හොද වගේම හානියකුත් කරන ‍රැවටිලිකාර එදිනෙදා පුරුදු 10 ක්

අපි අපේ නිවස, අපේ පවුලට සහ අපට ආරක්ෂිත තෝතැන්නක් ලෙස සලකනවා. ඒත් අපි නොදන්න දේ තමයි, සමහර විට අපේ නිවස තුළ තියන සාමාන්‍ය වස්තූන් පවා පේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් වෙන්න පුලුවන් බව. දීප්තිමත් හා මුතු සිනහවක් ලබාදෙන බව කියන දත් සුදු කිරීමේ දන්තාලේප, විෂබීජ වලින් අපේ දරුවන් ආරක්ෂා කරන ප්‍රතිබැක්ටීරීය අත් සබන්, සහ සිහින් රූපයක් ල්බාදෙන බව ප්‍රචාරය කරන ඩයට් සෝඩා වගේ දේවල් අපි විශ්වාස කරන තරම්ම හොඳ නෑ.

අපි ඔයාගෙ සෞඛ්‍යය හා යහපැවැත්ම ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. ඒ නොසා අද අපි ඔයාට අරගෙන ආවෙ හානිකර විය හැකි ගෘහ නිෂ්පාදන කිහිපයක් සහ ඒවා වෙනුවට භාවිතා කල හැකි විකල්ප විසඳුම් කිහිපයක්.

01. ඩයට් සෝඩා වල සැබෑ බලපෑම

පැණිරස හා කැෆේන් සහිත දේවල් පානය කලාම අපේ ශක්තිය අඩු වෙනවා කියලා අපි දන්න නිසා, අපි ඩයට් සෝඩා බොන්න හිතනවා. ඒත් අධ්‍යයනයන් මගින් හෙළි වෙලා තියෙන්නෙ පානීය ඩයට් සෝඩා සහ ඩිමෙන්ටා, තරබාරුකම, හෘද වාහිනී රෝග වැනි බරපතල සෞඛ්‍ය තත්වයන් වර්ධනය කිරීමේ අවදානමක් තියන බවයි.

අපි ඒවා පානය කිරීමට ප්‍රධාන හේතුව වෙන්නෙ බර අඩු කර ගැනීමයි. ඒත් මේ ආකාරයේ බීම වර්ග අපේ තෘෂ්ණාව වැඩි කළ හැකි අතර අපේ බඩ වැඩි කරන්නත් හේතු වෙනවා.

විසඳුමක්

ස්වභාවිකව දේවල්වලට හුරුවීමට උත්සාහ කරන්න. වතුර බීලම එපා වෙලා නම් එයට ලෙමන් යුෂ ටිකක් එකතු කරලා බොන්න. ඔයාට පැණිරස දෙයක් බොන්න හිතෙනකොට ස්මූති එකක් හදාගන්න. ඒවා වඩාත් රසවත් කිරීමට විවිධ පලතුරු වර්ග එකතු කරගන්න.

02. විෂ සහිත සුවඳ විලවුන් වර්ගයක්

කොහෙහරි යන්න කලින් අපි අනිවාරෙන්ම පර්ෆියුම් ටිකක් ඇඟට ස්ප්‍රේ කරගන්නවා. ඒත් අපි නොදන්න දේ තමයි, අපි මූලික වශයෙන් පෙට්‍රෝලියම් වලින් ලැබෙන ප්‍රසන්න සුවඳ සහිත රසායනික ද්‍රව්‍ය අපගේ සමට ඉසින බව. මේ සුවඳවලට නිරාවරණය වීමෙන් ඉරුවාරදයේ සිට වඳ භාවය දක්වා සාමාන්‍ය සහ දරුණු රෝග ලක්ෂණ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම ඒවා ප්‍රසිද්ධ විශ වර්ග නිසා අපි ඒවා භාවිතය නවත්වන්න ඕන.

විසඳුමක්

ස්වභාවික තෙල්වලින් සුවඳ කරපු සුවඳ විලවුන් වෙත මාරුවෙන්න. ගෙදරදිම ඔයාට වස විසෙන් තොර සුවඳ විලවුන් හදාගන්නත් පුලුවන්.

03. නොන්ස්ටික් පෑන්, විෂ වායූන්ට සමානයි.

කාර්යබහුලත්වය නිසා අපිට උයන්න ගන්න භාජන ගොඩක් වෙලා සෝදන්න බැරි නිසා අපි නොන්ස්ටික් පෑන් මිලදී ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් මේ නිෂ්පාදනවල ආලේපනයෙහි පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතිලීන් අඩංගු වෙනවා. භාජන අධික ලෙස රත් වුණාම, පිළිකාකාරක විය හැකි විෂ වායු එයින් නිදහස් වෙනවා.

විසඳුමක්

මල නොබැඳෙන වානේ හෝ වාත්තු යකඩවලින් සෑදූ උයන භාජන භාවිතා කරන්න. ආහාර පිසීමේදී ස්වභාවික, නොඇලෙන ස්ප්‍රේ එකක් භාවිතා කරන්නත් පුලුවන්.

04. කොට්න් බඩ්ස්

අපේ කන්වල කලාඳුරු එකතු වෙන්නෙ හේතුවක් නිසයි. ඒවා මගින් අපේ කන් ඇළ දූවිලි හා කුණු වලින් ආරක්ෂා කරනවා. එය කන ඇතුළේ එකතුවෙනකොට, ඇලෙන සුළු ගතියක් තියනවා. ඒ නිසා අපි කපු පුළුන් කැබැල්ලක් භාවිතයෙන් ඒවා කනෙන් ඉවත් කරන්න පුරුදු වෙලා ඉන්නවා. එමගින් කන් බෙරය සහ කන ඇතුළේ තියන අනෙක් සියුම් ව්‍යුහයන්ට හානි සිදුවී, ශ්‍රවණාබාධ පවා ඇති වෙන්න ඉඩ තියනවා.

විසඳුමක්

මුලින්ම කොට්න් බඩ්ස් මිලදී ගැනීමෙන් වළකින්න. කන තුළ ගොඩනැගෙන කලාඳුරු පිරිසිදු කිරීම අවශ්‍ය දෙයක් නෙවෙයි. ඔයාට කන පිරිසිදු කරන්නම ඕන නම්, තෙත රෙද්දක් භාවිතයෙන්, ලොකු පීඩනයක් යොදන්නෙ නැතිව කන පිරිසිදු කරන්න.

05. ඕනෑවට වඩා විෂබීජ විනාශ කරන ප්‍රතිබැක්ටීරීය අත් සබන්

කුඩා කාලයේ සිටම, නිතර නිතර අත් සේදීමේ වැදගත්කම ගැන අපට උගන්වලා තියනවා. ඒත් ප්‍රතිබැක්ටීරීය සබන් භාවිතය “සෞඛ්‍යයට අහිතකර” වෙන්න පුලුවන්. මොකද ඒ සබන් මගින් සියලු විෂබීජ විනාශ කරන බවට නිශ්චිත සාක්ෂි නෑ. ප්‍රවීණයන් විශ්වාස කරන්නේ ට්‍රයික්ලෝසන් වගේ මේ සබන් වල තියන සමහර අමුද්‍රව්‍ය මගින් ප්‍රතිබැක්ටීරීය ප්‍රතිරෝධය ඇති කළ හැකි බවයි.

විසඳුමක්

අත් දෙක පිරිසිදු කරන්න ඔයාට ඕන වෙන්නෙ සාමාන්‍ය සබන්, ජලය සහ සම්පූර්ණ ස්ක්‍රබ් එකක් විතරයි.

06. ලූෆා කියන්නෙ විෂබීජ සඳහා පාරාදීසයක්

වර්ණවත් මුහුදු ස්පොන්ජියක් වගේ දෙයක් හානිකර වෙන්නෙ කොහොමද? ඒවායේ තිබෙන සංකීර්ණ රෙදි විවීම, මිය ගිය සම ඉවත් කිරීමට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් ලූෆා එක තෙත් වුණම ඒකට වර්ධනය වන ජීවීන් අහුවෙනවා. ඔයා ඊළඟ වතාවේ එය භාවිතා කරනකොට ඒවා ඔයාගෙ සමට ඇතුළු වෙනවා.

විසඳුමක්

හැමවිටම භාවිතයෙන් පසු ලූෆා එක පිරිසිදු කිරීමට සහ වියලීමට මතක තබාගන්න. නැත්නම්, ඒ වෙනුවට ආරක්ෂක විකල්පයක් විදිහට, ස්වභාවික ස්ක්‍රබ් සබන් එක්ක් තෝරගන්න.

07. දත් සුදු කරන සහ දිරාපත් කරන දන්තාලේප

දන්තාලේප මගින් දත් සුදු කිරීමේ ක්‍රියාව සිදු කරන්නේ ඔයාගෙ දත් මතුපිට තියන පැල්ලම් ඉවත් කිරීමෙන්. ගොෆක් වෙලාවට කොපි හෝ තේ පානය නිසා දත්වල ඇතිවෙන කහට පැල්ලම් ඉවත් කරන්න දන්තාලේප උදව් වෙනවා. මෙතන තියන ගැටළුව වෙන්නෙ ඔයා මේ සනීපාරක්ෂක නිෂ්පාදනය භාවිතා කරන වාර ගණනයි. දන්තාලේප නිතර භාවිතා කිරීමෙන් දත් එනමලය දිරාපත් වීමට හෝ දන්ත සංවේදීතාවයට හේතු වෙන්න පුලුවන්.

විසඳුමක්

ඔයා භාවිතා කරන දන්තාලේප සන්නාමයට පිළිගත් දන්ත වෛද්‍ය ආයතනයකින් අනුමැතිය ලබා ගැනීමේ මුද්‍රාවක් තියනවද කියලා පරීක්ෂා කරන්න. එය වෙනත් දන්තාලේපයක් සමඟ භාවිතා කරන්න.

08. ආහාර මගින් බෝවන රෝග පිටුපස ඇති හේතුව ඇලුමිනියම් ෆොයිල් වෙන්න පුලුවන්.

අපි ඇලුමිනියම් ෆොයිල්වල ඔතලා ඉතිරි වුණු කෑම ගබඩා කරනවා. ඒත් සමහර බැක්ටීරියා ආහාර මගින් බෝවන රෝග ඇති කරනවා. වාතය පවතිනකොට, එම බැක්ටීරියාව වේගයෙන් වර්ධනය වෙනවා. ඇලුමිනියම් ෆොයිල් මගින් ආහාර සම්පූර්ණයෙන්ම වාතයෙන් වසා ගන්නෙ නැති නිසා ඒවා ඇතුළට බැක්ටීරියා ඇතුළු වෙන්න ඉඩ තියනවා.

විසඳුමක්

ආහාර ගබඩා කිරීමට වාතයට ඇතුළු වොය නොහැකි බඳුන් භාවිතා කරන්න. ඊට අමතරව, වැඩි වේලාවක් ආහාර එළියේ තිය්න්න් එපා. එය ටිකක් සිසිල් වුණාම ශීතකරණයේ තබන්න.

09. පැරණි ප්ලාස්ටික් භාජන ඉවත් කරන්න

දෘඩ ප්ලාස්ටික් වලින් සාදන ලද සහ “7” හෝ “pc” (පොලිකාබනේට්) සීල් එකක් තියන භාජනවල BPA (Bisphenol A) අඩංගු වෙන්න පුලුවන්. මේ රසායනිකය මගින් වඳභාවයේ සිට පියයුරු සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා දක්වා වන අන්තරාසර්ග ආබාධ කිහිපයක්ම ඇති කරන්න ඉඩ තියනවා.

විසඳුමක්

අලුත් භාජන මිල දී ගැනීමේදී, ඒවා BPA-නිදහස් බව හෝ ආරක්ෂිතම විකල්ප වන වීදුරු භාණ්ඩ සහ පෝසිලේන් බඳුන් තෝරා ගැනීමට වග බලා ගන්න.

10. ගෙවී ගිය බ්‍රා

කොච්චර පරණ වුණත් විසි කරන්න හිතෙන්නෙ නැති කමතිම බ්‍රා එකක් අපි හැමෝටම තියනවා. ඒත් බ්‍රා වල ඇති ඉලාස්ටික් කාලයත් එක්ක ගෙවිලා යනකොට ඒවායින් පියයුරුවලට හරිහැටි ආධාරකයක් ලබාදෙන්නෙ නැතිවෙනවා. විශේෂයෙන්ම බරින් වැඩි කාන්තාවන්ට මේක ගොඩාක් හානිකරයි.

ඒවගේම එමගින් පියයුරු පටක වල වයස්ගත වීමේ ස්වභාවික ක්‍රියාවලියේ වේගය අඩු කරනවා. සාමාන්‍යයෙන් අපේ පියයුරු ප්‍රධාන වශයෙන් බරෙහි වෙනස් වීම් හෝ හෝර්මෝන වෙනස්වීම් නිසා හැඩයෙන් සහ ප්‍රමාණයෙන් වෙනස් වෙනවා. ඒ නිසා ඉස්සර හොඳටම තිබුණු බ්‍රා එක කාලයක් යනකොට නොගැළපෙන එකක් වෙන්න ඉඩ තියනවා.

විසඳුමක්

ඔයාගෙ පියයුරු වලට ගැලපෙන නිවැරදි ප්‍රමාණයේ හොද බ්‍රා එකක් තෝරගන්න. ඒ සඳහා සාප්පුවේ ඉන්න සේවිකාවකගෙන් උපදෙස් ලබාගන්න.

Leave a Reply

Your email address will not be published.