හැමෝටම නැති සිත් ඇදගන්නා සුළු හා අලංකාර ඇහි පිහාටු ලබාගැනීමට උපදෙස් 15 ක්

ලස්සනයි කියන කාන්තාවන් ගොඩදෙනෙක්ට ඉතාම සිත් ඇදගන්නා සුළු දිගු ඇහි පිහාටු යුගලයක් තියන බව ඔයා දැකලා ඇති. දිගු හා සුන්දර ඇහි පිහාටු වලින් ඇස් වලට අමුතු සරාගී පෙනුමක් ලැබෙන බව නම් රහසක් නෙවෙයි. ඒ වගේම අපි දන්නවා ඕනෑම කාන්තාවකගේ ශරීරයේ තියන වැඩිපුරම සිත් ඇදගන්නා සුළු අවයවය තමයි ඇස් දෙක කියන්නෙ. මිනිස්සුන්ගේ ආත්මයේ කවුළුව ඔවුන්ගේ දෑස් කියලා කියනවානේ. අද අපි ඔයාට ඉදිරිපත් කරන මේ ලිපියෙන් උත්සහ කරන්නේ ඔයාටත් සිත් ඇදගන්නා සුළු ඇහි පිහාටු යුගලක් ලබා ගන්න කරන්න පුලුවන් සත්කාර කිහිපයක් ගැන ඔයාව දනුවත් කරන්නයි. මේ බොහෝමයක් ඒවා ගෙදරදිම කරගන්න පුලුවන් විදියේ සරල ප්‍රතිකර්ම නිසා මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න ගමන් ඔයාට ඒවා පහසුවෙන් අත්හදා බලන්නත් පුලුවන්.

‌ශක්තිමත් ඇසි පිහාටු සඳහා,
  • ඔයා මේකප් කරන්න කලින් සෝදා පිරිසිදු කරගත් මස්කාරා බ්‍රෂ් එකක් මගින් ොයාගෙ ඇහි පිහාටුවල පොල්තෙල් ටිකක් ආලේප කරගන්න. විනාඩි දහයක් විතර බ්‍රෂ් එකෙන් මෘදුව ඇහි පිහාටු පීරන්න. ඉන්පසුව මස්කාරා හා මේකප් ආලේප කිරීමෙන් මස්කාරා වල හා මේකප් වල තියන රසායනික ද්‍රව්‍ය වලින් ඔයාගෙ ඇහි පිහාටු වලට වෙන හානිය අඩු කරගන්න පුලුවන්
  • විටමින් E හා බයෝටීන් මගින් ඇහි පිහාටු වගේම හිසකෙස් වර්ධනය වීම වේගවත් කර ශක්තිමත් කරනවා.
  • ඔයා පාවිච්චි කරන කොච්චර ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක, මිල අධික, හොඳම වර්ගයේ මස්කාරා එකක වුණත් රසායන ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒනිසා දිනපතා මේකප් භාවිතා කරනවා නම් අඩුම වශයෙන් සතියකට දින දෙකක් වත් මස්කාරා භාවිතයෙන් වැළකී ඔයාගෙ ඇහි පිහාටු වලට විවේකයක් ලබා දෙන්න
වඩාත් සාර්ථකව අයි මේකප් එක කරගැනීමට,
  • මේකප් කිරීමට කලින් ඔයාගෙ මස්කාරා බ්‍රෂ් එක ටිෂූ එකක් මත මෘදුව පිස දමන්න. එමගින් වැඩිපුර මස්කාරා, බ්‍රෂ් එකෙන් ඉවත් වෙලා ඇහි පිහාටු වල තට්ටු ලෙස රැඳීම වැළකෙනවා.
  • ඔයාගෙ මස්කාරා ටියුබ් එක විනාඩි කිහිපයක් තද උණු වතුර බඳුනක තබන්න. එමගින් එහි ඇති කැටි ගැසුණු මස්කාරා හොඳින් දිය වෙන අතර කැට වශයෙන් ඇහි පිහාටු වල රැඳීමත් වැළකෙනවා.
  • තේ හැන්දක් උණු වතුරෙන් සෝදා පිරිසිදු කරගෙන පහත රූපයේ ආකාරයට ඇස් වලට යටින් හැන්ද තබා මස්කාරා ආලේප කරන්න. එවිට ඇස වටේ මස්කාරා ගෑවීමෙන් වළක්වාගන්න පුලුවන්.
  • ඔයාගෙ ඇහි පිහාටු කර්ල් කරන අතරෙදිම මස්කාරා ආලේප කිරීමට උත්සාහ කරන්න. එතකොට මස්කාරා ඇහැ වටේ ගෑවෙන එක අඩු වෙනවා.
  • ඔයාගෙ මස්කාරා බ්‍රශ් එක අංශක 90 ක් නැවීමෙන් වඩා පහසුවෙන් මස්කාරා ආලේප කරගන්න පුලුවන්.
  • ඔයාගෙ මස්කාරා එක අලුතින් ගත්තා වගේ තියාගන්න නම් ඒකට ඔලිව් ඔයිල් හෝ සේලයින් බිංදු කිහිපයක් එක් කරගන්න.
  • ඔයාගෙ ඇස් පිහාටු මත මස්කාරා ආලේප කරනකොට මුලින්ම ඇහි පිහාටු දිගේ මස්කාරා ආලේප කරගන්න. ඉන්පසුව ඉක්මනින් තිරස් අතට බ්‍රෂ් එක චලනය කරන්න, එහෙම කලොත් මස්කාරා වලින් ඔයාගෙ ඇස් පිහාටු එකට ඇලීම වළක්වාගන්න පුලුවන්.
  • අයි ලෑෂ් කර්ලර් එක පාවිච්චි කරන්න කලින් හෙයා ඩ්‍රයර් එකක් මගින් තත්පර කිහිපයක් එය රත් කරගන්න. එවිට එය වඩාත් හොඳින් ක්‍රියාකරනවා.
  • ඔයා පළවෙනි මස්කාරා ස්ථරය ආලේප කලාට පස්සෙ ඔයාගෙ ඇහි පිහාටු මත බේබි පවුඩර් ටිකක් ආලේප කරන්න. එමගින් එය දුහුවිලි වැදී ඇති ආකාරයක් පෙනෙන්න ගන්නවා. ඉන්පසු ඒ මත තවත් මස්කාරා ස්ථරයක් ආලේප කරලා පවුඩර් නොපෙනෙන තුරු හොඳින් බ්‍රෂ් කරන්න. මේ මගින් ඔයාගෙ ඇහි පිහාටු සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර දිගට පේනවා.
  • අයි ලෑෂ් කර්ල් කරන උපකරණය භාවිතා කරන විට මේ විදියට භාවිතා කරන්න.
  • මස්කාරා මගින් ඔයාගෙ ඇස් වලට ලැබෙන වර්ණය වඩාත් දීප්තිමත් කරගැනීම සඳහා ඇහි පිහාටුවල උඩින් හා යටින් දෙපැත්තෙන්ම මස්කාරා ආලේප කරන්න.
  • ඔයා මස්කාරා භාවිතා කරන්න ඕන මේකප් එකේ අන්තිමටයි. ඒ වගේම ඔයාගෙ ඇසට වඩාත් හැඟීම්බර පෙනුමක් එකතු කිරීමට හා ඇස් වඩාත් විශාල කර පෙන්වීමට ඔයාගෙ ඇස යට ඇහි පිහාටු තීරුවේ ලා පාටක අයි පෙන්සිල් එකකින් ඉරක් ඇඳගන්න

Leave a Reply

Your email address will not be published.