හරියට කලේ නැතිනම් අපගේ ජීවිතය විනාශ කරන එදිනෙදා දේවල් 10 ක්

අපි ඒවා හරියට කරනවද නැද්ද කියන එක ගැන කිසිම අවධානයක් යොමු නොකර දිනපතාම සිදුකරන ක්‍රියා තියනවා. සමහර විට මේ එදිනෙදා දේවල් දිහා වෙනස් කෝණයකින් බලන එක වැදගත්. නාන්නෙ කොහොමද, දත් මදින්නෙ කොහොමද කියලා අපි කොහොමත් දන්නවා. හැබැයි කොච්චර වෙලාවක් නාන්න ඕනද? දත් මදිනකොට අවශ්‍ය දන්තාලේප ප්‍රමාණය කොච්චරද කියලා නම් අපි කරියටම දන්නෙ නෑ.

ඉතින් ඔයාට එදිනෙදා ක්‍රියාවන් නිවැරදිව සිදු කරන්නේ කොහොමද කියන එක ගැන වැඩිදුර දැනුමක් ලබාගන්න පුලුවන් ප්‍රයෝජනවත් ඉඟි කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නෙ.

01. හිසකෙස් සෝදා ගන්නා ආකාරය

තුවායක් වෙනුවට ටී-ෂර්ට් එකක් මගින් තෙත හිසකෙස් වියළන්න. රැලි වැටී ඇති හිසකෙස් සිනිඳු කරන්න. හිසකෙස්වලට ෂැම්පු දමා මෘදු ලෙස සම්බාහනය කිරීමට ඇඟිලි තුඩු භාවිත කරන්න. කන්ඩිෂනර් යෙදීමට පෙර හිසකෙස් හොඳින් සෝදන්න. හිස්කබලට කන්ඩිෂනර් දැමීමෙන් වළකින්න.

02. පොදු ප්‍රවාහනයේදී බැක්පැක් එකක් දාන්නෙ කොහොමද?

පොදු ප්‍රවාහනයේදී පික්පොකට් කරුවන්ගෙන් බෑග් එක ආරක්ෂා කර ගැනීමට ඔයාගෙ බෑග් එක ඔයාට පේන විදිහට තියාගන එක තමයි වඩා හොඳ.

03. සුක්කානම් රෝදය අල්ලාගෙන සිටින ආකාරය

අත් තැබීමට ආරක්ෂිතම ස්ථානය මධ්‍ය රේඛාවයි (ඉහත පින්තූරයේ පෙන්වා ඇති පරිදි). මේ පිහිටීම මගින් එයාර් බෑග් අත්වලට සහ අත්ලවලට විවෘත වීම වළක්වන නිසා ඔයාගෙ හිස සහ ශරීරය ආරක්ෂා වෙනවා.

04. දත් මදින ආකාරය

දන්තාලේප වෙළඳ දැන්වීම්වල තියන විදිහට දත් බුරුසුවේ හැම කෙන්දක්ම දන්තාලේපවලින් වහන්න ඕන නෑ. ඇත්තටම ඕන වෙන්නෙ කුඩා දන්තාලේප ප්‍රමාණයක් විතරයි.

05. ඇඟිල්ලේ කැපීමකට පටි ආධාරකයක් යොදන ආකාරය

ඇලෙන සුළු ටේප් එක අඩකින් කපා ඒවා කතිර රටාවකට ඇඟිල්ලට අලවන්න. දැන් ඕනෑවට වඩා ප්‍රවේශම් වීමකින් තොරව ඔයා කැමති ඕනම දෙයක් කරන්න පුලුවන්.

06. තද බ්‍රා එකක් අඳින්නෙ කොහොමද?

කප් එකේ සයිස් එක හරිගියත් බ්‍රා එක ඔයාට තදයි නම්, එහි බෑන්ඩ් එකේ ප්‍රමාණය වැඩි කිරීමට බ්‍රා එක්ස්ටෙන්ඩර් එකක් භාවිත කරන්න.

07. වැසිකිලි කඩදාසි එල්ලන ආකාරය

ඉරීමේ කෙළවර බිත්තියෙන් ඉවතට මුහුණලා වැසිකිළි කඩදාසි එල්ලන්න. මේ මගින්, හානිකර බැක්ටීරියා ඇති බිත්තිය අතින් ඇල්ලෙන්නෙ නැතුව වැසිකිලි කඩදාසි ගන්න පුලුවන්.

08. අත් දෙක පිරිසිදුව තබා ගන්නේ කොහොමද?

මේ සඳහා ඇල්කොහොල් ප්‍රතිශතය 60% ට අඩු නොවන ඇල්කොහොල් වලින් සමන්විත ජෙල් එකක් පාවිච්චි කරන්න. වෙනත් අත් සනීපාරක්ෂක යන්ත්‍ර මගින් අත්වල ඉන්න ක්ෂුද්‍ර ජීවීන් සියල්ලම ඉවත් කරන්නෙ නෑ. එහෙම වුණොත් ඔයාට අත් සෝදන්නම වෙනවා.

09. ස්නානය කරන්නේ කොහොමද?

උණු වතුර වලින් දිගු වෙලාවක් ස්නානය කිරීමෙන් සම අධික ලෙස වියළී යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට කුෂ්ඨ සහ කැසීම ඇති වෙනවා. ඒ නිසා විනාඩි 10කට වඩා ස්නානය කරන්න එපා.

10. ජිම් ගිහින් ආවම කරන වැරදි වළක්වා ගන්නේ කොහොමද?

ව්‍යායාම කිරීමෙන් පසු, ඔයාගෙ මූලික ශරීර උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වෙලාවට සිසිල් වතුරෙන් නෑවොත්, ඔයාගෙ මාංශපේශීවලට නැවත ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට උදව්වක් වෙනවා. එමගින් වේදනාව අඩු කරන අතර මාංශ පේශි වේගයෙන් ප්‍රතිනිර්මාණය කිරීමටත් උදව් වෙනවා.

ව්‍යායාම මගින් ඔයාගෙ මාංශ පේශී තන්තු දිගු වන අතර ශරීරයට ඉන්ධන සැපයීමට ග්ලයිකෝජන් භාවිත කෙරෙනවා. එම පාඩුව ඉක්මනින් පිරවීම ගොඩක් වැදගත් වෙන්නෙ මේ නිසයි. ව්‍යායාමයෙන් පසු විනාඩි 30 කට නොඅඩු කාලයකදි ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් ස්වල්පයකින් සමන්විත ආහාර වේලක් අනුභව කිරීමට උත්සාහ කරන්න.

Leave a Reply

Your email address will not be published.