෙනවා. පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් සිදුර විදෙන්නෙ වැරදි තැනකින්. එතකොට දරුවාගේ කරාබු සිදුරු අසමමිතික වෙනවා.
බෝනස්: ඔයාට කන් විදීම නැවැත්වීමට අවශ්‍ය නැතිනම් ඔයාට සිත්ගන්නා සුළු විකල්ප ගොඩාක් තියනවා.

Leave a Reply

Your email address will not be published.