2000 ගණන්වල හැමෝම, ප්‍රසිද්ධ අය පවා අඳින පිස්සු දේවල් 11 ක්

2000 දශකය විලාසිතා ඉතිහාසයේ නරකම කාල පරිච්ඡේදය ලෙස හඳුන්වන්න පුලුවන්. අපි මේ දශකය වැඩි වැඩියෙන් අධ්‍යයනය කරනකොට, එම කාලවල බිහිවුණු ට්‍රෙන්ඩ් නිසා කාන්තාවන්ට හරිම විකාර පෙනුමක් ලැබිලා තියන බව පැහැදිලි වෙනවා.

2000 ගණන්වල නිළියන් අතර පවා බහුලව දකින්න ලැබුණු ආන්දෝලනාත්මක විලාසිතා ට්‍රෙන්ඩ් 11ක් ගැනයි අද අපි ඔයාට විස්තර අරගෙන ආවෙ.

01. ලේස්-අප් කලිසම්

ඇත්තටම, අද තියන සාමාන්‍ය සිපර් එක වෙනුවට ලේස් අදින ලද කලිසම් ඒ කාලෙ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තිබුණා. හැබැයි වේලාවකට පෙර ඒවා J.Lo පවා ඇඳගෙන හිටපු නිසා ඉහළම ඇඳුම් අයිතමයක් ලෙස සලකනු ලැබුවා.

02. ක්ලැසික් වෙස්ට් සහ සිහින් කලිසම්

2000 ගණන්වලදි කෙටි ඇඳුම් කොයිතරම් ජනප්‍රිය වුණාද කියලා මේ ශතවර්ෂයේ පළමු දශකය පුරා ජීවත් වුණු අය හොඳින්ම දන්නවා. ඒවා ටී-ෂර්ට්, කමිස, සහ නිරුවත් සිරුරු මත පවා පළඳින්න මිනිසුන් පුරුදු වෙලා හිටියා. එකල තිබුණු තවත් ආන්දෝලනාත්මක ට්‍රෙන්ඩ් එකක් තමයි මේ සිහින් කලිසම් කියන්නෙ. 2000 දශකයේ අවසානයේ තිබුණු ජීන්ස් වෙනුවට ගොඩාක් සිහින් කලිසම් අඳින්නත් පටන් ගත්තා. 

03. අමුතු ආභරණ
Embed from Getty Images

2000 මුල් දශකයේ උපාංග ගැන වෙනම ලිපියක් ලියන්න පුලුවන්. බහුවර්ණ ප්ලාස්ටික් පබළු, විශාල කරාබු, පිහාටු වගේ විවිධ උපාංග ඇඳුම් සමග පැළඳීමට ඔවුන් පුරුදු වෙලා හිටියා.

04 .ටුටු සායක්

සෙක්ස් ඇන්ඩ් සිටි ටීවී මාලාවේ ප්‍රධාන චරිතය වන කැරී බ්‍රැඩ්ෂෝට ස්තුති වන්නට මේ ටියුලේ සාය එම වසරවල ගොඩාක් ජනප්‍රියබ්වුණා. ටූටස් කොයිතරම් ජනප්‍රිය වුණාද කියන්නෙ, වැඩිහිටි කාන්තාවන් පවා ඒවා පැළඳීමට පුරුදු වුණා.

05. බැගී කලිසම්

පහත් ඉණ සහිත මේ කලිසම් වර්ගය නම් ඇත්තටම විකාරයක්. හැබැයි මීට වසර 10 කට කලින් නම් මේක ඒවා සුපිරි ට්‍රෙන්ඩ් එකක් විදිහට සැලකුවා. ඒ වගේම මේ විලාසිතාවේ කලිසම් අඳින අය ඒ කලිසම ඇඳලා යට කොටස තදින් ගැලපෙන බූට්ලෙග් එකක් සමඟ බූට් සපත්තු තුළට දැමුවා.

06. නූල් බෙල්ට්
Embed from Getty Images

හැම ගැහැණු ළමයෙකුටම 2000 ගණන්වල මුල් භාගයේදී රිවට්, මල් යෙදුම්, සහ වෙනත් සැරසිලි වලින් පිරුණු වූ නූල් බෙල්ට් එකක් තියෙන්න ඇති.

07. බැලූන් ඇඳුම

වාසනාවකට වගේ, යට කොටසක් එහිම සිරවී ඇති ඇඳුම් සහ සායවල් සඳහා වන ට්‍රෙන්ඩ් එක දැන් නෑ. හැබැයි ටික කාලයකට කලින් ඒක ගොඩක් ජනප්‍රිය විලාසිතාවක් වුණා. පැරිස් හිල්ටන්, එම කාලයේ විලාසිතා නිරූපණ අවස්ථාවලට පවා ඒවා ඇඳගෙන හිටියා.

08. මහත බෙල්ට්

එම කාලවල විලාසිතා ලෝලීන් විසින් ගොඩක් ප්‍රිය කරපු තවත් උපාංගයක් තමයි මේ ආකාරයට සැරසිලි කරන ලද ලොකු ගාංචුවක් සහිත බෙල්ට් කියන්නෙ.

09. කෙටි වළලුකර සපත්තු

2000 ගණන්වල හැම ගෞරවනීය විලාසිතා අලෙවිකරුවෙකුටම අඩි උස සපත්තු සහිත කෙටි වළලුකර සපත්තු තිබුණා. Gwyneth Paltrow පවා මේ විලාසිතාව අනුගමනය කලා. මෙම වර්ගයේ පාවහන් කකුලට අපහසු වුණා වගේම කකුලේ දිගත් අඩු කරලා පෙන්වීම නිසා එයින් අමුතු පෙනුමක් ලැබුණා.

10. රැලි සහිත කුඩා සාය

ප්ලීටඩ් කුඩා සාය, ඒ කාලයේ තිබුණු තවත් විකාර ට්‍රෙන්ඩ් එකක් වුණා. ඒවා කොයි තරම් කොටයිද කිව්වොත්, ඇත්තටම ඒක සායක්ද නැත්නම් මහත පටියක්ද කියලා හිතාගන්නත් බැරි වුණා. හැබැයි ජනප්‍රිය පුද්ගලයින් සහ සාමාන්‍ය ගැහැණු ළමයින් කියන දෙපිරිසම මේ විලාසිතාව අනුගමනය කරන්න පෙළඹුණා.

11. ඇසිඩ් වර්ණවල ටයිට්ස්

2000 ගණන්වල ජනප්‍රිය වුණු විවිධ වර්ණවලින් යුත් දීප්තිමත් තද ඇඳුම් ගොඩක් අවස්ථාවලදී සමස්ත පෙනුමට නොගැලපෙන ඒවා වුණා. ඇසිඩ් වර්ණවල ටයිට්ස් නිසා ඇඳුමට කලින් ඇඳුමට කලින් අනිත් අයගෙ අවධානය යොමු වුණේ ටයිට්ස් වලටයි.

Leave a Reply

Your email address will not be published.