හැමදාම නොදැනුවත්වම අපව විනාශ කරන අපේම පුරුදු 6 ක්

සතුට කියන්නෙ හරියටම කියලා විස්තර කරන්න බැරි වචනයක්. මොකද, හැම කෙනෙක්ටම සතුට කියන වචනෙට තමන්ටම අදාල වුණු නිර්වචනයක් තියනවා. එක එක අය සතුටු වෙන්නෙ එකිනෙකට වෙනස් දේවල්වලටයිඒත් මනෝවිද්‍යාඥයින් සහ ස්නායු විද්‍යාඥයින් ඒකට එකඟ වෙන්නෙ නෑ. මිනිසුන් වශයෙන් අපව තෘප්තිමත් කරන්නේ සහ දුකට පත් කරන්නේ මොනවා නිසාද කියලා එයාලා දන්නවා.

සතුටින් වැඩ කරගන්න නම් අපේ ජීවිත තුළ අපි නොකළ යුතු දේවල් මොනවද කියලයි අද අපි ඔයාට කියන්නෙ.

06. හැම විටම වාඩිවෙලා සිටීම

වර්තමානයේ, උදාසීන ජීවන රටාවක් කියන්නෙ සාමාන්‍ය දෙයක්. හවස් වරුවේ, අපි කාර් එක හෝ පොදු ප්‍රවාහනයෙන් ගෙදර ගිහින්, ගෙදරදිත් පුටුවක ඉඳගෙන ඉන්නවා.

චලනය නොවී ඉඳගෙනම ඉන්නකොට අපේ සතුට සඳහා වගකිව යුතු එන්ඩොර්ෆින් සහ අනෙකුත් හෝමෝන මට්ටම අඩු වෙනවා. ඒ නිසා දවසකට විනාඩි 30 ක් ඇවිදීම මගින් ඔයාව වඩාත් ජවසම්පන්න හා තෘප්තිමත් කරන්න උදව් වෙනවා.

05. අපි මුළු දවසම ගෙවන්නේ ගෙදරයි.

“නිවසේ සිට වැඩ කිරීම” අපි හිතන තරම් සතුටුදායක දෙයක් නෙවෙයි. එමගින් සිනමා ශාලා, ආපනශාලා, සහ අපි බලන්න කැමති වෙනත් ස්ථානවලට යන එකෙන් අපිව ඈත් වෙනවා.

ඒත් ඔයා නොදන්නා ස්ථානයක එළිමහනේ වෙලාව ගත කරනකොට, ඔයා ඉන්නෙ ගොඩක් සතුටින්. ඒකෙන් ඔයාගෙ ආත්ම අභිමානයත් වැඩි දියුණු වෙනවා. මනෝවිද්‍යාඥයින් මේ ක්‍රමය හඳුන්වන්නෙ “ත්‍රාසජනක චිකිත්සාව” කියලයි.

04. අපේ අවට සිදුවන දේවල් ගැන අපි අවධානය යොමු කරන්නෙ නෑ.

අපි කරන්නෙ මොකක්ද කියන එක ගැන අවධානය යොමු කිරීම විතරක් නෙවෙයි, ඒක කරන්නෙ කොහොමද කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට, අපි ගැහැණු ළමයින් දෙදෙනෙක් ගැන හිතමු. ඒ දෙන්නකෙන් එක්කෙනෙක්ට තරහ ගිහින් තියෙන්නෙ එයාට ගේ අස් කරන්න තියන නිසයි. එයා වඩාත්ම කැමති විසිතුරු ආපන ශාලාවක ඩේට් එකකට යන්න වුණත් එයාට කවුරුත් ආරාධනා කරලා නෑ. අනිත් ගැහැණු ළමයා පිඟන් හෝදමින් සිටින අතර ගේ පිරිසිදු කරන්න එයාට යම් කාලයක් තිබීම ගැන එයා සතුටු වෙනවා.

පළමු අවස්ථාවේ දී, ගැහැණු ළමයා වෙහෙසට පත්ව සිටින අතර, දෙවන අවස්ථාවේ දී, ගැහැණු ළමයා ඉන්නෙ වඩාත් සැහැල්ලුවෙන්. දැන් සහ මෙතන ජීවත් වෙන්න අපිට තියන හැකියාව මගින් අපේ ජීවිතය රසවත් කරන බවයි මේකෙන් පැහැදිලි වෙන්නෙ. මොකද එතකොට අපට බයවීම් හෝ පසුතැවීම් සහ මතකයන් නිසා බාධා ඇතිවීම් වගේ දේවල් ඇතිවෙන්නෙ නෑ.

03. අපි කරන්නෙ පරිභෝජනය කිරීම විතරයි.

අපේ ජීවිතය අර්ථවත් කර ගැනීමට, අපට ගන්න විතරක් නෙවෙයි, දෙන්නත් සිදුවෙනවා. මේ කාරුණික ක්‍රියාවන් අපව තෘප්තිමත් කර වැදගත් හැඟීමක් ඇති කරනවා.

ඉතාම කුඩා හොඳ ක්‍රියාවකට පවා අපව දිරිමත් කරන්න පුලුවන්. කෙනෙක්ට තෑග්ගක් මිල දී ගැනීම, සටහනක් ලිවීම හෝ බිත්තියක් පාට කිරීම පවා මේ ජීවිතයේ අපට අරමුණක් ඇති බවත් යමෙකුට අපව අවශ්‍ය බවත් විශ්වාස කිරීමට අපව පොළඹවන දෙයක්.

02. අපි අනිත් අයගෙන් හුදෙකලා වෙනවා.

තනියම ඉන්න ඕන වයසේ දී පවා, අපි කණ්ඩායමකට අයත් වෙන්න ඕන. ඒකට අපේ ලඟම මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ම වෙන්න ඕන නෑ. ඇත්තටම සතුටු වීමට, අපට අනෙකුත් පුද්ගලයන් සමඟ සම්බන්ධ බවක් හැඟෙන්න ඕන.

විවිධ අධ්‍යයනවලට අනුව, මේ ගුණාංගය රෝග පරාජය කිරීමට අපට උපකාරී වෙනවා. එමගින් අපේ ආතතිය අඩු කරන අතර, අපට වැඩි විශ්වාසයක් දැනෙන්නත් හේතු වෙනවා. ඔයා අයත් වෙන්නෙ මොන කණ්ඩායමටද කියලා ප්‍රශ්නයක් නෑ. සමහර විට ඒක පාපන්දු සමාජයක්, ක්‍රීඩා සමාජයක් වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්. ඕන වෙන්නෙ ඔයා යම් දේකට අයිතියි කියලා දැනෙන එක විතරයි.

01. අපි කිසිදෙයක් නිර්මාණය කරන්නෙ නෑ.

අපට නිර්මාණාත්මක විනෝදාංශ අවශ්‍ය වන්නේ මුදල් සහ කීර්තිය සඳහාම නෙවෙයි. අපේ සෞඛ්‍යය සඳහාත් අපට මේ දේවල් වැදගත් වෙනවා. සිතීමේ ක්‍රියාවලිය මගින් ආතතියේ මට්ටම අඩු කර, මනෝභාවය වැඩිදියුණු කරන අතර, මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමටත් අපට උපකාර කරන බව ඔප්පු වෙලා තියනවා.

නිර්මාණශීලීත්වය කියන්නෙ ගායනය සහ පින්තාරු කිරීම විතරක්ම නෙවෙයි. ඒක ඔයාගෙ ඕනම හැකියාවක් වෙන්න පුලුවන්. මල් කිහිපයක් සිටුවන්න. බිත්තිවල පාට තෝරන්න. ගෙදර දොරේ වැඩ කරන්න. නැත්නම් මොනවහරි වැදගත් දෙයක් ගැන හිතන්න. ඔයාට කරන්න තියෙන්නෙ එච්චරයි.

Leave a Reply

Your email address will not be published.