සිහින් හිසකෙස් වලට ලොකු පෙනුමක් ලබා දිය හැකි ක්‍රම 10 ක්

ස්වභාව ධර්මය විසින් ඔයාට දුන්නේ සිහින් කොණ්ඩයක් නම්, නිවසින් පිටත් වන විට එයට වැඩි පරිමාවක් ලබා දී අවශ්‍ය ආකාරයට පවත්වාගැනීමට වැඩි වෙහෙසක් දැරිය යුතු වෙනවා. හොඳම ආරංචිය නම් මේ සඳහා ක්‍රම බොහොමයක් තියෙනවා.  

මෙහි සඳහන් වන අනර්ඝ ක්‍රම අනුගමනය කිරීමෙන් හැමදාම සුන්දර පෙනුමක් ලබාගන්න පුළුවන්. 

10. කෙස් කළඹේ දිග ගැන සලකා බලන්න.

බොහොමයක් රූපලාවන්‍ය ශිල්පීන් එකඟ වන්නේ සිහින් කොණ්ඩයක් තියෙන කෙනෙකුට කොණ්ඩයේ දිග උරහිස් මට්ටමට වඩා අඩුවෙන් පවත්වා ගැනීමයි, එමඟින් වැඩි පරිමාවක් ලැබෙනවා. මේ තරම් දිග කොණ්ඩයක් සකස් කරගැනීමටත් ඉතා පහසුයි. තේරීම්වලට අනුව, කොණ්ඩයක දිගට වඩා පරිමාව හොඳ තේරීමක්.

09. ස්ථර කීපයක කොණ්ඩ මෝස්තරයක්.

ස්ථර කීපයක් ඇති අසමාන සහ අවුල් සහගත කෙළවර සහිත කොණ්ඩ මෝස්තරයක් වඩා හොඳ තේරීමක් වෙනවා. මෙවැනි මෝස්තරයකින් ලැබෙන තවත් වාසියක් නම් ඕනෑම වර්ගයක මුහුණකට සහ කොණ්ඩයකට මෙය ගැළපීමයි. 

08. පාට ටිකක් එකතු කරන්න.

කතුරකට අමතරව පාට මඟින්ද කොණ්ඩයේ පරිමාව වර්ධනය කරගන්න පුළුවන්. මෙය විවිධ පාට භාවිතා කරගෙන සිදු කරන සාමාන්‍ය ඉස්මතු කිරීමක් (හයිලයිට් එකක්) හෝ ෂැටුෂ් ක්‍රමයක් විය හැකියි.

07. නිවැරදිව හිසකෙස් සෝදන්න.

වෙනස් විදියකින් හිසකෙස් සේදීම වැනි සරල දෙයකින් පවා හිසකෙස්වලට පරිමාවක් එකතු කරගත හැකියි. කරන්න තියෙන්නේ පහත දැක්වෙන මූලික නීති කීපය අනුගමනය කිරීම පමණයි.

1. මුලින්ම උණු වතුරෙන් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. එමඟින් කේශ මූල විවෘත වන නිසා වාතයේ සිරවී තිබෙන අපද්‍රව්‍ය හෝ වෙනත් දෙයක් ඉවත් කරගත හැකියි. ඒ වගේම හිස්කබලේ ඇති තෙල් ලිහිල් වී තෙල් අවශෝෂණය කිරීම සඳහා කේශ මූල විවෘත වෙනවා.  

2. හිසකෙස් මුල්වල ෂැම්පු ආලේප කරන්න. සබන් පෙණ කොණ්ඩය දිගේ විසුරුවන්න. හිසකෙස්වල කෙළවර නිතරම වියලි සහ පහසුවෙන්ම කැඩී යන නිසා ඒවා අතුල්ලන්න එපා.

3. කොණ්ඩය දිගේ පමණක් කන්ඩිෂනර් හෝ මාස්ක් එකක් ආලේප කරන්න. මොයිස්චරයිසින් ෂැම්පු, මුල්වල ආලේප කල විට, තවත් බර වැඩි කර කොණ්ඩය පැතැලි කරවනවා. 

4. නිතිපතා හිස්කබල සෝදන්න. එමඟින් රුධිර සංසරණය වර්ධනය වන අතර මැරුණු සෛලද ඉවත් වෙනවා. 

5. හැමදාම කොණ්ඩය සෝදන්න එපා. එමඟින් හිසකෙස්වල තිබෙන ආරක්‍ෂිත පටලය ඉවත් කර කොණ්ඩය දුර්වල කර පරිමාවද අවම කරනවා. මේ නිසා වියළි ෂැම්පු එකක් භාවිතා කිරීම සුදුසුයි. 

06. හිසකෙස් වල මුල් ඔසවන්න.

මේ දවස්වල, කේශ මූලවලට වැඩි පරිමාවක් ලබා දීමට විශේෂ ස්ප්‍රේ සහ හෙයා ටොන්ග් උපකරණ සිට  අම්මලා සහ ආච්චිලාගේ කාලයේ සිටම භාවිතා කල කර්ලර්ස් දක්වාම මේ සඳහා විවිධ උපක්‍රම බොහොමයක් තියෙනවා. මේවා කිසිවක් ඔයාගේ ළඟ නැත්නම්, සාමාන්‍ය කොණ්ඩ කටු භාවිතා කරන්න. තෙත හිසකෙස් වල ස්ථානගත කර වියලෙන තෙක් තබන්න. අසාමාන්‍ය ලෙස පරිමාව වැඩි වන්නේ නැතිව කේශ මූල මදක් එසවී තිබේවි. 

05. වැඩිපුර ස්ටයිලින් ෆෝම් පාවිච්චි කරන්න එපා.

මේවා අනවශ්‍ය ලෙස වැඩියෙන් භාවිතා කල විට හිසකෙස් එකට ඇලී බර වැඩි වන නිසා වැඩිපුර පරිමාවක් ලබාගැනීමට නොහැකි වෙනවා. මෙම නීතිය් අනුගමනය කරන්න: කෙටි කොණ්ඩයක් විලාසිතා ගන්වන විට, වොල්නට් එකක් ප්‍රමාණයේ පෙණ බෝලයක් සෑහෙනවා. සාමාන්‍ය දිගු කොණ්ඩයක් සඳහා කුකුල් බිත්තරයක ප්‍රමාණයක් සහ දිගු කොණ්ඩයක් සඳහා ටෙනිස් බෝලයක ප්‍රමාණයක් සෑහෙනවා.

04. “නිර්මාණාත්මක අවුල් ජාලය” යන මූලධර්මය භාවිතා කරන්න. 

මෘදු, ප්‍රවේශමෙන් පීරාගත් කොණ්ඩයක් නිතරම හොඳ පෙනුමකින් යුක්ත වෙනවා. මදක් අවුල් සහගත කොණ්ඩ මෝස්තරයක් කියන්නේ සිහින් කොණ්ඩ හිමි අයට බොහොම හොඳ යහළුවෙක්. මද රැලි සහිතව හිසකෙස් සකස් කිරීම, පිටුපසට කිරීමට ලිහිල් බෑන්ඩ් එකක් පමණක් භාවිතා කිරීම හෝ ස්ටයිලින් ෆෝම් භාවිතා කිරීමෙන් මෙය කරගන්න පුළුවන්.

03. වියළි ෂැම්පු භාවිතය.

හිසකෙස් සේදීමට සහ පැය ගණනක් ගත කර හිසකෙස් විලාසිතා ගැන්වීමට තරම් කාලයක් නැති අවස්ථාවක වඩාත්ම සුදුසු තේරීම මෙයයි. මෙමඟින් කේශ මූලවල අපද්‍රව්‍ය ඉවත් කර ඉහලට ඔසවා, පරිමාව වැඩි කර පිරිසිදු කරනවා. ළදරු පුයර භාවිතා කිරීමෙන්ද මෙම ප්‍රතිඵලය ලබාගන්න පුළුවන්.

02. හිසකෙස් පහල සිට වියළීම. 

සාමාන්‍ය හිසකෙස් වියලනයකින් පවා කොණ්ඩයට වැඩි පරිමාවක් එක්කරගන්න පුළුවන්. හිසකෙස් මුහුණ ඉදිරියේ පහලට කඩා හැලෙන පරිදි හිස පහත් කර, උණුසුම් වායු ධාරාව හිසකෙස් මුල සිට අග දක්වා යොමු කරන්න. මාරුවෙන් මාරුවට, හිසකෙස්වල ඉහල කොටස ඔසවා තිරස් අතට තබා වියලාගන්න. 

01. හිසකෙස් දෙපසට වෙන් කරන ස්ථානය වෙනස් කරන්න.

පුරුද්දක් ලෙස හිසකෙස් හරි මැදින් දෙපසට වෙන් කිරීම වෙනුවට, වෙනස් විදියකට කිරීමට උත්සහ කරන්න. මේ සඳහා තේරීම් ගොඩක් තියෙනවා. සිග්සැග්, පැත්තකින් වෙන් කිරීම, පහල පැත්තකින් වෙන් කිරීම හෝ වෙන් කරන්නේ නැතිව සිටීම. මෙමඟින්ද හිසකෙස් මුල්වලට වැඩි පරිමාවක් ලබාදිය හැකියි.

Leave a Reply

Your email address will not be published.