සීතල ජලයෙන් ස්නානය කිරීමෙන් ඔබේ සමට සිදු වන මැජික් 5 ක්

අපි බොහෝ දෙනා විශ්වාස කරන දෙයක් තමා උදෑසන සීතල ස්නානය සිදු කලාම හොද ශක්තියක් ලැබෙනවා කියන එක. සීතල වතුර විතරක්ම නෙමේ සාමාන්‍ය වතුරෙන් ( තරමක් සීතල ) අපි ස්නානය සිදු කලත් අපට බොහෝ හොද ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙ‍ය අපේ සමට ඇදහිය නොහැකි තරමේ රූපලාවන්‍ය ප්‍රතිකාරයක්. ඉතින් අද අපිට ඔබට රැගෙන එන්න හිතුනා මේ සීතල වතුරෙන් ස්නානය සිදු කලාම සිදු වෙන දේවල් කිහිපයක් පිලිබදව. මේ දේවල් දැනගත්තම ඔබටත් පුදුම හිතේවි. කියවලම බලන්නකෝ.

01. එය ඔබේ සමට නිරෝගී දිලිසීමක් ලබා දෙයි.

රුධිර සංසරණය වැඩි කිරීමට උපකාරී වන දෙයක් තමා මේ සීතල ජලය ස්නානය කියල කියන්නේ. නැවුම් දීප්තිමත් පෙනුමක් ඔබේ මුහුණට ලබා ගැනීමට පුළුවන් ඔබ මේ සීතල ජල ස්නානය සිදු කිරීම තුළින්. ඔබේ සමේ දීප්තිය වැඩි කර ගැනීමට කියල ඔබට බොහෝ වෙලා සීතල ජලයේ සිටීමට අවශ්‍ය වෙන්නේත් නෑ. ඔබ සීතල හෝ මදක් සීතල ජලයෙන් සාමාන්‍ය පරිදි ස්නානය කිරීම මේ සදහා ඇත්තෙන්ම ප්‍රමාණවත්.

02. සමේ වයසට යාම වළක්වයි.

‌ඔබේ සම වයසට නොයා දිගුකල් ලස්සනට තියාගන්න උපකාරී වෙනවා ඔබ මේ සීතල ජලය ස්නානය සිදු කලාම. ඔබේ ස්නායු පද්ධතිය සක්‍රීය කිරීමට මීට හැකියාව තිබෙනවා ඒ විතරක් නෙමේ ඔබේ ශරීරය මානසික ආතතියට එරෙහිව සටන් කරන හෝමෝන හා මොළයේ රසායනික ද්‍රව්‍ය නිකුත් කිරීමත් ඔබ සීතල ජලය ස්නානය කිරීම තුළින් සිදු වෙනවා. ශරීරයේ බොහෝ පද්ධති සදහා ඍනාත්මක ලෙස බලපෑමක් ඇති කිරීමට වගේම සමේ වයසට යෑමට සෘජුවම බලපාන දෙයක් ලෙස මානසික ආතතිය ගත හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.

03. එය ආතතිය හා සම්බන්ධ සමේ තත්වයන් වළක්වයි.

මොළයට අති විශාල විද්‍යුත් ආවේගයක් යැවීම වගේම “ප්‍රීතිමත් හෝමෝන” හෝ එන්ඩොර්ෆින් මුදා හැරීම උත්තේජනය කිරීමක් සීතල ස්නානය මගින් සිදු වෙනවා. කුරුලෑ සහ සමේ රෝග වැනි සමේ ගැටළු රැසකට මුහුණ දීමට ඔබට ඇති ඉඩකඩ මෙහිදී අවම වෙනවා. මීට හේතුව මෙම රසායනික ද්‍රව්‍ය ශරීරයෙන් මුදා හරින විට, ඔබේ ආතති මට්ටම පහත වැටීම.

04. එය සිදුරු තද කරයි.

ඔබේ සම නිපදවන ආරක්ෂිත තෙල් සමහරක් ඉවත් කිරීම උණු වතුර වලින් සිදු වෙනවා. ඔබේ සිදුරු තාවකාලිකව අවම කිරීමට මිරිදිය ජලයට හැකියාවක් තිබෙනවා. ඔබේ සමේ දීප්තිය වැඩි කරමින් ඔබේ සමට ජීව ශක්තියක් ලබා දීමට මෙය සමත් වෙනවා. සීතල වතුරෙන් ස්නානය සිදු කලාම ඔබේ මුහුණ සුදුමැලි හෝ රතු පැහැයක් ගන්නවා ඔබ දැක ඇති. මීට හේතුව වන්නේ සීතල වතුරෙන් රුධිර නාල සම්පීඩනය වීම.

05. එය සමේ සමහර තත්වයන්ගෙන් ඇති වෙන අපහසුතාවයන් සමනය කරයි.

‌ උණුසුම් ජලය ස්නානය සිදු කිරීමේදී ඔබේ සමේ රතු පැහැය, කැසීම සහ පීල් කිරීම පවා ඇති විය හැකි අතර සිසිල් ජලය ස්නානය සිදු කිරීමේදී සිදු වෙන්නේ මෙහි විරුද්ධ දෙයයි. සීතල ජලය ස්නානය කිරීමෙන් සමේ විවිධ ගැටලු මගහරවා ගත හැකිය. සමේ කැසීම වැනි ගැටලු ඇති විට ඒවා මගහරවා ගත හැක. අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි සම සිසිල් කිරීමටද සමේ රෝග නිසා ඇතිවන අධික කැසීම අඩු කිරීමටද සීතල ස්නානය ඔබට උපකාරී කර ගත හැකිය.

ඔබ සාමානයයෙන් සීතල ජලය ස්නානය සිදු කරන පුද්ගලයෙක්ද ? ඔබේ අත්දැකීම් අප සමග බෙදාගැනීමටත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.