සුළු පිරිසක් දන්නා බියර් භාවිත කල හැකි අපූරු ක්‍රම 10 ක්

“බියර්” කියන නම ඇසුණු වහාම මතකයට නැගෙන්නේ සුදු පෙණ සහිත රත්රන් පැහැති දිලිසෙන ද්‍රාවණයක්. ඇත්තටම මේ වෙලාවේ බියර් වීදුරුවක් බොන්න තියනවානම් මොන තරම් හොඳද? 

මෙම පානයෙන් ලබාගත හැකි අනපේක්ෂිත ප්‍රයෝජන කිහිපයක් මෙහි සඳහන් වෙනවා. මේ නිසා ඊළඟ වතාවේ බියර් එකක් මිලට ගත් විට සම්පූර්ණයෙන්ම ඉවර කරන්න කලින් දෙවරක් හිතන්න.

01. හිසකෙස් පෝෂණය කර වර්ධනය කරයි. 

නිරෝගී හිසකෙස් ලබාගැනීමේ සහ හිසකෙස් වර්ධනය උත්තේජනය කරගැනීමේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන සිලිකන් වලින් සහ විටමින් B වලින් මෙය පොහොසත්. 

කෙලින්ම හිසකෙස් මතට බියර් වීදුරුවක් වත්කර හිස්කබල සම්බාහනය කර විනාඩි 5ක් තබන්න. සිසිල් වතුරෙන් සෝදා හරින්න. මෙමඟින් කිසිදාක නොතිබූ ආකාරයේ දිලිසුමක් හිසකෙස් වලට ලැබේවි.

02. ස්ථායි සහ මෘදු සමක් ලැබේ. 

සම වයස්ගත වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක බියර්වල අඩංගු වෙනවා. නමුත්, පුදුමයට කරුණක් වන්නේ, මෙම මධ්‍යසාර අඩංගු පානයෙන් ලබාගත හැකි වෙනත් වැදගත් ප්‍රයෝජන තිබෙනවා. සමෙහි ස්වයං-අළුත්වැඩියා කිරීමේ හැකියාව වර්ධනය, තද වීමට සහය වීම, කුඩා රැලි ඉවත් කිරීම. 

මෙම මාස්ක් එක උත්සහ කර බලන්න.

බියර් මේස හැන්දක්, බිත්තර සුදු මදයක් සහ ආමන්ඩ් තෙල් බින්දු 3ක් මිශ්‍ර කරන්න. පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර මිනිත්තු 10ක් තියන්න. 

03. හොඳ නින්දක් ලබාගැනීමට උදව් කරයි.

බියර්වල ප්‍රධාන අමුද්‍රව්‍යන්ගෙන් එකක් වන හොප් මල, අනිද්‍රාව සඳහා භාවිතා කළහැකි ඵලදායි ශාකමය ස්වභාවික ශමනකයකි. 

මෙය උත්සහ කර බලන්න.

වතුර සහ බියර් සමාන ප්‍රමාණ භාවිතා කර කොට්ට උරය සෝදන්න. එමඟින් හොප් මලේ සුවඳ රෙදිවලට අවශෝෂණය වන නිසා ඉක්මනින්ම නින්දට වැටෙන්න පුළුවන්.

04. විඩාබර කකුල් සඳහා සහනයක් ලබා දෙයි. 

සිසිල් බියර් භාජනයකට දමා, මිනිත්තු කීපයක් දෙපා එහි ගිල්වාගෙන සිටින්න. බියර් සතුව පවතින නැවුම් බුබුළු මතු වන ගුණය මඟින් දුෂ්කර දිනයක අවසානයේ දෙපාවල වේදනාව සමනය කරගැනීමට මෙය භාවිතා කළ හැකියි. 

05. සමෙහි මැරුණු සෛල ඉවත් කරයි.

සමේ තානය ඇති කිරීමට අමතරව, සමෙහි මැරුණු සෛල ඉවත් කිරීමටද මෙය සහය වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ සමේ තානය ඒකාකාර වීම සහ බැබලීමයි.

ස්ට්‍රෝබෙරි අහුරක් සහ බියර් මේස හැඳි කීපයක් ගන්න. ආලේපයක් ලැබෙන තෙක් අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න. මුහුණේ ආලේප කිරීමෙන් මැරුණු සෛල සහ කුණු දුහුවිලි ඉවත් කර ප්‍රතිජනනය උත්තේජනය කරගත හැකියි.

06. බියර් යොදා සකස් කරගන්නා පදම් මුසුවෙන් මස් මාංශ මෘදු කරගත හැකියි. 

රසය වෙනස් නොකර මස් මාංශ මෘදු කරගැනීමට බියර් භාවිතා කල හැකියි. ප්ලාස්ටික් බඳුනකට මස් ටික දමා, බියර් ටිකක් දමන්න. ශීතකරණයට දමන්න. ඊළඟ දවසේ මෘදු සහ කටට කෙළ උනන ඉතාම රසවත් ගවමස් ආහාරයට ගන්න පුළුවන්.

07. දැව භාණ්ඩ ඔප දැමීමට. 

උණුසුම් බියර් ටිකක් සිනිඳු රෙදි කඩකට දමා, දැව මතුපිට පිස දමන්න. 

මෙහි ප්‍රතිඵලය වශයෙන් දැව භාණ්ඩවලට අමතර දිලිසුමක් සහ අලුත් පෙනුමක් ලැබේවි.

08. පළිබෝධ නාශකයක් ලෙස.

කරදරකාරී මැස්සන් ආහාරවලින් ඈත් කර තැබීමට බියර් භාවිතා කල හැකියි. වීදුරුවකට බියර් දමා, ඇලුමිනියම් ලෝපතකින් ආවරණය කර, කුඩා සිදුරු සාදන්න. මෙම සුවඳට ඇදී එන මැස්සන්ට ඇතුලට ගියත් නැවත පිටතට පැමිණිය නොහැකියි. 

මේ ක්‍රමය හම්බෙල්ලන්ට සහ කැරපොත්තන්ටද භවිථාඅ කරන්න පුළුවන්. 

09. ඕනෑම ලෝහමය භාණ්ඩයක් ඔප දැමීමට

බියර් වල අවම අම්ල මට්ටමක් පවතින නිසා වානේ භාජන සහ ආභරණ වැනි ලෝහ භාණ්ඩයක් ඔප දැමීමට භාවිතා කල හැකියි. 

රෙදි කැබැල්ලකට බියර් ටිකක් වත්කර, ලෝහ භාණ්ඩයේ මතුපිට පිරිමදින්න. එසේ නැත්නම් බියර් පිරවූ බඳුනකට ලෝහ භාණ්ඩ දමා විනාඩි කීපයක් පොඟවා ගත හැකියි. රෙදි කඩකින් වියළාගත් පසු ඒවා දිලිසෙන ආකාරය පිළිබඳව ඔයා පුදුම වේවි. 

10. මළ බැඳුනු ඉස්කුරුප්පු ඇණ ගැලවීමට

 බියර්වල අන්තර්ගත වන අම්ල මඟින් මළ කඩා දමන නිසා, පහසුවෙන්ම මළ බැඳුනු ඉස්කුරුප්පු ඇණ ගලවා ගත හැකියි. ඒවාට බියර් ටිකක් වත්කර, මිනිත්තු කීපයක් තබා, නැවතත් උත්සහ කර බලන්න.

Leave a Reply

Your email address will not be published.