සිරුරේ බර අඩු කරගැනීමට උපකාරී වන සැහැල්ලු බීම වර්ග 7 ක්

ඔබත් බර අඩු කර ගන්න දගලන කෙනෙක්ද ? එහෙනම් ඔබ දන්නවා ඇති බර අඩු කර ගන්න තිබෙන අමාරුව. ඔබ විවිධ දෑ උත්සහ කරල බලලා ඇති. විවිධ ව්‍යායාම, විවිධ ආහාර රටා වැනි දෑ. සමහර විට ඔබ ආහාර ලබා ගන්නේම නැතුව ඇති. විවිධ අපහසු දෑ වලට ඔබ මුහුණ දීල ඇති. ඉතින් ඔන්න අද අපි ඔබට අරගෙන ආවා හරිම අපූරු දෙයක් ගැන. බර අඩු කර ගන්න විදියක් නැතුව ඔබත් දුකින් සිටියනම් ඔබට මේ ලිපිය බොහෝ වැදගත් වේවි. වැඩි කලක් ගත නොවී ඉක්මනින්ම ශරීරයේ අනවශ්‍ය බර ඉවත් කරගැනීමට භාවිතා කළ හැකි පාන කිහිපයක් සකස් කරගන්නා ආකාරය තමා අද අපි අරගෙන ආවේ.

01. මිදි පානය 

ශීතකරණයේ ගබඩා කර තබන්න.

උදෑසනම හිස්බඩ එක වීදුරුවක් බොන්න.

මිදි මඟින් විෂහරණය කර බර අඩු වීම වේගවත් කරනවා. එහි ශරීරය හැඩ කිරීමට හේතු වන විටමින් A, පොටෑසියම්, මැග්නීසියම්, සහ යකඩ අන්තර්ගත වනවා. මිදි යනු ප්‍රබල ආරේචකයක් වන බැවින් දිනකට එක වීදුරුවකට වඩා බොන්න එපා. 

02. කුරුඳු සහ මී පැණි පානය

උදෑසනම හිස්බඩ එක වීදුරුවක් බොන්න.

කුරුඳු මඟින් රුධිරයේ සීනි මට්ටම පහත දමන අතර, ජීර්ණය පහසු කර, පරිවෘත්තිය වර්ධනය කරනවා. විද්‍යාඥයින් පවසන අනදාමය සීනි වෙනුවට මී පැණි ආදේශනය කිරීමෙන් ශරීරයේ බර අවම කරගත හැකියි.

03. තිරිඟු අංකුර පානය

හිරු එළියෙන් ඈත් කර තබන්න.

කෑමට පෙර මිලිලීටර් 150ක් බොන්න.

මෙම පානය ගොහොරු ස්වභාවයෙන් යුක්ත වන අතර පැඟිරි රසයක් දැනෙනවා.

මෙමඟින් පරිවෘත්තිය වර්ධනය කර, ජීර්ණය පහසු කර, විෂහරණය කරනවා.  

04. ලෙමන් සහ ඉඟුරු පානය

උදෑසනම වීදුරුවක් බොන්න.

ඉඟුරු මඟින් ඉදිමුම් සහිත දැවිල්ල සුව කරවන අතර ශරීරයේ අමතර දියර ඉවත් කිරීමට සහය වන නිසා ආහාර වේදීන් එය ශරීරයේ බර අවම කරන විශිෂ්ට අමුද්‍රව්‍යක් ලෙස සලකනවා. ලෙමන් මඟින් වකුගඩු උත්තේජනය කර, විෂහරණයට සහය ලබාදෙන අතර ජීර්ණය ක්‍රමවත් කරනවා.

05. Dandelion තේ 

සාමාන්‍ය තේ වෙනුවට පානය කරන්න. 

සෞඛ්‍යාරක්ෂිත ආහාර ගැනීමට තීරණය කර තිබෙනවා නම් මෙම තේ වර්ගය වඩාත් සුදුසුයි. මෙමඟින් ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඉක්මනින්ම ඉවත් කර ඕනෑම ආහාර වේලක් වේගවත් කරවනවා. ප්‍රවේශම් වන්න, එය ප්‍රබල අධිමූත්‍රකයකි.

06. අන්නාසි බීම 

වතුර මිශ්‍ර කර මෙහි සාන්ද්‍රණය අඩු කරගන්න.

අවශ්‍ය තරම් බොන්න.

මෙයින් විටමින් C විශාල ප්‍රමාණයක් ශරීරයට සැපයෙන අතර අතිරික්ත ජලය ඉවත් කරගැනීමට සහය වෙනවා- බොහෝ විට අධික බරට හේතුව අධික දියර ප්‍රමාණයක් තිබීම මිස මේදය නොවේ.

07. Sassy ජලය 

දිනකට වීදුරු 8 බැගින් දින 4ක් බොන්න.

දවසකට කැලරි 1,400කට වඩා පරිභෝජනය කරන්න එපා.

Sassy ජලය කියන්නේ වඩාත් ඵලදායී ලෙස බර අඩු වන වට්ටෝරුවලින් එකකි. එමඟින් ඉක්මනින්ම මේදය භේදනය කිරීමට සහය වීම, ඉදිමුම් නැති වීම, දැවිල්ලට සහනය සලසවනවා. 
කොහොම වුණත්, වෙනත් ආහාර පාලන බීම පානය කරන විට මෙන්, ඔයා ආහාරයට ගන්නේ මොනවාද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. නැතිනම් අඩු වූ බර නැවත වැඩි වීමට ඉඩ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.