ෆෑන් එක දාගෙන නිදාගැනීම ඔබට නරක වීමට හේතු

සමහර අයට එයාලගෙ ෆෑන් එක දාන්නෙ නැතුව නින්ද යන්නෙ නෑ. දේශගුණය මොකක් වුණත් ෆෑන් එකේ සද්දෙ අහගෙන නිදාගන්න ඕන අයත් ඉන්නවා. ඇත්තටම ෆෑන් එක කියන්නෙ විෂ සහිත වස්තුවක් නෙවෙයි. හැබැයි රෑට ෆෑන් එක දාගෙන නිදාගන්න එකේ අහිතකර ප්‍රතිඵල කිහිපයක් තියනවා.

බෝනස් එක්ක් විදිහට, ෆෑන් එක නැතුවත් හොඳ නින්දක් ලබාගන්නෙ කොහොමද කියලත් අපි ඔයාට කියනවා

01. ෆෑන් එක නිසා කට සහ නාස් මාර්ගය වියළෙනවා.

ෆෑන් එක ක්‍රියාත්මක කිරීමෙන් දහඩිය සහ තෙතමනය වාෂ්ප වෙනවා. හැබැයි ඒකෙන් තියන අවාසිය තමයි ඒත් එක්කම අපේ කට සහ නාස් මාර්ගයත් වියළෙනවා. මෙමගින් විජලනය පවා ඇතිවෙන්න පුලුවන්.

02. අසාත්මිකතා ඇත්නම් ඒවා වඩාත් නරක අතට හැරෙනවා.

ඔයාට අසාත්මිකතා තියනවා නම්, ෆෑන් එක දාගෙන නිදාගන්න එක හොඳ දෙයක් නෙවෙයි. පර්යේෂකයන්ට අනුව, සුළඟට අසාත්මිකතා අංශු සංසරණය කිරීමට උපකාර කළ හැකි අතර, ඇදුම, ඇස් වියළීම, අක්ෂි අසාත්මිකතා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන්නත් හේතු වෙනවා.

03. මාංශ පේශි කැක්කුම ඇතිවෙන්න ඉඩ තියනවා.

රාත්‍රියේ උෂ්ණත්වය ඉක්මනින් අඩුවීමට නැඹුරු වන අතර, සීතල ට නිරාවරණය වීම නිසා මාංශ පේශි කැක්කුම ඇති වෙන්න ඉඩ තියනවා. ඒ වගේම, උණුසුම් රාත්‍රියකදි, ෆෑන් එකෙන් හමන වාතය මගින් ඔයාගෙ මූලික උෂ්ණත්වය වැඩි කළ හැකි අතර, ඔක්කාරය හෝ හිසරදය වගේ උණුසුම ආශ්‍රිත රෝග ඇති වෙන්නත් පුලුවන්.

බෝනස්: ෆෑන් එක වෙනුවට කරන්න පුලුවන් දේවල් කිහිපයක් මෙන්න.
1. ජනේලයක් විවෘත කරගෙන නිදා ගන්න.

උණුසුම් රාත්‍රීන් සඳහා සරල විසඳුම තමයි ජනේලයක් ඇරගෙන නිදාගන්න එක. හිමිදිරි උදෑසන සීතල සුළඟ වාතය සිසිල් කිරීමට උපකාරී වෙනවා. ඔයා මදුරුවන්ට බයයි නම්, දැලක් හෝ තිරයක් මගින් ජනේලය ආවරණය කරගන්න.

2. ඇඳ අසල තෙත් තුවායක් හෝ වතුර පිරුණු බාල්දියක් තබාගන්න.

ඔයාගෙ කාමරය විජලනය වීමෙන් වැළැක්වීමට, තෙත් තුවායක් ඇඳ විට්ටමට දමන්න. නැත්නම්, බාල්දියකට වතුර පුරවා ඇඳ අසල බිම තබන්න. මේ විසඳුම් දෙක ඔයාගෙ නිදන කාමරයේ ආර්ද්‍රතාවය වැඩි කිරීමට උපකාරී වෙනවා.

03. ෆෑන් එක වෙනත් දිශාවකට හරවන්න.

ඔයාට ෆෑන් එක නැතුව නිදාගන්නම බැරි නම්, ඒක වෙනත් දිශාවකට හැරවීමට උත්සාහ කරන්න. එතකොට ඔයාට කෙළින්ම ෆෑන් එකේ හුලඟ එන්නෙ නෑ. ඒ වගේම ඔයාට ෆෑන් එක ජනේලය ලඟින් තියලා බලන්නත් පුලුවන්. එමගින එයට පිටත වාතය අල්ලාගෙන කාමරයට ඇතුළුවීමට උදව් කළ හැකි වෙනවා.

Leave a Reply

Your email address will not be published.