හැකි ඉක්මනින් නැවත්වා ගතයුතු අප එදිනෙදා කරන වැරදි 9 ක්

අපි දිනපතා කරන්න පුරුදු වෙලා ඉන්න සමහර දේවල් නිසා අපි නොදැනුවත්වම අපට හානි සිදුවෙන්න පුලුවන්. උදේට හිස්බඩ කෝපි කෝප්පයක් බීමේ සිටම රෑට නිදාගන්නකොට ෆෝන් එක චාර්ජ් වෙන්න ගහලා කොට්ටෙ යට තියන් නිදාගන්න එක දක්වාම අපි දන්නෙ නැතුව වුණත් අපිට අහිතකර සහ අනතුරුදායක දේවල් කරනවා.

ඉතින් අද අපි ඔයාට කියන්න හිතුවෙ ඉක්මනින්ම ඈත් විය යුතු, අපි දිනපතාම කරන්න පුරුදු වෙලා ඉන්න වැරදි දේවල් 9 ක් ගැනයි.

09. ඩෑෂ්බෝඩ් එක උඩ කකුල් තියන්න එපා.

වාහනවල යන අය එයාලට සුවපහසු විදිහට ඉන්න කැමතියි. ඉතින් කාර් එකේ ඉස්සරහ සීට් එකේ යන අය ඩෑෂ්බෝඩ් එක උඩ කකුල් තියාගෙන යන්න ආසයි.

හැබැයි මේ ඉරියව්ව හරිම භයානකයි. හදිසි අනතුරක් වළක්වගන්න හයියෙන් බ්‍රේක් ගහන වෙලාවක ඔයා කකුල් දෙක ඔයාගෙ මුහුණ මට්ටමේ තියාගෙන හිටියොත් දණහිස් දෙක මුහුණෙ වැදිලා හිතනවට වඩා බරපතල අනතුරක් වෙන්න පුලුවන්. ඒ වගේම ඉක්මනින් සනීප වෙන්නෙ නැති තරම්.ලොකු හානියක් ඔයාගෙ මුහුණට සහ දණහිස්වලට සිදුවෙන්න ඉඩ තියනවා.

08. තෙත ටවල් කොකුවල එල්ලීම සහ ශවර් කර්ටන් එක එක පැත්තකට තල්ලු කරලා තියන්න එපා.

අපි ස්නානය කරනකොට බාත් රූම් එකේ තියන ශවර් කර්ටන් එක තෙත් වෙනවා. ඒ වගේමයි අපි නාලා පිහිදුවම අපේ තුවායත් තෙත් වෙනවා. ඉතින් මේ දෙකම දිගහැරලා තියන්නෙ නැතුව, පැත්තකට කරලා තිබ්බොත් ඒකෙන් වෙන්නෙ තුවාය සහ ශවර් කර්ටන් එකේ තෙත මතුපිට මත බැක්‍ටීරියා ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. ඒක අපේ සෞඛ්‍යයට තදින්ම බලපානවා.

ඒ නිසා නෑවට පස්සෙ තුවාය හොඳින් දිගහැරලා අව්වට දාන්න. ඒ වගේම ශවර් කර්ටන් එකත් අකුලලා තියන්නෙ නැතුව, දිගහැරලා තියන්න.

07. හිස්බඩ කෝපි බොන්න එපා.

ගොඩක් අය දදම්වස පටන් ගන්න පුරුදු වෙලා ඉන්නෙන හිස්බඩ කෝපි එකක් බීලා. හැබැයි, කෝපිවල ප්‍රයෝජන වගේම අහිතකර පැත්තකුත් තියනවා. හිස්බඩට කෝපි බිව්වම හදවතට සහ ආහාර ජීර්ණ පද්ධතියට අහිතකරයි.

ඔයාට බඩගිනි දැනුණම ඔයාගෙ බඩෙන් ගෑස්ට්‍රික් අම්ලය මුදාහරින්න පටන් ගන්නවා. ඉතින් බඩට කෑමක් ඕන වෙලාවට, ඔයා කෝපි එකක් බිව්වම බඩෙන් තවත් ගෑස්ට්‍රික් අම්ලය නිපදවනවා. ඒක ඔයාගෙ ආමාශ බිත්තියට හොඳ නෑ.

විශේෂඥයින් කියන්නෙ උදේ ආහාරයෙන් පසුව කෝපි බොන්න කියලයි. නැත්නම් දවසෙ මැද වෙලාවක කෝපි එකක් බිව්වට කමක් නෑ කියලයි.

06. පොප්කෝන් කන්න එපා.

ෆිල්ම් එකක් බලන අතරතුරේ ලුණු දාලා සැරට හදපු ලොකු පොප්කෝන් බකට් එකක් කන්න කවුද අකමැති? හැබැයි මේක අපට අහිතකරයි කියලා නම් ඔයා කවදාවත් හිතුවෙ නැතුව ඇති.

දන්ත වෛද්‍යවරු කියන්නෙ පොප්කෝන් අපේ දත්වලට හානිකර විය හැකි බවයි. පොප්කෝන් වල තියන සමහර කොටස් දත් අතර හිර වුණාම ඒවා ආයෙ එළියට ගන්න අමාරුයි.

05. කාර් එක ඇතුලෙ වතුර පුරවපු බෝතල් තියන්න එපා.

ඔයත් කාර් එකක් තියන කෙනෙක් නම්, කාර් එක ඇතුළෙ වතුර බෝතලයක් අනිවාරෙන්ම තියාගෙන ඉන්නවා ඇති. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි, මෙ පුරුද්ද සමහර වෙලාවට ලොකු අනතුරකට වුණත් මගපාදන්න පුලුවන්. විශේෂයෙන්ම රස්නෙ කාලෙට මේ දේ ගොඩක් භයානකයි.

මේකට හේතුව තමයි, අධික හිරු එළිය යටතේ වතුර බෝතලය කාචයක් ලෙස ක්‍රියා කරනවා. මේ වගේ වෙලාවක වතුර බෝතලේ ගොඩක් අඳුරු තැනක තිබුණොත් එයින් ගින්නක් පවා ඇතිවෙන්න පුලුවන්.

මේ වගේ සිදුවීමක් වෙන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒත් ඉතින් මොකටද අවදානමක් ගන්නෙ? ඒ නිසා ඊලඟ වතාවෙ ඔයා ගෙදර ආවම කාර් එක ඇතුළෙ තියන වතුර බෝතලෙත් අරගෙනම යන්න.

04. කුරුලෑ කඩන්න එපා.

කුරුලෑ ඇති වෙන්නෙ සමේ සිදුරු ඇතුළේ කුණු දූවිලි හෝ තෙල් හිරවීම නිසයි. ඔයා කුරුලෑව කැඩුවම, කුරුලෑව ඇතිවුණු සමේ සිදුරේ බිත්ති විනාශ වෙනවා. එතකොට බැක්ටීරියා වලට ඉක්මනින් ඇතුළුවෙන්න ඉඩ ලැබෙනවා. අත් දෙකේ තියන කුණුත් කඩපු කුරුලෑවෙ ගෑවුණාම තත්වෙ තවත් දරුණු වෙලා තුවාල පවා ඇතිවෙන්න ඉඩ තියනවා.

ඔයත් කුරුලෑ කරදරෙන් පීඩා විඳින කෙනෙක් නම්, සම සම්බන්ධ රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් හමුවෙන්න. එහෙම නැතුව තනියම කුරුලෑ කඩන්න ගිහින් කරදරේ වැඩි කරගන්න එපා.

03. ෆෝන් එකෙන් දකින දකින හැමදේකම ෆොටෝ ගන්න එපා.

අද වෙනකොට ගොඩක් දියුණු ස්මාර්ට්ෆෝන් අපේ අතට ඇවිත් තියනවා. අපිත් ඉතින් පුරුද්දක් විදිහට දකින දකින හැමදේම ෆොටෝ ගහගන්නවා. හැබැයි මේ පුරුද්ද මගින් ඔයාට ඇස්වලින් දැකලා විඳින්න අවස්ථාව තියන ගොඩාක් දේවල් මගහැරෙනවා.

ඔයා ෆොටෝ එකක් ගන්නකොට ඔයාගෙ සම්පූර්ණ අවධානයම යොමුවෙන්නෙ එෆෝන් එකෙන් පේන පින්තූරය දිහාට විතරයි. ඒ කියන්නෙ ඔයාට ඇත්තම රූපෙ මගහැරෙනවා. ඒ දිහා හරියට බලන්න අමතක වෙනවා. ඒකෙන් වෙන්නෙ ඔයාට මතකයක් විදිහට ඒ ෆොටෝ එක ඉතිරි වුණත්, පියවි ඇසින් ඒ දේ දැකලා රසවිඳින්න ලැබුණු අවස්ථාව ඔයාට අහිමි වෙලා යන එකයි.

02. විටමින් සමග ජෛවීයව ක්‍රියාකරන දේවල් ගන්න එපා.

ගොඩක් අය හිතන්නෙ හෙම්බිරිස්සාව වගේ රෝගවලදි ප්‍රතිශක්තිය ලබාගන්න විටමින් සී බොන එක හොඳයි කියලයි. මේක ඇත්තක් නම් අද වෙනකොයට තියන ගොඩක් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලින් වැඩක් නැති වෙනවා.

ඇත්තටම අපි සමබල ආහාර වේලක් ගන්නවා නම්, අතිරේක පෝෂණ ලබාගන්න ඕන වෙන්නෙ නෑ. මොකද අපට අවශ්‍ය විටමින් ඔක්කොම අපේ ආහාර වේලෙන් ලැබෙනවා. අතිරේක විටමින් නිර්දේශ කරන්නෙ විටමින් ඌනතාවයෙන් පෙලෙන අයට විතරයි.

මේ ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී ආකලන හෙවත් BAA කියන්නෙත් ඒ වගේ දෙයක්. ඔයාගෙ ඇඟේ මේ දේවල් අඩුයි නම් පිටින් ලබාගත්තට කමක් නෑ. හැබැයි ඒවා බිව්වා කියලා ඔයාට හැදෙන ලෙඩ සනීප වෙන්නෙ නෑ.

01. චාර්ජ් වෙන ෆෝන් එක කොට්ටෙ යටින් තියාගන්න එපා.

ෆෝන් එක චාජර් එකට ගහලා කොට්ටය යට තැබීමෙන් ගින්නක් පවා ඇතිවෙන්න පුලුවන්. මොකද චාර්ජ් වෙනකොට ෆෝන් එක ගොඩක් රත් වෙනවා. ෆෝන් එක වගේම චාජර් කෝඩ් එකත් රත් වෙනවා. ඔයා මේක එහෙමම කොට්ටෙ යට තියාගෙන නිදාගත්තොත් ගින්නක් ඇතිවෙලා ෆෝන් එක පුපුරන්නත් ඉඩ තියනවා. ඒ නිසා කවදාවත් ෆෝන් එක චාර්ජ් වෙන්න ගහලා කොට්ටෙ යටින් තියාගන්න එපා.

Leave a Reply

Your email address will not be published.