හිසකෙස් වේගයෙන් වර්ධනය කිරීමට අනිවා අනුභව කළයුතු ආහාර 7 ක්

දිග කොණ්ඩයක් ලබා ගැනීම බොහොමයක් කාන්තාවන්ගේ ආසම දෙයකි. එය සදහා විශේෂ ශැම්පු වර්ග, ෆේස් මාස්ක් සහ කොණ්ඩ මෝස්තර වලට අමතරව පෝෂණයේ වෙනසක් ද හිසකෙස් ඉක්මනින් වැවීමට අවශ්‍ය වේ. යුවතිය අපි අද ඔබට මෙම ලිපියෙන් රැගෙන ආවේ ඔබේ කොණ්ඩය වඩාත් සෞඛ්‍ය සම්පන්නව වේගයෙන් වර්ධනය කරන ආහාර ගැනයි.

01. සැමන්

සැමන් මාළු වල මේද අම්ල ඔමේගා 3 අඩංගු වන නිසා කෙස් කළඹ ශක්තිමත් කර හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි. විද්‍යාත්මක අත්හදා බැලීම් වලින් හෙළි වී ඇත්තේ මෙම අම්ල අඩංගු නිෂ්පාදන පරිබෝජනය කිරීම මගින් ටෙලොජන් කාලය හෙවත් කෙස්වල ඇති විවේක කාලය වසර භාගයකින් අඩු කරන බවයි. ඊට අමතරව සැමන් වල විටමින් බී 12 සහ යකඩ අඩංගු වන අතර ඒවා මගින් ඔබගේ හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

02. බෙල්ලන්

බෙල්ලන් යනු සින්ක් ගබඩාවක් ලෙස හැදින්විය හැකි අතර එම නිසා වේගයෙන් වර්ධනය වන දිලිසෙන කෙස් කළඹක් ලබා ගත හැකි වේ. නමුත් මෙම ආහාරය ඔබට දිනපතා කෑමට ගැනීමට ඉතාම වැඩි මුදලක් වියදම් වන හෙයින් දිනපතා එය කිරීමට හැකි දෙයක් නොවෙයි. නමුත් මෙයට ආදේශකයක් විදිහට ඔබට තිරිගු, හරක් මස්(අක්මාව) සහ ඌරු මස් ඔබට ආහාරයට ගත හැකිය.

03. කුකුල් මස්

කුකුල් මස් සත්ව ප්‍රෝටීන් වලින් සමන්විත වන අතර කෙරටීන් නිෂ්පාදනය සදහා එය ඉතාම ප්‍රයෝජනවත් වේ. කිසියම් හෙයකින් ප්‍රෝටීන ඌනතාවයක් ඇති වුවහොත් හිසකෙස් වර්ධනය මාස 2-3 පමන කාලයකට නතර වන අතර හිසකෙස් යාමද සිදු වේ. චිකන් වගේම අනෙකුත් මස් වර්ග වලද ප්‍රෝටීන් අඩංගු වේ.

04. බිත්තර

හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් සාමාන්‍ය තත්වයට පවත්වා ගැනීමට අවශ්‍ය මූලද්‍රව්‍ය වන ප්‍රෝටීන සහ බයෝටීන් වැනි දෑ බිත්තරවල අඩංගුය. හිසකෙස් යාම නැවැත්වීම සදහා උපකාරී වන ආහාරයක් ලෙස බයෝටීන් නිර්දේශ කරනු ලබන අතර ඒවා ආහාර සමග ලබා ගැනීමෙන් වඩාත් ප්‍රතිඵල අත් කර ගත හැකිය. මීට අමතරව බිත්තර වල අපගේ කොණ්ඩයට අවශ්‍ය ලුසීන්(සෛල බෙදීමට උපකාරී වන) සහ අනෙකුත් ඇමයිනෝ අම්ල අඩංගු වේ.

05. ආමන්ඩ්

ආමන්ඩ් වල විටමින් ඊ අන්තර්ගත වන අතර ඒවා හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් ශක්තිමත් කිරීමට උපයෝගී වේ. ආමන් වල බයෝටීන්, මේද අම්ල සහ බී විටමින් වැනි ප්‍රයෝජනවත් ද්‍රව්‍ය අඩංගු වේ.

06. වට්ටක්කා ඇට

වට්ටක්කා බීජ වල විටමින් B1, B2, B3, සහ B4 අඩංගු වන අතර කොණ්ඩය වර්ධනයට උපකාරී වන B5 සහ B6 හිස්කබල සෞඛ්‍යයමත් කරයි. ඔබට බරපතල කොණ්ඩය යාමක් සිදුවී ඇතිනම් ඔබ වැඩිපුර වට්ටක්කා තෙල් ඔබේ ආහාර වේලට ඇතුළත් ක‍රීමෙන් එම රෝගයේ දරුණුම අවස්ථාවකදී වුවත් එයින් මුදවාලීමට එයට හැකියාව ඇත.

07. පරිප්පු

‍යකඩ අන්තර්ගත ආහාර අතරින් පරිප්පු වාර්තාගත ජයක් ලැබූ ආහරයක් වන අතර නීරෝගී කෙස් කළබක් වර්ධනය කර ගැනීම සදහා වඩාත්ම වැදගත් අංගයක් වේ. එමනිසා පරිප්පු සුප් බදුනක කොණ්ඩය වර්ධනය කිරීමේ ක්‍රියාවලියෙන් බාගයක් පමණ සංගටක අඩංගු වේ. ඊට අමතරව සින්ක්, කොලීන් සහ වෙනත් වැදගත් දෑ අඩංගු වේ. නැවතත් මෙවැනි වටිනා ලිපියක් සමග ඔබ හමුවන තුරු ඔබට සුහ දවසක්.

Leave a Reply

Your email address will not be published.